..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, December 31, 2012

මගේ අවුරුදු සුබ පැතුම ධනාත්මකයි මටමයි

මගේ අවුරුදු සුබ පැතුම
ධනාත්මකයි
මටමයි



 
 
දින සති මාස ගනනින්
ගතවී අවුරුද්ද
හෙට ලබනවා නොවැ
අලුතින් අවුරුද්ද
 
 
ඒ අවුරුද්ද
ආදරයෙන් පිළිගන්න
ළඟ නැහැ කිසිකෙනෙක්
ඇවිදින් වත් යන්න

මගෙ අවුරුද්ද නුඹ
අරගෙන එන හින්දා
දින සති මාස නවතා
ගනු බැරි හින්දා

අලුතින් එල්ලු
දින දර්ශණයෙත් සැමදා
නොලැබෙන දේට
වෙන් කර යුතු වෙද මන්දා

ගිය අවුරුද්ද මගෙ මතකෙන්
නුඹ ගන්න
එන අවුරුද්ද
මාගෙයි එය මට දෙන්න

දැන් ඇති නුඹ නමින්
හැඬුවා මං ඔන්න
ආදරෙයන් ඉතින්
දැන් මට
සමුදෙන්න...............

෴ සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ මතකයට ෴

Wednesday, December 26, 2012

කතා කරන ඇඟිලි


කතා කරන ඇඟිලි

  

“ කටට වඩා වේගයෙන් ඇඟිලි කතා කරනවා. . . 


කටට වඩා ගොඩාක් වචන ඇඟිලි දන්නවා. . . 

ඇඟලි වලට පිං සිද්ධ වෙන්න . . . . 
 මම ගොඩාක් කතා කරනවා. . . .


කණක් ඇහිලා ඉන්න කැමැති පිරිමි කෙනෙක්ට තවත් මොනා ද සොඳුරු බිරිඳක් තරම් . . . . 


( මේ මං වගේ ...... )
 “




සමහරු කණේ ඇඟිලි ගහගන්නේ , ඇඟිලි වලට වඩා කට කතා කරන්න ගත්තම
 

සමහරු නම් වෙන වෙන තැන් වල ඇඟිලි ගහනවා

 

ඒත් ඔෆිස් යන අය ඇඟිලි ගහන්

නේ ආපු ගමන් ම යි ගෙදර යන ගමන්මයි. . . .
ඔෆිසියට ගොඩ වෙන තැනම තියෙන පෙට්ටියට. 

 

ඔෆීසියේ සම හොරුන්ට නම් ඇඟිල්ල කපල දීලා යන්න හිතෙන වෙලාවල් තියෙනවලු.



ඉස්සර නම් එහෙම කපපු ඇඟිලි එකතු කරල මාලයක් හදාගත්තු අංගුලි මාලි කෙනෙක් හිටියත් . .  



අද ඉන්න ගොඩාක් දෙනා , අනුන්ගෙ හැමදේටම ඇඟිලි ගහන්නේ ඇඟිලි විස්සම (කකුළෙ ඇඟිලිත් එක්කම ) කපන්න හිතන තරම් තරහක් එන විදිහට.


 ඒ වගේ තරහ ආපු වෙලාවට පිහිටට එන ඇඟිල්ල තමයි මැද ඇඟිල්ල. ඇඟිලි පහෙන් නැහැදිච්චම ඇඟිල්ල ඒක වෙන්නෙ කුණුහරුප ඇඟිල්ල ඒක නිසා.


ඇඟිලි දහයම එක වගේ නැහැ වගේම ඇඟිලි දහයම නැතිව වැඩක් හරියට කරන්නත් බැහැ කියනෙක අනුන්ගෙ වැඩ වලට ඇඟිලි ගහන අය දන්නෙ නැතිවැති.

දැන් ඉතින් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බැලුව වගේ , ඇඟිලි වලින් ලීව මේ පොස්ට් එකට ඇඟිලි වලින් අනින්නෙපා.
මොකද ඒක හරියට අඬන්න ඉන්න මනුස්සයට ඇඟිල්ලෙන් ඇන්න වගේ වේවි.



