..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, December 11, 2012

සුභ පැතුමක් සහ ලියුමක්

බිරිඳගේ ලිපිය

මෙතනින් ගිහින් ස්වාමියාගේ ලිපිය බලන්න . . . . . . 



මතක ඇතිව ඒ බ්ලොග්කරුගේ 150 වෙනි පෝස්ටුවට සුබ පැතුමකුත් එකතු කරන්න. . . .





මෙන්න පිළිතුරු ලිපිය . . . . . . . .




මගේම ආදරණිය ස්වාමිපුරුශයා වෙත ලියමි,



ලිපියේ ඉහත ඔබ ලියා ඇති දේ පිළිගන්නා අතර ප:ලි කොටසට 

පිළිතුරු සැපැයීම භාර්යාව වන මාගේ වගකීම බැව් සිතෙනා නිසා 

මෙලෙස සටහන් කරමි.



මාගේ ඉල්ලීම් දිනා ගැනීමට සහ යමක් ඔබ සමඟින් කතා කිරීමට

ඔබ හා තනිවිය හැකි වෙනත් අවස්ථාවක් ඇති නම් ඒ බව


පවසන්න. ඔබ අල්ලා ගත හැකි එකම ස්ථානය ඇඳ නොවේද?



සැකයක් ඇති වූ විගසින් එය විමසීමට යාමේදී ඔබට සෑම විටම

රාජකාරි බහුලය. ඇත්තටම ඔයා අල්ලපු ගෙදර සීතා ඔෆිස් යන

වෙලාව බලල ඒ වෙලාවටම එළියට බහින්නෙ ඇයි?


අනිත් චෝදනාව , වහලෙ උළු ගනින්නෙ ඔයාට හැමදාමත් ඕනි 

ඔයාගේ සතුටම විතරක් නිසා. ගැහැණියකට සතුට කියන්නේ 

පිරිමියා ඇඟ මත නැඟල කරන දේ විතරද ? 



ගෑණියකට කොච්චර ප්‍රශ්ණ තිය ද? උදේ පාන්දර නැගිටල ඔයාට

ඔෆිස් ගෙනියන්න බත් ගෙඩියට අඩු වැඩිය උයන කොට ,ඇයි 

ඔයාට බැරි මා ළඟට වෙලා ලූණු ගෙඩියක් කපල දෙන්න,පොල් 

ටිකක් ගාලා දෙන්න.අඩුම තරමින් ළඟින් ඉදන් කරන වැඩ දිහා 

බලා ඉන්න. උදේ ඉදන් රෑ වෙනකම් මම පුක කැඩිච්ච කඩිය වගේ 

වැඩ කරද්දි. ඔයා උදේ පාන්දර වෙනකම් පස්ස උඩාදාගෙන 

නිදියල , රෑ වෙලා ආපු ගමන් ඇඳට වැටෙනවා.... හා නැද්ද ? මං 

කියන්නේ බොරු ද?



කුස්සියෙ වැඩත් ඉවර කරලා,ඔයාගේ අම්මගෙ අදෝනාත් අහන්

ඉදල දරුවන්ගෙ වැඩත් ඉවර කරල මම ඇඳට එන්නෙ ඔයාටත්

පස්සේ නේද ?


බැලුම් බෝලේ මැදින් එල්ලපු නූල,අනේ මගෙ කට.

තමුන්ගෙ දේවල් තමුන්ටම නොපෙනෙන්න කලගෙඩියක් වගේ ආපු 

ඔයැයිගෙ බඩ ඔයැයිට පේන්නෙ නැද්ද.එහෙම උනයි කියලා මයෙ 

ආදරේ අඩු වෙලා අර එහා ගෙදර සීතාගේ මල්ලි සික්ස් පැක් ආපු 

හාදයත් එක්ක මම යනවද නෑනේ.


ලස්සනට අඳින්න ,ඔයා මට අලුත් ඇඳුමක් අරන් දීපු කාලයක්

මතක් කරල බලන්න.ඉස්සර මම ලස්සනට ඇන්දේ ඔයා අරන් දීපු

ඇඳුම් නෙමෙයි ද? උදෙ ඉඳන් රෑ වෙනකම් ගේ අස්සෙ ලැග ගෙන

ඉන්න මට ඇඳුම් ගන්න කෝ සල්ලි...කෝ වෙලාවක්.

ඔයා වගෙම මටත් හැඟීම් දැනීම් තියෙනවා.මට දේවල් ඕනි වුනු

දවසට ඔයා අනිත් පැත්ත හැරිල ගොරෝ ගොරෝ නිදි.එහෙම

නැතිනම් මම එනකොට ඔයා උදේම යන්න ඕනි කියලා වේලාසන

නිදි.



මේ හැමදේම මැද්දේ අපේ දරුවො ටික දුකක් නොදී හදන්න ඔයා 

මහන්සි වෙනවා කියල මම දන්නවා.තාමත් මම ඉස්සර වගේම

ඔයැයිට ආදරේ බව මතක තියා ගන්න. 



මෙයට ඔබේ

ආදරණිය

භාර්යාව


ප:ලි:- ඒක නෙමෙයි ඇත්තටම මොකද ඔයා සීතා අඳින හැටි ගැන

ඔච්චර උනන්දු.

12 comments:

  1. හිතන්න ඕන පිලිතුරක්

    ReplyDelete
  2. හරිම කේස් එකක් නේ.. බොන්න වෙනවා.. මේවා දැං තමා හිතෙන්නේ...

