..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, January 4, 2013

හිස් කවිය

හිස් කවිය
හිස් කවිය






තරු ද එකින් එක හැර යන

සඳ නැති අහසක් මේ මම

නුඹ ද ඉතින් තව දුර හිද

දෙන්නේ ඇයි දුක් කරදර

සඳ තරු නැති හිස් අහසට

දැනෙනා සිත් තැවුල් නිබඳ

තේරුම් ගන්නට හැකි නම්

නුඹ මිස වෙන නම් කවුරුද


( ඒත් නුඹත් දුරක ගිහින් - දැන් මට ඉන්නේ කවුරුද :( )


Life Sucks

9 ප්‍රතිචාර:

Naleen Dilruksha said...

සහතික ඇත්ත... අපට අවසානයේ අප විතරයි.මට මං විතරයි...කව්රු කොහොම කිව්වත් එහෙම සිතුවිල්ලක් දවසක අපටම එනවා....ලස්සන නිර්මාණය. ආසයි

Amila Prabath Samarakkodi said...

ලස්සනයි...

නාඩියා නාඩිරත්න said...

ඇත්ත...මටනං දැන් life sucks කියලා හොඳට තේරිලා තියෙන්නේ....

Chandi said...

තම හිසට තම අතමය සෙවනැල්ල කීවලු සොඳුරූ.

යසිත්ගේ සිතුවිලි said...

තමන්ට තමන් විතරෝ... අනුන් මත යැපෙන්න තරම් දුර්වල වෙන්න එපා.

සිත් කවි said...

සද තරැ බැස ගිය අහසක
හිරැවත් ඇතිනේ තනියට
ගව් ගාණනින් දුර ඇදුනද
සිත තාමත් ඇති නුඹ ලග
කරදර වුව ඔහු ගෙන එන
සැපතක් නොවුනිද නුඹ සිත
දිනයක හැර යන ලොකේක
තනිකම උරැමයි සැමටම

Gayan Kuruppu said...

අඩේ ඒක නම් මරු

ප්‍රාර්ථනා said...

හරිම ලස්සනයි අක්කෝ..

තිසර said...

ඔය සිත්කවි කියලා තියන අදහස වගේ තමයි මටත් කියන්න ඕනේ උනේ. අපි ලේසියෙන්ම වැඩියෙන්ම අපිට එළිය දෙන, සඳටත් බැබලෙන්න එළිය දෙන හිරු දකින්නේ නෑ. එළිය වැඩි නිසාම හිරු අපි දකින්නේ නෑ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...