යා කොයි මෙක කීවත් අන්තර්ජාල ගත වන්නන් කාටක් ඇඟිලි හරිම වැදගත්. මොකද කියනව නම් සමහරුන්ගේ පාස් වර්ඩ් එක තියෙන්නෙත් දිව අග නෙමෙයි ඇඟිලි අග්ගිස්සෙ නිසා.

බ්ලොග් ලියන ඔබටත් මටත් තියෙන්නෙ නිකම්ම නිකම් ඇඟිලි නෙමෙයි.  . .


කතා කරන ඇඟිලි



ඒ කතා කරන ඇඟලි වලින් ඇඟිලි ගැන ලියල යන්න ඇඟිලි වලටම ඉඩ දීපු කමෙන්ටු තීරුවකුත් තියෙන බව අමතක කරන්නෙපා.




ගණින්න ඇඟිලි මදි වෙච්චි නිසා
ඇඟිලි ගනිනෙක නවත්තපු
මම
෴ සොඳුරු෴

Monday, December 24, 2012

බඩගිනි ඇස් / Hungry Eyes

 බඩගිනි ඇස් ............



මගෙ ඇස් වලට බඩගිනියි. . . . . . 

මට ඔයැයිව අහුවුනොත් . . . .

ගිලිනව මයෙ ඇස් දෙකෙන්......

හපල රස කර කර ඉන්න වෙලාවක් නැහැ..... 


තේරුනැයි ඔහෙට .. 
 

 පරිස්සමින් ඉන්න හරිය............




බඩගිනි ඇස් වල

අයිතිකාරිය



මම


෴ සොඳුරු සිත ෴

Sunday, December 23, 2012

ප්‍රාර්ථනා

ප්‍රාර්ථනා




ප්‍රාර්ථනා .... ලඟම එන 2013 පිළිගන්න හිතාන පරණ මකුළු දැල් ටික කඩන්න ගත්තා..........අප්පා.........දූවිලි තියෙන තරම් ..... 
 

කටත් ඇරන් , කැප්පෙටියා කොළ බැඳපු ලී දණ්ඩ වහලෙ දිගේ ඇද ගෙන ගියපු ප්‍රාර්ථනා ඇඟිලි අග්ගිස්සෙන් ඉස්සි ඉස්සි උත්සාහ කරත් වහලෙ උස් කොනේම තිබ්බ මකුළුවෙක් අතෑරල දාපු කළු ගැහිච්ච දැකුළු මල කැප්පෙටියා කොළ අගිස්සටවත් දවට ගන්න බැරි වුනා.

 

වට පිට බලලා... දැල් ලිහිල නිසා ලී කෑල්ලක් තියල ඇණ පූට්ටු කරපු පුටවක් උඩට ගොඩ වුනු ප්‍රාර්ථනා ආයෙමත් ඉස්සි ඉස්සි හෙවුවෙම ලණු පොටක් තරම් මහත කළු ගැහුණු මකුළු දැල.......... 


වහලෙ මකුළු දැල් සුද්ද කරන්න ගතපු ප්‍රාර්ථනා.... දැන් කරන්නෙ ඒ වැඩේ නම් නෙමෙයි.

අර කළු ගැහිච්ච මකුළු දැල බොහොම අමාරුවෙන් කැප්පෙටියා දළු අග්ගිස්සෙ දැවටුනාට පස්සේ , ප්‍රාර්ථනාට දැනුනෙ මුළු වහලම සුද්ද කරල ඉවර වුනු තරම් සතුටක්...... 

ලෑලි පුටුවට ගොඩ වෙච්චි එකේ ප්‍රාර්ථනා ගෙ රවුම් ඇස් දෙක, බිත්තියටම හයි වෙන්න හදල තිබ්බ , ලී රාක්කේ උඩම තිබිච්ච දූවිලි පිරුණු ගෝනි මල්ලක් ළඟ නතර වුනේ නිකමට වගේ. 

බාගයකටත් අඩුවෙන් ....කාලකට වඩා ටිකක් වැඩියෙන්...පිරිලා තිබ්බ ගෝනු මල්ල.... ලණු පොටකින් ගැට ගහල තිබ්බා.....


