..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, December 31, 2012

මගේ අවුරුදු සුබ පැතුම ධනාත්මකයි මටමයි

මගේ අවුරුදු සුබ පැතුම
ධනාත්මකයි
මටමයි



 
 
දින සති මාස ගනනින්
ගතවී අවුරුද්ද
හෙට ලබනවා නොවැ
අලුතින් අවුරුද්ද
 
 
ඒ අවුරුද්ද
ආදරයෙන් පිළිගන්න
ළඟ නැහැ කිසිකෙනෙක්
ඇවිදින් වත් යන්න

මගෙ අවුරුද්ද නුඹ
අරගෙන එන හින්දා
දින සති මාස නවතා
ගනු බැරි හින්දා

අලුතින් එල්ලු
දින දර්ශණයෙත් සැමදා
නොලැබෙන දේට
වෙන් කර යුතු වෙද මන්දා

ගිය අවුරුද්ද මගෙ මතකෙන්
නුඹ ගන්න
එන අවුරුද්ද
මාගෙයි එය මට දෙන්න

දැන් ඇති නුඹ නමින්
හැඬුවා මං ඔන්න
ආදරෙයන් ඉතින්
දැන් මට
සමුදෙන්න...............

෴ සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ මතකයට ෴

20 ප්‍රතිචාර:

Naleen Dilruksha said...

හිතට සතුට දනවන නව වසරක් උදාවේවා ඔබට.....

Kathandara Karaya said...

ඊයෙට වඩා හෙට හොඳ වේවා!

වෙද ගෙදර මහ වෙදනා said...

හැමදාම එක වගේ නැහැ. සුභ නව වසරක් වේවා!!!

අයිරාවන said...

සුභ නව වසරක් වේවා

Ravi said...

අන්න එහෙමනෙ ඉන්න ඕන....ධනාත්මකයි! මටමයි!!

සුබ නව වසරක් වත්!

තරු said...

දවස තාමත් තරුණයි නංගි...

සචිත් said...

වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

යසිත්ගේ සිතුවිලි said...

අලූත් බලාපොරොත්තු පූදින - ඒවා ඉටුවන සුභ නව වසරක් වේවා!

මාතලන් said...

සුභම සුභ නව වසරක් වේවා....!!!

සියළු පැතුම් ඉටු වේවා....!!!

Sumith Niriella said...

සියලු බලාපොරොත්තු ඒ හැටියෙන්ම ඉටුවෙන සුබ නව වසරක් වේවා...!

හිච්චි කොලුවා said...

අක්කගේ බ්ලොගත් දිනෙන් දිනම වැජඹේවා
තවත් හොදින් ලියන්නටත් හැකිවේවා
එලඹුණු නවවසර ඔබ හට සුභ වේවා
සැමියෙකුගේ අත ගන්නට හැකිවේවා !!!

වර්ෂා said...

සොදුරු සිතේ සොදුරුම ලිපිය මෙයයි මට නම්...!
ජය වේවා!ර්‍

තිසර said...

සුභ නව වසරක් වේවා!!!

Kathandara Karaya said...

දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

දේශක යා said...

මතකය අවුරුදු සැමරුම් වල නිරත වෙද්දී ගතට හා සොදුරු සිතට හොද අළුත් අවුරුද්දක් වේවා.

Anonymous said...

suba aluth awruddak weva

අඩවි රජ said...

හැපි 2013ක් ඈ....

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

හූනා .. said...

හැර ගියා වසරක්..
එක් වුනා මතකයක්..
ඇවිදිල්ල තව එකක්..
අරන් පැතුමන් ගොඩක්..

ලබන දෙසැම්බර අගට..
ආයෙමත් මේවගේ..
එක්වේවි මතකයන්..
දැන් ඉතින් සැරසියන්..

ඔං කිව්වා ඉතින් ..
හනික ගෙන මල්ලක්..
රැස් කරන් විගහනින්..
සොදුරු මතකයන් ගොඩක්..

ඔං මං කිව්වා...

ඒ මල්ල පිරේවා
පිරි ඉතිරේවා
සුන්දරම වේවා
ජයෙන් ජය වේවා!

Ayilas A said...

අද තමයි මෙහෙට ගොඩ උනේ. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

Nirmala Madushani said...

ඔබට සුභ නව වසරක් වේවා.....!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...