..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 6, 2013

පුංචි කුරුල්ලාගේ ප්‍රාර්ථනාව




මේ පින්තූරය මම ගත්තේ මගේ කැනොන් 1100D එකෙන්.කරන්න දෙයක් නැතිම වෙලාවක කැමරාවත් එල්ලන් එළියට බැස්සම ආයෙ ගෙට ගොඩ වෙන වෙලාවක් හරියට කියන්න බැහැ.සමහර වෙලාවට අම්ම ගමටම ඇහෙන්න කෑගහල කතා කරනකම්ම මම ඈතට ගිහින්.



අන්න එහෙම එළියට බැහැපු දවස් කිහිපයක දිම මම මෙයාව දැක්කෙ තනියමමයි. ඉපල් වෙච්චි දෙහි ගහේ නැගල නට්ට උල් කර කර , යටි ගිරියෙන් කෑගහල කෑගහල , අත්තෙන් අත්තට පැනල උඩම අත්තට ගිහින් ටික වෙලාවක් බලාන ඉදල යන්න යනවා. හැමදාමත් වගේ මෙයා මෙතැනට එනව කියල මට හිතුනේ , මම දැකපු හැමදාම වගේ එයා එතන හිටි නිසා.


එයා හිතනව ද දන්නෑ....බැලුවොත් ඇත්තම් මාත් මෙතැන කියලා . . . . . 




මඟ බලාගෙන ඉදන්

පාරටම බර වෙලා


තිබුනු ඇස් දෙක මගේ


අහුල ගත්තා ඉතින්


අමුණ ගන්නට හිටපු


අත්ඇඟිලි ගුලි කරන්


ලයට ගත්තා තුරුළු


හැලෙන හිත තද කරන්


ඊයේ නාවට ඉතින්


එන්න බැරි නම් අදත්


හෙට මටම අමතකයි


වෙච්චි දේවල් අදත්




- මඟ බලලම එපා වෙන්නැති-


මම


සොඳුරු



ප:ලි- පුංචි කුරුල්ලෝ . . .  කාගෙවත් අවධානයට ලක් නොවුනු ඔයා දන්නැතිව ඇති මේ තරම් අවධානයෙන් මම ඔයා දිහා බලනව කියලා. ඒත් අපි දිහා බලන අය ව දකින්න අපට ඇස් නැහැ. අපි හැමදාමත් අපි දිහා නොබලන අය දිහාම බලාන ඉදන් හිත් රිදව ගන්නවා. හෙට මම එළියට බැහැල එද්දි උඹ ඔතැන දකින්න නොහිටියොත් මට දුක හිතේ වි ද? ඒත් මම කැමැති උඹ හෙට ඔතැන ඉන්නෙ නැතිනම්. . . . . .

උඹෙ ප්‍රාර්ථනා ඉටු වේවි පුංචි කුරුල්ලෝ . . . .

19 ප්‍රතිචාර:

Aruni Shapiro said...

ලස්සන පින්තූරේ.

නාඩියා නාඩිරත්න said...

හ්ම්ම්...ලස්සන පින්තූර කතාවක්!

nihalw said...

කිරිල්ලියක් වෙන්න ඇති. අපූරු අදහස... වත්සලා.......

ප්‍රාර්ථනා said...

"ඒත් අපි දිහා බලන අය ව දකින්න අපට ඇස් නැහැ. අපි හැමදාමත් අපි දිහා නොබලන අය දිහාම බලාන ඉදන් හිත් රිදව ගන්නවා."

හිතට වැදුනා මේ ටික නම් හොඳටම... ලස්සන අදහසක් අක්කියෝ...

Timathu ~ ටික්කා said...

Good shot..good one..cheers..

නිසුපා said...

පින්තූරෙ හරිම ලස්සනයි.තරඟෙකට යවන්න වටිනවා. ඒකෙන් ගොතපු කැඉයත් ලස්සනයි.

මාතලන් said...

මේ පින්තුරේ මම බුකියෙත් දැක්කා හරිම ලස්සනයි සහ කලාත්මකයි.. බොහොම විමසිල්ලෙන් ඉන්න බවත් පෙනවා... හරියට සොසී වගේම....

සමනළී said...

පින්තුරෙත් ලස්සනයි.අදහසත් ලස්සනයි :)

ධමිමික ස‍‍දරුවන් said...

එල.ඔක්කොම කියනවා වගේ මටත් කියන්න තියෙන්නනේ ෆො‍ෝ එක ලස්සනයි කියලා තමා

මඩයා said...

මගේ නම් හිත ගියේ ෆොටෝ එකට ඒක මාර සිරා

Naleen Dilruksha said...

හරිම සොඳුරුයි පිංතුරය සොඳුරු

Dinesh said...

පින්තූරෙයි අදහසයි දෙකම ලස්සනයි අක්කේ..

සිත් කවි said...

දනිමී යළිත් නුඹ මා වෙත නොඑන බව
සිතමී සිත සිතා හඩ හඩ තැවෙමී මම
බලමී නෙතු ඇරන් අප ආ මහත් තව
යළිදු නුඹ ‍නැතත් තව මග බලමී මම

හොද නිර්මාණයක්
ලස්සන පොටෝ එකක්

යසිත්ගේ සිතුවිලි said...

//ඔයා දන්නැතිව ඇති මේ තරම් අවධානයෙන් මම ඔයා දිහා බලනව කියලා. ඒත් අපි දිහා බලන අය ව දකින්න අපට ඇස් නැහැ. අපි හැමදාමත් අපි දිහා නොබලන අය දිහාම බලාන ඉදන් හිත් රිදව ගන්නවා//

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

හිච්චි කොලුවා said...

මරු පොටෝ කැල්ල

තිසර said...

1100D එකක් තියනව නං දාමුකෝ බලන්න හොඳ පොටෝ කෑලි ටිකක්...

දේශක යා said...

සොසී පිටිපස්ස බැලුවේ නැත්ද තව එකෙක් ඔය දෙන්නගේම පින්තුර ගත්තද කියලා...

Bindi said...

පින්තුරෙයි අදහසයි දෙකම ලස්සනයි .

Blue Lotus said...

Very, very beautiful. The way the bird poses! Enchanting.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...