ප්‍රාර්ථනාට ඒ මොකක් ද කියල හරියට හාංකවිස්සියක් නැති නිසා දුවිලි පිරිච්චි ගෝනු මල්ල ට අත දික් කරේ , අනිත් අතේ තිබ්බ කැප්පෙටියා කො

ළ බැදපු මකුළත කෝට්ට බිත්තියට හිටවන ගමන්................

ප්‍රාර්ථනා ලී පුටුවෙන් බිමට බැස්සේ , දූවිලි පිරිච්ච ගෝනි මල්ල පපුට තුරුලු කරන්.

මල්ල ලිහල බලනකම් ප්‍රාර්ථනාට ඉස්පාසුවක් නැති වුනා.


මොනා ද ඇතුලෙ ඇත්තෙ ? කවුද මේක මෙතැනට ගෙනාවේ . . . . ගෝනිය ගැට ගහපු ලණු පොට ලිහන ගමන් ප්‍රාර්ථනා කල්පනා කළා.

ගෝනිය තරමටම ලණු පොටත් පරණ වෙලා තිබ්බා . . . .  දූවිලි රැදිලා දිරල ගිහින් තිබ්බත් . . . රැදිච්ච දූවිලි නිසා ලණු පොට තදින් ගෝනියට සවි වෙලා තිබ්බා.

ලණු පොට යන්තමින් ලිහා ගත්තත් . . . .  ගෝනි මල්ල දිගාරින්න ප්‍රාර්ථනා බය වුනා. සර්පයෝ . . . . විෂකුරු සත්තු . . . .  මීයෝ ...කරපොත්තො ...හූනෝ . . . . මොන සත්තු රිංගල ද කියල කවුද දන්නේ. . . . . .

කට බාගෙට ඇරිච්ච ගෝනි මල්ල ලඟින් ටිකක් ඈතට ගියපු ප්‍රාර්ථනා , මකුළු දැල් කඩ කඩ හිටපු මකුළත කෝට්ට අරන් ගෝනි මල්ලෙ කට තව ටිකක් ලිහිල් කළා. . . . . .

ඇරුනු කටින් ඉස්සරෝම එළියට ආවේ . . . . . .  ප්‍රාර්ථනා ටිකක් විතර දැකල පුරුදු කෙනෙක්.

වකුටු වෙච්චි ශරීර කූඩුව දිගෑරගෙන , බය වෙලා බලාන හිටපු ප්‍රාර්ථනා ළඟට කිට්ටු වෙච්චි ඒ කෙනා ප්‍රාර්ථනා ගෙ කණට කරල මෙහෙම කීවා.

“ මම ඔයාගේ තවත් ඉටු නොවුනු ප්‍රාර්ථනාවක් . . . . අපරාදේ මාව මේක ඇතුලෙ අවුරුද්දට දවස් දෙකතුනක් අඩුවෙන් හිරකරල තිබ්බේ. . . . “

ඊට පස්සේ . . . . අර ගෝනි මල්ලෙන් . . . . තවත් ප්‍රාර්ථනා ගොඩාක් එකින් එක එළියට ඇවිත් නොපෙනී ගියා . . . . .

කට ඇරන් ,ඇස් දල්න් ඒ දිහා බලාන හිටපු ප්‍රාර්ථනා . . . .හිස් වෙච්චි ගෝනි මල්ල අරන් හොඳට ගසල අරන් තිබ්බෙ ඇයි කියල නම් මගෙන් අහන්නෙපා ඕං . . ... . .

Saturday, December 22, 2012

ආදර පනිට්ටුව

ආදර පනිට්ටුව


“ ඔයාගේ ඇස් වල ආදරේ උතුරන්න පිරිලා “

“ ඒ වෙලාවට ටක් ගාලා ,ඔයාගේ පනිට්ටුවෙන් ආදරය ටිකක් අරන් තියා ගන්න “

“ ඒ ඇයි .........?“

“ සමහර වෙලාවට , මගෙ ඇස් වේලෙනවා.... අඬන්නවත් කඳුළක් නැතිව. මම නපුරු වුනු ඒ වෙලාවට ,ඔයාට පුළුවන් අර ආදර පනිට්ටුවෙන් මගේ ඇස් පුරවන්න “
 
 

Thursday, December 20, 2012

කවිය

තරු කැට අතර - ලියවුනු කවිය

 

හුදකලා කිවිඳිය
ඇය
අහසෙ තරු කැට අතරේ
ලියූ කවි
කියවන්න සබඳේ .....

