..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, January 27, 2013

මගේ තනිකඩකම/ my unbearable solitude

මගේ තනිකඩකම



Taken by Sonduru
@ Weligama Beach
Canon EOS 1100D



දකිනා අසනා සැවොම දුකින්
ඒ ගැන විමසනවා
හිස රදයක් වී නෙතකින් රහසේ
කඳුළක් ගිලිහෙනවා


“ තාමත් ඔහොම ද? “
“ දැන් කාලෙත් හරි “
සිනා මුවින් දොඩලා
වචන හී වලින්
හදවත පතුලට
යාවි තදින් විදලා


මේ නිල් අහසත් කළුවර වී
හිරුත් යාවි බැසලා
සඳ තරු අතරේ සොයමි නුඹේ රුව
නැති දෝ සැඟවී ලා


ලස්සන මල් සොයමින් යන බඹරුන්
ඒ ද මාව දැකලා
සුවඳ දන්න නුඹ අද දුර ඈතයි
ඉනු බැහැ ළං වීලා


තැවෙන දැවෙන සිත නාඬන් රහසේ
තනිකඩකම දැකලා
තනිකඩ කම සොඳුරුයි සරලයි
යමු එහි පා වීලා

11 comments:

  1. thanikama kaalekin nowinda ekek kiyala kinnath amaruine. Athal ekata awada dannne nene

    ReplyDelete
  2. ශඅහ්හ්හ්හ්හ්හ්.. මම මේ කවියට ෆට්ටම කැමතියි!! නියමයි අක්කි!!! ලස්සනයි සිතුවිල්ලයි, පින්තූරෙයි දෙකම.

    ReplyDelete
  3. නමුත් තනිකඩ ජීවිතට ඇති සමාජීය වටිනාකම අවමයි නේද?

    ReplyDelete
  4. තනිකම ඇත්තටම සොඳුරුයි....

    ReplyDelete
  5. මේකනම් පින්තූරෙටම ලිය උන කවි සිතුවමක් නේද සොදුරු අක්කේ..

    ReplyDelete
  6. පින්තූරෙටම ගැලපෙන් කයි පද බැඳිම.. ඉවසපන් පපුව.. සත්තරන්....

    ReplyDelete
  7. සොඳුරු සිතේ ඇතිවුණු දුක්බර සිතිවිල්ලක්. සොඳුරු ඡායාරුවක් එක්කල සොඳුරු කවියකුත් අමුණල...
    ඒත් අනේ සොඳුරු හැමදාම ඇයි දුක හිතෙන දේම ලියන්නේ?

    ඔය කිරිල්ලි ට ඉක්මණට කුරුල්ලෙක් හම්බු වේවි...ඉතින් හම්බු නොවුනත් මොකෝ? තනිකඩ වුනා නැතා, හිතේ සැනසීම තියේ නම්, එච්චරයි. නේද?

    ReplyDelete
  8. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  9. ඈ බං වත්..මට පේන්නෙ උඹ රෑ එලිවෙනකල් නිදිමරාන කයි ලියල පාන්දරම දත් කුට්ටම මදින්නෙ වත් නැතුව අර කැමරා කටුවත් ඇහැට තියාන දොට්ට බහිනව වෙන්ට ඕන කයියට ගැලපෙන පොටෝ අල්ලන්ට...

    එහෙමද නැහ්නං ඕකෙ පරස්පරේද?...දවල් තිස්සෙ නොකා නොබී රට පුරාම පොටෝ අල්ලල රෑ වෙනකොට එනව ඇති ගෙදරට හොර බැලලි වගෙ කයි ලියන්ට බලාගෙන…

    අම්ම දැක්කොත් හැබැයි ඉතිං ………….

    " හැබෑටම මොකක්ද ලමයො මේ නටන නාඩගම?...කොච්චරවත් ඕක බෙල්ලෙ එල්ලගෙන රට පුරා යනව...කන්නෙ බොන්නෙ නෑ නාන්නෙ නෑ..අම්මප වෙලාවක තලනව මම ඕක හොඳවයිං ගල් ගෙඩියක් අහු උනොත්...."

    ReplyDelete
  10. Harima lassanay Sonduru Oyage pinthurath lassanay :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...