..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, December 9, 2012

ඉස්සර වගේ නැහැ දැන් ලියැවෙන්නේ

ඉස්සර වගෙ නැහැ - දැන් ලියැවෙන්නේ 

 

තවම හිස් කොළය
අරන් දැන් බොහො වෙලයි
වෙනදාට නම් ඉතින්
කොළය මත තටු ගසන
වචන සිත්තම් ගොඩය
............................

ලියන්නට හැඟුම් දහසක්
රැස් කකා හිත ළඟ
පෑන් තුඩ අගින්
එල්ලෙන වචන
දරු ප්‍රසූතිය තරම්
අමාරුවෙන්
පෑනෙන් කොළයට
............................

ඇතත් දහසක් දේ ලියනට
ඇතත් කොළ දහසක්...
පෑන් තුඩු දහසක්
ලියන්නට හිඳ ගත් සද
ගොළු වෙලා ඇයි මේ මම
“ මට ආදරේ නැතිව ද නුඹ “


8 comments:

  1. හිතට තද සාංකාවක් ආ විට තමා මට නම් හොඳටම ලියැවෙන්නේ.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. මම දැන් මාසෙක විතර තිස්සේ හිස් කොලේ දිහා බලං ඉන්නවා! ලියවෙන්නෙම නෑ!

    ReplyDelete
  3. අනේ මන්දා....මටත් මේ ටිකේ මොකුත් ලියවෙන්නේ නෑ.....

    ReplyDelete
  4. ලියන්න ජාති වැඩි උනාමත් ඔහොම වෙනවා... මට හිතෙන්නෙ එහෙම එකක් වෙන්ටැ..

    ReplyDelete
  5. සූටි සොට් එකක් දැම්මනං හරියෝ.. පොඩි බ්ලොක් එකක්...

    ReplyDelete
  6. පොතකින් කොටසක් කියෙව්වෙමි.. මගේ අත් පොත එයයි.. ඉංග්‍රිසි හා ආරියවංශ රණවීරයන්ගේ සිංහල පරිවර්තනයද සතුව ඇත.. මට දුකක් දැනුන විට මා එය නිතර කියවමි....ස්තුතියි..

    ReplyDelete
  7. මොනා හරි වචන දෙකක් ලියන්නකෝ..ඔන්න ඉතින් ඊට පස්සේ ලියන්න කලින් ලියවෙනවා..එත් ඉතින් මුල් වචන දෙක තුන හොයන එකත් ලේසි නෑ..
    මොකක් උනත් එකත් ඔයා ලස්සනටම ලියලා...:)

    ReplyDelete
  8. අපෝ ලියන එක නම් අතාරින්න එපෝ........

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...