    ReplyDelete
  3. Ale manda api badala nathi nisa prashna naa :)

    ReplyDelete
  4. Ale manda badala nathi nisa apita nam onna prashna naa :)

    ReplyDelete
  5. හි හි... ඒක නම් මරු සංවාදේ සොසී....

    ReplyDelete
  6. මේකට නම් මුකුත් නොලියා බැහැ කියලා හිතුණා..... කවුරු කොහොම කොච්චර කිව්වත්, මොන සමාන අයිතිවාසි කම් ඉල්ලුවත්, දුන්නත් නැතත්, ලංකාවෙ ගෑණු අපි තාම ඉන්නෙ පුරුෂ මූලික සමාජෙක.... අපි ඒක නැහැ කියනවයැ.... ඒත් පිරිමියත් ඉවසිලිවන්ත කෙනෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේ ගෑණි මේ නැහෙන්නේ මගේ වගකීම් හරියට ඉෂ්ඨ කරන්න මට තල්ලුවක් දෙන්න නේද කියලා.... සමහරු කියාවි ගෑණු පිරිමි කමේ වෙනස ඒකනේ කියලා.. ඒත් ඒක නම් උත්තරයක් නෙවෙයි. තමුන්ගේ ගැළවීමට කියන කපටි කියමනක් මිසක්.... කොහොම වුනත් හැම වගකීමක්ම කරට අරන්, පවුල වෙනුවෙන් කැප වෙන ආදරණීය ස්වාමි පුරුෂයෝ පොඩියක් හිතලා බලන්න... බිරිඳගේ කියවිල්ල කරච්චලයක් කියලා හිතුවොත්, එයා අල්ලපු ගෙදර මිනිහා එක්ක ගිහින් එයාගෙ ප්‍රශ්න කියන්නයැ...?

    ReplyDelete
  7. මේකට නම් මුකුත් නොලියා බැහැ කියලා හිතුණා..... කවුරු කොහොම කොච්චර කිව්වත්, මොන සමාන අයිතිවාසි කම් ඉල්ලුවත්, දුන්නත් නැතත්, ලංකාවෙ ගෑණු අපි තාම ඉන්නෙ පුරුෂ මූලික සමාජෙක.... අපි ඒක නැහැ කියනවයැ.... ඒත් පිරිමියත් ඉවසිලිවන්ත කෙනෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේ ගෑණි මේ නැහෙන්නේ මගේ වගකීම් හරියට ඉෂ්ඨ කරන්න මට තල්ලුවක් දෙන්න නේද කියලා.... සමහරු කියාවි ගෑණු පිරිමි කමේ වෙනස ඒකනේ කියලා.. ඒත් ඒක නම් උත්තරයක් නෙවෙයි. තමුන්ගේ ගැළවීමට කියන කපටි කියමනක් මිසක්.... කොහොම වුනත් හැම වගකීමක්ම කරට අරන්, පවුල වෙනුවෙන් කැප වෙන ආදරණීය ස්වාමි පුරුෂයෝ පොඩියක් හිතලා බලන්න... බිරිඳගේ කියවිල්ල කරච්චලයක් කියලා හිතුවොත්, එයා අල්ලපු ගෙදර මිනිහා එක්ක ගිහින් එයාගෙ ප්‍රශ්න කියන්නයැ...?

    ReplyDelete
  8. අනේ මන්දා. බැඳලත් බැහැ නොබැඳත් බැහැ :p හැබැයි කොච්චර උනත් මේ වගේ ලස්සනට ලියලා කියවලා ප්‍රශ්න ගැන කතා කරන්න පුලුවන්කම තියෙද්දි නේ ගහමරාගෙන පොලිසි උසාවි ගානෙ රස්තියදු වෙන්නේ!

    ReplyDelete
  9. හික්ස් දෙකම කියෙව්වා... මාර පිළිතුර... :D

    ReplyDelete
  10. ඔහොම නෙමෙයි ලියන්න ඕන... ඔයා සීතා ගැන බලා ගත්තට මගේ කිසි තරහක් නෑ අනේ.. මගේ ආදරේ පොඩ්ඩක් වත් අඩුවෙලා නෑ. ඒක එහෙමමයි. ඒත් මම දැන් ඊට වඩා එහා ගෙදර ලොකු කොල්ලට ආදරෙයි..... මොකෝ ඌ ඔයා වගේ වැඩේට කම්මැලි නෑ. හරි විසේ...

    ReplyDelete
  11. අකමැත්තෙන් හරි පිලිගන්න වෙනව ඕක තමයි ජීවිතයේ සත්යය. කාලය අනුව මිනිස් සිතුම් පැතුම් වෙනස් වෙනව. නමුත් අවාසනාවකට ගෑනුන්ගේ හා පිරිමින්ගේ සිතුවිලි දෙපැත්තකටයි ගමන් කරන්නේ. ඒ නිසා ගැ‍ටුම් වැඩි වෙනවා.

    ReplyDelete
  12. ඇත්ත..ඇත්ත..සමහර විට ඒ මනුස්සයා ආයේ එවන ලිපියේ තියෙයි ඔයාට මොනා නැතත් හැම එකටම උත්තරනම් තියනවා නේද කියලා..වැරදි පිළිගන්න හොරයිනේ පිරිමි..වැරැද්ද ගෑනිගේම ඇගේ ගහන්නනේ හදන්නේ..හැමදේටම කාලය බෙදා ගත්තනම් ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න පොඩි හරි උදව්වක් වෙයි එකත්..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...