වසා එකැසැක් (එක ඇසක්)
තරුව තව තරු යා කර
දබර ඟිලි තුඩඟින්
මැවූ රූපය
ඔබේ වාගෙද

පාළු අහසේ
විසිරි තරු කැට යායේ
නුඹව සොයනා
මම
සොඳුරු සිත



Friday, December 14, 2012

ඇය හරියටම හයට ගෙදර ගියා ය .

ඇය හරියටම හයට ගෙදර ගියා ය .






දකුණතින් ලයට තුරුළු කර ගත් පොත් මිටිය තව තවත් ලයට තබා තෙරපා ගත් ඇය වමතින් ඔහුගේ ඇඟලි තුඩු මිරිකා තද කර ගත්තී දෑස් වහා බිමට යොමු කළාය.


ඇගේ හදවතේ වැඩි වුනු ගැස්ම ඔහුට ද දැනුන බව ඇය වටහා ගත්ත ද දෙනුවත් ඔසවා ඔහු දෙස බැලීමට තරම් කාරුණික නොවූවාය.


“ අපි ඉක්මනට යමු අනේ “



ඇසෙන නෑසෙන ගාණට ඇය කීවාය.



ඔහුගේ ද සිත තුල වූයේ චකිතයක් වූවත් ඒ බවක් පිටට නොපෙන්වා සිටීමට ඔහු තද බල උත්සාහයක නිරත විය. අනුන්ගේ ගමක ,නම නොදන්නා පාළු පාරක ඇය හා ඇවිදන් යාම මින් හෝරාවකට පමණ පෙර තමන්ට කොතරම් නම් ප්‍රීතියක් අත් කර දුන්නා දැයි සිතෙත් ම ආ ගමන “මෝඩ ගමනකැයි “ ඇය කියූ දේ බැහැර කරන්නට ඔහුට වෙනත් තර්ක උවමනා නොවීය.

නමුත් . . . . . 




හතර වටින් වැටී ගෙන සැදෑ අඳුරේ ඝනකම වැඩි වන්නේත්,ඒ බව දෙදෙනාටම හඳුනා ගත නොහැකි තරමට ප්‍රේම සයුරේ ගිලී සිටියේ ත් දෙදෙනාගේම අවාසනාවට වන්නට ඇත.


සති අන්ත පන්තියේ දී හමුවන ඇය හා පෙම් වදන් හුවමාරු කර ගැනීමට වාසනාවක් ඔහුට ලැබුනේ කෙතරම් නම් පෙරුම් පිරී පසු ද. 


සැමදාම සති අන්තය පැමිණෙන තෙක් ඇයත් ඔහුත් නොසන්සුන්ව සිටියත් . . .සති අන්ත පන්තියේ දී කාටත් හොරා දෑසින් පොවා ගත් පෙම් මදිරා පමණක් නොසෑහෙන බව දෙදෙනාටම වැටහුන ද, දෙදෙනාට නිදහසේ හමුවීමට හැකියාවක් මෙතෙක් කල් නොතිබුණි.


එක් දිනක පන්තියේ විවේක වේලාවේදී ජල කරාමය ළඟ දී හමුවු ඔවුන් දෙදෙනාගේ කෙටි සංවාදය අවසන් වූයේ දෙදෙනාම ඒකමතිකව තීරණයකට එළඹීයයි කිව නොහැක. ඇය අදිමදි කළත් ඇය ද අවසානයේ එකඟ වූවාය.


‘ එහෙනම් ලබන සතියේ උදේම එන්න “


ලබන සතිය එලැඹිනි.ඇය ඔහුටත් කලින් බස් නැවතුමට පැමිණ සිටි වග ඔහු දුර දීම දුටුවේ ය.


“ දැන් කොහෙ ද යන්නේ ? “



“ අපි යමු . . . ම් ම් ම් .. . . . “


“ මොනාද අනේ මෙතැන ඉන්න බැහැ.ඉක්මනට යමු.තව ටිහකින් කට්ටිය පිරුණම අඳුරන අයත් ඒවි 



“ අපි යමු රූම් එහෙකට “



“ රූම් . . . . . . “ අල්ලා ගෙන සිටි ඔහුගේ සුරත අතැහැරි ඇය දෑස් විසල් කර ඔහු දෙස බැලුවාය.


