..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 26, 2012

කතා කරන ඇඟිලි


කතා කරන ඇඟිලි

  

“ කටට වඩා වේගයෙන් ඇඟිලි කතා කරනවා. . . 


කටට වඩා ගොඩාක් වචන ඇඟිලි දන්නවා. . . 

ඇඟලි වලට පිං සිද්ධ වෙන්න . . . . 
 මම ගොඩාක් කතා කරනවා. . . .


කණක් ඇහිලා ඉන්න කැමැති පිරිමි කෙනෙක්ට තවත් මොනා ද සොඳුරු බිරිඳක් තරම් . . . . 


( මේ මං වගේ ...... )
 “




සමහරු කණේ ඇඟිලි ගහගන්නේ , ඇඟිලි වලට වඩා කට කතා කරන්න ගත්තම
 

සමහරු නම් වෙන වෙන තැන් වල ඇඟිලි ගහනවා

 

ඒත් ඔෆිස් යන අය ඇඟිලි ගහන්

නේ ආපු ගමන් ම යි ගෙදර යන ගමන්මයි. . . .
ඔෆිසියට ගොඩ වෙන තැනම තියෙන පෙට්ටියට. 

 

ඔෆීසියේ සම හොරුන්ට නම් ඇඟිල්ල කපල දීලා යන්න හිතෙන වෙලාවල් තියෙනවලු.



ඉස්සර නම් එහෙම කපපු ඇඟිලි එකතු කරල මාලයක් හදාගත්තු අංගුලි මාලි කෙනෙක් හිටියත් . .  



අද ඉන්න ගොඩාක් දෙනා , අනුන්ගෙ හැමදේටම ඇඟිලි ගහන්නේ ඇඟිලි විස්සම (කකුළෙ ඇඟිලිත් එක්කම ) කපන්න හිතන තරම් තරහක් එන විදිහට.


 ඒ වගේ තරහ ආපු වෙලාවට පිහිටට එන ඇඟිල්ල තමයි මැද ඇඟිල්ල. ඇඟිලි පහෙන් නැහැදිච්චම ඇඟිල්ල ඒක වෙන්නෙ කුණුහරුප ඇඟිල්ල ඒක නිසා.


ඇඟිලි දහයම එක වගේ නැහැ වගේම ඇඟිලි දහයම නැතිව වැඩක් හරියට කරන්නත් බැහැ කියනෙක අනුන්ගෙ වැඩ වලට ඇඟිලි ගහන අය දන්නෙ නැතිවැති.

දැන් ඉතින් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බැලුව වගේ , ඇඟිලි වලින් ලීව මේ පොස්ට් එකට ඇඟිලි වලින් අනින්නෙපා.
මොකද ඒක හරියට අඬන්න ඉන්න මනුස්සයට ඇඟිල්ලෙන් ඇන්න වගේ වේවි.



යා කොයි මෙක කීවත් අන්තර්ජාල ගත වන්නන් කාටක් ඇඟිලි හරිම වැදගත්. මොකද කියනව නම් සමහරුන්ගේ පාස් වර්ඩ් එක තියෙන්නෙත් දිව අග නෙමෙයි ඇඟිලි අග්ගිස්සෙ නිසා.

බ්ලොග් ලියන ඔබටත් මටත් තියෙන්නෙ නිකම්ම නිකම් ඇඟිලි නෙමෙයි.  . .


කතා කරන ඇඟිලි



ඒ කතා කරන ඇඟලි වලින් ඇඟිලි ගැන ලියල යන්න ඇඟිලි වලටම ඉඩ දීපු කමෙන්ටු තීරුවකුත් තියෙන බව අමතක කරන්නෙපා.




ගණින්න ඇඟිලි මදි වෙච්චි නිසා
ඇඟිලි ගනිනෙක නවත්තපු
මම
෴ සොඳුරු෴

20 ප්‍රතිචාර:

හූනා .. said...

හහ් එළ ... කතාකරන ඇගිලි වලින් ඔන්න කතාකලා එහෙනම් ඇගිල්ලක් ගහන්න ඉඩ නැතිවෙන්න කලියෙන් ඈ.. අයෙ කොමෙන්ටු කරන්න ඇගිල්ලෙන් අනිනකන් ඉන්න ඕන නෑනෙ.. දිගටම කතා කරන්න ඇගිලි වලට යොධ බල යෝද ශක්තිය ලැලෙන්ට ඕන...

Damith Sriyantha said...

agili maara watinawane...
Agili nati unoth godak padui..

Samahara than wala godak welaawata agillak gahanna idak naa..
Samahara un nam agilla kesewethath wena wena ewuwanam eweleta gahanawalu..

Katha wade...

Postuwa niyamai..
Agiliwala age hodatama therum giya..

