..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 4, 2012

ලෝක විනාසෙට පෙර ලියමි /Before The Total Blackout


මගේම ආදරණීය බීට ලියමි.

ඉතින් ඔයැයිට කොහොම ද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ඔයැයි දන්නවැයි. ලෝක විනාසෙට
තව දවස් කීයෙයි? ඒත් ඔයැයිට බැහැ ඒ ටික දවසෙ වත් මා බලන්න එන්න.

ඔයැයි දන්නවැයි . . . . . ලෝක විනාශය තක්කෙටම වෙනවැයි කියලා.දවස් දෙකක් ඉර පායන්නෙ නැතෙයි කියන්නේ.දෙසැම්බර් ස්කෝලෙ නිවාඩුව ලැබුනත් ගෙදරින් එළියට බහින්නෙපැයි කියලැයි සමහරු නම් කියන්නේ.

කතාව ඇත්ත වෙන්නැති මෙයා. සුනාමියත් ආවේ දෙසැම්බර් මාසෙකනෙ.

හ්ම්. . . . . ඇත්තටම ලෝක විනාසය ඔය කියන දිනයට වෙනව නම් ඔයැයි මොනවැයි කරන්න කැමැති. චී චී . . . .ඔයැයිගෙ හිතේ ඕකමයි අනේ තියෙන්නේ. මං අහන්නෙ ඇත්තටම ඔයැයි මක්කෙයි කරන්න හිතාන ඉදල කරන්න බැරි වුන දේවල්.

මනේන මයෙ ලිස්ට් එක. . . . ඇහැක් නම් ලෝක විනාසයට කලින් මේ දේවල් කරන්න මට උදව් වෙන්න.


මුළු ලෝකෙන් සැඟවිලා
නුඹ හා නිති තනි වීලා
පෙම් සුව ආදර හැඟුමන්
බෙදා ගන්න ආසයි
ආදරයේ තරම ඔබට
කියා දෙන්න ආසයි

දහසක් සුවහස් නෙතු කොන්
බලා හිදින වීදි කොණක
ලෝකෙ දිගම හාදුව මට
නුඹට දෙන්න ආසයි
ආදරයේ තරම නුඹට
කියා දෙන්න ආසයි

නුඹ යන්නට කතා කරපු
මම තරහින් බැහැ කියාපු
අඳුරු ගුහා වීදි දිගේ
පියඹන්නට ආසයි
නුඹෙ ලෝකේ මට හිමි තැන
දැන ගන්නට ආසයි

ලොකු හොඳ ලේබල් ඇලවූ
නුඹ වෙනදට බී සැනැහෙන
බෝතලයක් නුඹත් එක්ක
බෙදා ගන්න ආසයි
ඇති පදමට නුඹත් එක්ක
වෙරි වෙන්නට ආසයි

මත් පැන් දුම් වැටි අතරේ
නුඹ තනිවී නිති සැනසුන
අරුම මටත් විඳ ගන්නට
නුඹත් එක්ක ආසයි

ලෝක විනාසය නම් හෙට
ආදරයේ පරම සැපත
නුඹත් එක්ක සීමාවක්
නැතිව ඉන්න ආසයි
ජීවිතයේ අන්තිම පොද
ආදරයෙන් පාට කරන්
සතුටින් මියැදෙන්නට මට
හැමදාමත් ආසයි

වසර ගණනාවක් . . . . . ජීවත් වෙනවට වඩා , හෙට ලෝක විනාශය නම් අද ඔයාත් එක්ක ගත කරන කිසිම තහනමක් නැති ඒ එකමෙක දවස ජීවිතයේ සුන්දරම දවස වේවි.

ජීවිතය විඳින්න . . . . . .


හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්.............................


ලෝක විනාශය ඉක්මනින්ම එලඹේවායි පතන

මම

 ෴සොඳුරු

20 ප්‍රතිචාර:

dreams said...

මරු මරු..

Mayya said...

අම්මේ ඇති යාන්තන් අර කොමෙන්ට් කරන 'නේම්/යූඅර් එල්' ඔප්ශන් එක එනෙබල් කරලා....නැත්නම් මේකට කෝමෙන්ට් කරන්න උනාම ලොග් වෙලාම එන්නෙ ඕනා

කියන්න ගිය එකත් අමතක් උනා

හිරු said...

එහෙනං ළමයි හැදිලි නෑ... අම්මලා තාත්තලා ගැන බැලිලි නෑ.. අහල පහල උන් ගෙන් කරදර නෑ... දුක නෑ ... තරහා නෑ... කළකිරීම් නෑ...

ආදරේ විතරයි... සතුට විතරයි.. අපි දෙන්නා විතරයි.....

අනේ එහෙනං...ලෝක විනාශෙට ජය වේවා..

හි හි...

Indranatha Thenuwara said...