“ ඇයි බැරි ද? “



“ අනේ මට බැහැ.අනික . . .අපි තවමත් හරියට කතා කරළවත් නැහැ. මට ඕනි ඔයාත් එක්ක දවසම කතා කර කර ඉන්න.අත් අල්ලන් ඇවිදින්න “


“ හ්ම් . . .ඉතින් ඒක තමයි. රූම් එහෙකට ගියාට.ඔයාට මගෙන් කරදරයක් වෙන්නෑ ළමයෝ “



“ බැහැ බැහැ . . මට බැහැ. මම යනවා පන්තියට යන්න “



“ එපා එපා යන්නෙපා. . . .එන්න අපි මේ බස් එකේ නගිමු “



හැරී යන්නට ගිය ඇගේ සුරතින් ඇද ගනිමින් , ඔවුන් පසු කර යමින් සිටි බසයට දඩි බිඩියේ නැඟ ගත් ඔහුගේ සිතේ කිසිදු ආකාරයක සැලැස්මක් නොතිබුන ද , ඔහුගේ ක්‍රියාකලාපයට ක්ෂණිකව එකඟ වූ ඇය . . ඒ වන විට ද හිස්ව තිබූ බස් රථයේ පෙම් මුල්ලට ගොස් වාඩි වූයේ ඔහු දෙස අනුරාගය මුසු බැල්මක් ද හෙලමිනි.



ඇය “ අපි කොහෙද යන්නේ අනේ “ යි ඇසු වේ නැත. ඔහු ද තමන් දෙදෙනා කොහේ යනවාදැයි දැන සිටියේ ද නැත. බස් රථය දිගටම ගමන් කරන්නට විය. දන්නා දේස සීමා පසුකරමින් ඉදිරියටම බසය ගමන් කරන්නට විය.



නොදන්නා මිනිසුන් අතර තනිවුනු බව හැඟෙත්ම ඔවුන්ගේ ලෝකයේ මෙතෙක් තිබූ සීමාවන් එකිනෙක ලිහිල් වන්නට විය.



“ ටිකට් ගන්න . . .ටිකට්  . . . .“




“ දෙන්නයි . . . “ සාක්කුවෙන් ඇඳ ගත් රුපියල් සියයේ නෝට්ටුව එළියට ඇඳ ගත් ඔහු කිසිවකු නොවිමසාම දිගු කළේ . . . තරමක කේන්තියක් ද සමඟිනි.



කොන්දොස්තර කිසිවක් නොවිමසු අතර . . .රු.50 ටිකට් පත් දෙකක් ලියා දී බසයේ ඉදිරියට යන්නට විය.



බසය අවසන් නැවතුමේ නතර කරන විට ඔවුන් දෙදෙනාගේ ලෝකයේ මල් පිපී සුවඳ හමමින් තිබුණි.



අවසන් නැවතුමේ අවසානයටම බසයෙන් බැස ගත් ඔවුන් දෙදෙනා තමන් සිටිනා ඉසව්ව ගැන කිසිත් නොදැන නමුදු සිදුවූ දේ ගැන කිසිම විටෙක පශ්චාත්තාප නොවී ය.






නොදන්නා නුවරක වීදි දිගේ අත් පටලන් ඇවිදන් යාම හදිසියේම අහවර වූයේ ඇගේ කටහඬිනි.


“ මට ගෙදර යන්නෝනි “



“ වෙලාව කීය ද? “



“ පහට කාලයි “



“ මොනවා  . . . “



“ ඔවු. .හය වෙන කොට ගෙදර ඉන්නෝනි.නැතිනම් අයියා ඒවි හොයන්න . ඇත්තටම අපි කොහෙද මේ ඉන්නේ “



“ මා ළඟ සල්ලිත් නැහැ. අරූ රූපියල් සීයම අරන් “


“ මා ළඟ තියේ හැටක්  .  . .  අපරාදේ අපි අයිස් ක්‍රීම් කෑවෙන තිබ්බ සල්ලි වලින් “



දෙදෙනා ආපසු බසයකට නැගුන ද නියමිත මුදලින් එහාට යෑමට නොහැකි වූයේ අවාසනාවන්ත ලෙස ටික්කන්ගේ ආගමනයට ඒ බසය ගොදුරු වු නිසාය.