Jayama wewa !!!

යසිත්ගේ සිතුවිලි said...

// අංගුලි මාලි // මොකක්ද අක්කෙ මේ Female වර්ෂන් එකක්ද ? හික්ස්..

ඇඟිළිවලට වඩා කතා කරන්න පුළුවන් ඇස් වලට..

ලයාන් said...

කතා කරන ඇස් ගැන වගේ කතා කරන ඇඟිලි ගැනත් සිංදු කවි එහෙම තියෙනම් මරු.. :D

Timathu ~ ටික්කා said...

Engillata jayama wewaa honde.. :P

Naleen Dilruksha said...

සොඳුරු මෙක නම් සොඳුරුම පෝස්ටුවක්.ඇඟිලි ගහන වැඩේට ඉතින් කවුද අනේ ආස නැත්තේ.

රොබින් said...

ඇගිල්ලක් ගිය දුරක්...

Sanjaya සිතුවිලි said...

ජය වේවා....

නාඩියා නාඩිරත්න said...

අඩේ! බලං ගිහාම ඇඟිලිත් කතා කරනවනේ! එල එල!!! අර කුණුහරුප ඇඟිල්ලේ කතාව නම් තේරුනේ නෑ!

Podi Kumarihami said...

//සමහරු නම් වෙන වෙන තැන්වල ඇඟිලි ගහනවා...// :D:D:D

අයිරාවන said...

මරු ඇඟිලි කතාව. කොහොම ඒක ගොතලා තිබ්බත් මරු.

new movies said...

ela ela niyamai

මාතලන් said...

අනේ මන්දා උපන් ගෙයි වැරද්දක්ද කියලා.. මට නම් එන්නෙම වල් සිතුවිලි... ඇඟිලි මතක කලාම. විශේෂයෙන් කාන්තාවෝ....

තිසර said...

මම කැමතිම මහපට ඇඟිල්ලට.. එයා කතා නොකර, අනිත් අයගේ වචන වලට අවකාශය (space) සලසලා දෙනවා....

Nimal (Desertfrog) said...

මට මතක් වුනේ පොඩිකාලෙ කඩවල්වල ලොකු වීදුරු බෝතල් ඇතුලෙ දාල විකුනන්න තියල තිබුන ඇඟිලි විස්කෝතු.දැන් ලොකු අය නිසා කුණුහරුප ඇඟිල්ලත් මතක් නොවී තියේයැ...
නියම රචනාව...
පෝරුව උඩ තියාගෙන ඇඟිලි දෙක ගැටගහගත්තු දා ඉඳල මූන ලඟටම ගෙනත් ඇඟිල්ල උලුක් කරල පෙන්වන නිසා මීට වැඩිදෙයක් කියන්නත් බෑනෙ හිතට ආවට...ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්ඩත් දැනං ඉන්න වුනානෙ

ගැටයා said...

ඔන්න මාත් ඇඟිල්ලක් පෙන්නමි
කුණුහරුප ඇඟිල්ල නෙවේ
මහපට ඇඟිල්ල
තම්බ්ස් අප්

සුළඟිල්ල | pinkie said...

මොකක් කිව්වා!

Ravi said...

ඇඟිලි වලින් කතාකරන්න පටන් ගත්තට පස් සෙ මයෙ රිදෙන්න ගත්තෙ ඇඟිලි නෙවෙයි ඔන්න ...දන්නවය මක්කද කියාල?...කණ බොල කණ.....

" මොකක්ද අනේ මේ විකාරෙ?....ආපු වෙලාවෙ ඉඳල අර මොකක්ද එක දිගඇරගෙන ඒකට ඇඟිලි වලිං අනිනව....දැං මං දන්නව වැඩි කල් නොයා ඔහෙගෙ ඇඟිලි දහයම කොට වෙනව පළවෙනි පුරුක ගාවට යනකල්...''

හෙහ්, එහෙම නං වෙන එකක් නෑ...මොකද මම කතාකරන්නෙ ඇඟිලි දෙහෙකිං විතරයි...දබරැඟිලි දෙක ...ඒ නිසා කවද හරි කොට වෙනව නං කොට වෙන්නෙ අන්න ඒ දෙක විතරයි,

ඔයයි දන්නවය ස්වභාව ධර්මයෙ නියමයක් තමයි භාවිතා නොවන අවයව ක්ෂීණ වෙල යනව...මෙහෙම ගිහාම කවදක හරි අපේ ඔලු ගෙඩියයි ඇඟිලි දහයයි විතරක් ඉතුරුවෙයිද මංද...:)

Blue Lotus said...

A very beautiful writing. and unique too.

~Víðõõ~ said...

මුකුත් තේරුණේ නැද්ද මන්ද :පී
හෙඳ ඇඟිලි කතාවක්...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...