මංනං එදාට බොන්නෙ නැහැ. බිව්වොත් මේ ලෝක විනාසෙ කියල හිතාගෙන වෙරි උනොත් හිතං ඉන්න කිසි දෙයක් කර ගන්න බැරි වෙනව.
ඒ නිසා කටේ තියන්නෙ නැහැ මත්පැන් බිංදුවක්වත්...
හැම තත්පරයක් ම, හැම මොහොතක් ම ඉක්මනට ඉවරවෙල යාවි කියල ඔයා ව ඉඹගෙන ම ඉන්නව මූණ අහකට ගන්නෙ නැති ව. තොල් දෙක රතු පාට වෙනකම් ම
ඔයාගෙ ඇස් දෙකේ කළු ඉංගිරියාවෙ මගේ රූපෙ පෙනෙන හැටි කිමිදිල බලං ඉන්නව ඇස් පිල්ලං ගහන්නෙ නැතිව....
...තව...තව....

රතු රජරට said...

කවුද බොල මේ වේලපහින්ම ලෝක විනාශේ ප්‍රාර්ථනා කරන එකා ?

පරිකල්පන said...

ප්‍රාර්ථනා කරන දේවල් පරිස්සමෙන් ප්‍රාර්ථනා කරන්න අක්කේ... මොකද ජීවිතේ අපේ ප්‍රාර්ථනාවක් උනත් ඉෂ්ඨ කරන්නෙ අපිට ඕනි විදිහට නෙවෙයි. ඒකට ඕනි විදිහට...

ඉන්දික උපශාන්ත said...

උඹ ඔහොම කියනකොට කොල්ලො දෙන්න නොහොටියනං ලෝකෙ විනාසෙ වෙයන් වෙයංම් කියල හිතල ඔය කිව්වැහෙ ඉන්න තිබ්බ.

Bindi said...

ඔය ඔක්කොම කරලා සොසි
ලෝකය එහෙමම තිබුනොත්
පසු තැවෙන්නේ නැතුව ඉන්න
පුළුවන් නම් ...එයයි සතුට

Naleen Dilruksha said...

මෙයත් මාරයගේ පෝස්ට් එක කියවලා බය වෙච්චි කෙනෙක් වගේ.අනේ කාලේ වනේ වසේ කිව්වලු.අපි කවදා හරි මැරෙනවා අනේ .
මම සමකය වටේ ලියන නලීන්

නාඩියා නාඩිරත්න said...

අඩේ! එහාකොට ඒ විනාසේ වෙනවද??මල දෙසැම්බර් හතයි!

ලයාන් said...

භයානක ප්‍රාර්තනාවක්..

ලයාන් said...

භයානක ප්‍රාර්තනාවක්..

සචිත් said...

ලොක විනශය වී සියලු පැතුම් ඉටු වෙවා... :P

Anonymous said...

කොහේ තියෙන වැනසුමක්ද
කවුරු කිව්ව බොරු වැලක්ද
ඔය ගැන තව හීන නොදැක
පිස්සු නැතිව නිදා ගන්න

තිසර said...

ලෝක විනාසෙට කලින් පොඩි බාර් එකක් දාගන්න එක තමයි පේන හැටියට හොඳම වැඩේ...

Dinesh said...

මට නම් ලෝක විනාසේ එපෝ...

Chandi said...

නිතර නිතර මරණානුස්මෘතිය වඩන්නා මාරයා පරදවයි සොඳුරූ.

Loku John said...

එකත් මරු ප්‍රාර්තනාවක් කොහොමද ලෝක විනාසෙ නොවුනොතින් .........

මාතලන් said...

ඔහේ මඟුලක් කතා කරනවා. අපි මේ තාම පටන් ගත්තා විතරයි....

Kathandara Karaya said...

Corrected version:

මුළු ලෝකෙන් සැඟවිලා
ඔහේ හා නිති තනි වීලා
පෙම් සුව ආදර හැඟුමන්
බෙදා ගන්න ආසයි
ආදරයේ තරම ඔහෙට
කියා දෙන්න ආසයි

දහසක් සුවහස් නෙතු කොන්
බලා හිදින වීදි කොණක
ලෝකෙ දිගම හාදුව මට
ඔහෙට දෙන්න ආසයි
ආදරයේ තරම ඔහෙට
කියා දෙන්න ආසයි

ඔහේ යන්නට කතා කරපු
මම තරහින් බැහැ කියාපු
අඳුරු ගුහා වීදි දිගේ
පියඹන්නට ආසයි
ඔහෙගෙ ලෝකේ මට හිමි තැන
දැන ගන්නට ආසයි

ලොකු හොඳ ලේබල් ඇලවූ
ඔහෙ වෙනදට බී සැනැහෙන
බෝතලයක් ඔහෙත් එක්ක
බෙදා ගන්න ආසයි
ඇති පදමට ඔහෙත් එක්ක
වෙරි වෙන්නට ආසයි

මත් පැන් දුම් වැටි අතරේ
ඔහෙ තනිවී නිති සැනසුන
අරුම මටත් විඳ ගන්නට
ඔහෙත් එක්ක ආසයි

ලෝක විනාසය නම් හෙට
ආදරයේ පරම සැපත
ඔහෙ එක්ක සීමාවක්
නැතිව ඉන්න ආසයි
ජීවිතයේ අන්තිම පොද
ආදරයෙන් පාට කරන්
සතුටින් මියැදෙන්නට මට
හැමදාමත් ආසයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...