දෙදෙනා එක්ව පයින් යාමට අරන් දැන් බොහෝ වේලාවකි. කොතරම් දුරක් යෑමට ඇත්දැයි දෙදෙනාම නොදැන සිටි නමුදු පාරේ ඉදිරියටම අත්පටලාන ඔවුහු ගමන් කළෝය.


හිටි වනම ගමන බාල වූයේ පාළු පාරේ ඉදිරියෙන් වූ බෝක්කුව මත සිටි අයිආර්සී කොලු රැල නිසාය. නව යොවින් වියේ පෙම්වතුන් යුවලක්..... නොදන්නා දෙදෙනෙක්. දුර සිටම ඔවුන් තමන් දෙදෙනා දෙස බලමින් යමක් කතා කරන අයුරු ද හයියෙන් සිනා සෙන අයුරු ද ඇසේ.


පා පැටලේ. . . “ මෝඩ ගමනක් ආවේ “ දැන් ඔහුට ද එසේ සිතේ.



“ මොනා කීවත් අපි ගණන් නොගෙන යන් හරිද  “ ඔහුගේ අත තදින් මිරිකමින් ඇය කීවාය.


බෝක්කුවට තව අඩි කිහිපයකි. සිතට දිරි ගත් ඔවුන් දෙදෙනා පය ඉක්මන් කරන්නට විය.


“ අඩෝ ව් . . . . . “


ගමන තවත් වේගවත් විය. . .


“ මේ අඩෝ . . . ප්‍රසන්නයා “



කටහඬ පසු පසින්ම ඇසෙන්නට විය.ඔහු නැවතී ආපසු හැරී බලත්ම. ඔහු පසු පසින් පැමිණ සිටියේ ඔහු යන්තමින් හඳුනන  මිතුරෙකි.


“ කොහෙද මචන් මේ . . .  කිරිල්ලියෙකුත් එක්ක “


ඉන් පසු සිදු වූ දෙය විස්තර කිරීම අනුවන ක්‍රියාවෙකයි මට සිතේ. මෙපමණක් පමණක් පැවසිය යුතුමය.


ඇය හරියටම හයට ගෙදර ගියා ය.

Tuesday, December 11, 2012

සුභ පැතුමක් සහ ලියුමක්

බිරිඳගේ ලිපිය

මෙතනින් ගිහින් ස්වාමියාගේ ලිපිය බලන්න . . . . . . 



මතක ඇතිව ඒ බ්ලොග්කරුගේ 150 වෙනි පෝස්ටුවට සුබ පැතුමකුත් එකතු කරන්න. . . .





මෙන්න පිළිතුරු ලිපිය . . . . . . . .




මගේම ආදරණිය ස්වාමිපුරුශයා වෙත ලියමි,



ලිපියේ ඉහත ඔබ ලියා ඇති දේ පිළිගන්නා අතර ප:ලි කොටසට 

පිළිතුරු සැපැයීම භාර්යාව වන මාගේ වගකීම බැව් සිතෙනා නිසා 

මෙලෙස සටහන් කරමි.



මාගේ ඉල්ලීම් දිනා ගැනීමට සහ යමක් ඔබ සමඟින් කතා කිරීමට

ඔබ හා තනිවිය හැකි වෙනත් අවස්ථාවක් ඇති නම් ඒ බව


පවසන්න. ඔබ අල්ලා ගත හැකි එකම ස්ථානය ඇඳ නොවේද?



සැකයක් ඇති වූ විගසින් එය විමසීමට යාමේදී ඔබට සෑම විටම

රාජකාරි බහුලය. ඇත්තටම ඔයා අල්ලපු ගෙදර සීතා ඔෆිස් යන

වෙලාව බලල ඒ වෙලාවටම එළියට බහින්නෙ ඇයි?


