..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, December 20, 2012

කවිය

තරු කැට අතර - ලියවුනු කවිය

 

හුදකලා කිවිඳිය
ඇය
අහසෙ තරු කැට අතරේ
ලියූ කවි
කියවන්න සබඳේ .....

වසා එකැසැක් (එක ඇසක්)
තරුව තව තරු යා කර
දබර ඟිලි තුඩඟින්
මැවූ රූපය
ඔබේ වාගෙද

පාළු අහසේ
විසිරි තරු කැට යායේ
නුඹව සොයනා
මම
සොඳුරු සිත



6 ප්‍රතිචාර:

තිසර said...

ඔබගේ බ්ලොගයේ නමින් ඇති ඉංග්‍රීසි චිත්‍රපටයේ තියනවා... මේ දෙවෙනි පැදියෙන් විස්තර කරන ආකාරයේ දර්ශනයක්.

දේශකයා said...

කාටද මිහිරියේ මේ කවිවැල්

පරිකල්පන said...

@තිසර
මටත් මතක් උනේ ඕකමයි

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි තිසර, ස්තූතියි දේශකයා....ඒ වගේම පරිකල්පනටත්..

ඔන්න මම "A Beautiful Mind " චිත්‍රපටයේ රූප රාමුවක්ම දාලා පින්තූරය වෙනස් කළා. ස්තූතියි ඒ අවස්ථාව මතකයට එක් කරාට...

චිත්‍රපටයේ ඒ අවස්ථාව තරම් නම් මගේ කවිය ලස්සන නැහැ....

යසිත්ගේ සිතුවිලි said...

ඉතිං හම්බ උනාද ?

dreams said...

ඔයා ලියන ඒවා කෙටි උනාට ගොඩක් ලස්සන අදහස් තියනවා..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...