අනිත් චෝදනාව , වහලෙ උළු ගනින්නෙ ඔයාට හැමදාමත් ඕනි 

ඔයාගේ සතුටම විතරක් නිසා. ගැහැණියකට සතුට කියන්නේ 

පිරිමියා ඇඟ මත නැඟල කරන දේ විතරද ? 



ගෑණියකට කොච්චර ප්‍රශ්ණ තිය ද? උදේ පාන්දර නැගිටල ඔයාට

ඔෆිස් ගෙනියන්න බත් ගෙඩියට අඩු වැඩිය උයන කොට ,ඇයි 

ඔයාට බැරි මා ළඟට වෙලා ලූණු ගෙඩියක් කපල දෙන්න,පොල් 

ටිකක් ගාලා දෙන්න.අඩුම තරමින් ළඟින් ඉදන් කරන වැඩ දිහා 

බලා ඉන්න. උදේ ඉදන් රෑ වෙනකම් මම පුක කැඩිච්ච කඩිය වගේ 

වැඩ කරද්දි. ඔයා උදේ පාන්දර වෙනකම් පස්ස උඩාදාගෙන 

නිදියල , රෑ වෙලා ආපු ගමන් ඇඳට වැටෙනවා.... හා නැද්ද ? මං 

කියන්නේ බොරු ද?



කුස්සියෙ වැඩත් ඉවර කරලා,ඔයාගේ අම්මගෙ අදෝනාත් අහන්

ඉදල දරුවන්ගෙ වැඩත් ඉවර කරල මම ඇඳට එන්නෙ ඔයාටත්

පස්සේ නේද ?


බැලුම් බෝලේ මැදින් එල්ලපු නූල,අනේ මගෙ කට.

තමුන්ගෙ දේවල් තමුන්ටම නොපෙනෙන්න කලගෙඩියක් වගේ ආපු 

ඔයැයිගෙ බඩ ඔයැයිට පේන්නෙ නැද්ද.එහෙම උනයි කියලා මයෙ 

ආදරේ අඩු වෙලා අර එහා ගෙදර සීතාගේ මල්ලි සික්ස් පැක් ආපු 

හාදයත් එක්ක මම යනවද නෑනේ.


ලස්සනට අඳින්න ,ඔයා මට අලුත් ඇඳුමක් අරන් දීපු කාලයක්

මතක් කරල බලන්න.ඉස්සර මම ලස්සනට ඇන්දේ ඔයා අරන් දීපු

ඇඳුම් නෙමෙයි ද? උදෙ ඉඳන් රෑ වෙනකම් ගේ අස්සෙ ලැග ගෙන

ඉන්න මට ඇඳුම් ගන්න කෝ සල්ලි...කෝ වෙලාවක්.

ඔයා වගෙම මටත් හැඟීම් දැනීම් තියෙනවා.මට දේවල් ඕනි වුනු

දවසට ඔයා අනිත් පැත්ත හැරිල ගොරෝ ගොරෝ නිදි.එහෙම

නැතිනම් මම එනකොට ඔයා උදේම යන්න ඕනි කියලා වේලාසන

නිදි.



මේ හැමදේම මැද්දේ අපේ දරුවො ටික දුකක් නොදී හදන්න ඔයා 

මහන්සි වෙනවා කියල මම දන්නවා.තාමත් මම ඉස්සර වගේම

ඔයැයිට ආදරේ බව මතක තියා ගන්න. 



මෙයට ඔබේ

ආදරණිය

භාර්යාව


ප:ලි:- ඒක නෙමෙයි ඇත්තටම මොකද ඔයා සීතා අඳින හැටි ගැන

ඔච්චර උනන්දු.

Sunday, December 9, 2012

ඉස්සර වගේ නැහැ දැන් ලියැවෙන්නේ

ඉස්සර වගෙ නැහැ - දැන් ලියැවෙන්නේ 

 

තවම හිස් කොළය
අරන් දැන් බොහො වෙලයි
වෙනදාට නම් ඉතින්
කොළය මත තටු ගසන
වචන සිත්තම් ගොඩය
............................

ලියන්නට හැඟුම් දහසක්
රැස් කකා හිත ළඟ
පෑන් තුඩ අගින්
එල්ලෙන වචන
දරු ප්‍රසූතිය තරම්
අමාරුවෙන්
පෑනෙන් කොළයට
............................

ඇතත් දහසක් දේ ලියනට
ඇතත් කොළ දහසක්...
පෑන් තුඩු දහසක්
ලියන්නට හිඳ ගත් සද
ගොළු වෙලා ඇයි මේ මම
“ මට ආදරේ නැතිව ද නුඹ “


Tuesday, December 4, 2012

ලෝක විනාසෙට පෙර ලියමි /Before The Total Blackout


මගේම ආදරණීය බීට ලියමි.

ඉතින් ඔයැයිට කොහොම ද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ඔයැයි දන්නවැයි. ලෝක විනාසෙට
තව දවස් කීයෙයි? ඒත් ඔයැයිට බැහැ ඒ ටික දවසෙ වත් මා බලන්න එන්න.

ඔයැයි දන්නවැයි . . . . . ලෝක විනාශය තක්කෙටම වෙනවැයි කියලා.දවස් දෙකක් ඉර පායන්නෙ නැතෙයි කියන්නේ.දෙසැම්බර් ස්කෝලෙ නිවාඩුව ලැබුනත් ගෙදරින් එළියට බහින්නෙපැයි කියලැයි සමහරු නම් කියන්නේ.

කතාව ඇත්ත වෙන්නැති මෙයා. සුනාමියත් ආවේ දෙසැම්බර් මාසෙකනෙ.

හ්ම්. . . . . ඇත්තටම ලෝක විනාසය ඔය කියන දිනයට වෙනව නම් ඔයැයි මොනවැයි කරන්න කැමැති. චී චී . . . .ඔයැයිගෙ හිතේ ඕකමයි අනේ තියෙන්නේ. මං අහන්නෙ ඇත්තටම ඔයැයි මක්කෙයි කරන්න හිතාන ඉදල කරන්න බැරි වුන දේවල්.

මනේන මයෙ ලිස්ට් එක. . . . ඇහැක් නම් ලෝක විනාසයට කලින් මේ දේවල් කරන්න මට උදව් වෙන්න.


මුළු ලෝකෙන් සැඟවිලා
නුඹ හා නිති තනි වීලා
පෙම් සුව ආදර හැඟුමන්
බෙදා ගන්න ආසයි
ආදරයේ තරම ඔබට
කියා දෙන්න ආසයි

දහසක් සුවහස් නෙතු කොන්
බලා හිදින වීදි කොණක
ලෝකෙ දිගම හාදුව මට
නුඹට දෙන්න ආසයි
ආදරයේ තරම නුඹට
කියා දෙන්න ආසයි

නුඹ යන්නට කතා කරපු
මම තරහින් බැහැ කියාපු
අඳුරු ගුහා වීදි දිගේ
පියඹන්නට ආසයි
නුඹෙ ලෝකේ මට හිමි තැන
දැන ගන්නට ආසයි

ලොකු හොඳ ලේබල් ඇලවූ
නුඹ වෙනදට බී සැනැහෙන
බෝතලයක් නුඹත් එක්ක
බෙදා ගන්න ආසයි
ඇති පදමට නුඹත් එක්ක
වෙරි වෙන්නට ආසයි

මත් පැන් දුම් වැටි අතරේ
නුඹ තනිවී නිති සැනසුන
අරුම මටත් විඳ ගන්නට
නුඹත් එක්ක ආසයි

ලෝක විනාසය නම් හෙට
ආදරයේ පරම සැපත
නුඹත් එක්ක සීමාවක්
නැතිව ඉන්න ආසයි
ජීවිතයේ අන්තිම පොද
ආදරයෙන් පාට කරන්
සතුටින් මියැදෙන්නට මට
හැමදාමත් ආසයි

වසර ගණනාවක් . . . . . ජීවත් වෙනවට වඩා , හෙට ලෝක විනාශය නම් අද ඔයාත් එක්ක ගත කරන කිසිම තහනමක් නැති ඒ එකමෙක දවස ජීවිතයේ සුන්දරම දවස වේවි.

ජීවිතය විඳින්න . . . . . .


හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්.............................


ලෝක විනාශය ඉක්මනින්ම එලඹේවායි පතන

මම

 ෴සොඳුරු

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...