..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, November 8, 2012

හිත රිඳුනු කුරුල්ලෙක්ට


හැරයාම, අතහැර යාම, නොලැබීම දුකක්........

ඒත් මොකක් ද කරන්නේ.. . . සමහර කුරුල්ලන් ඉන්නවා බලෙන් අල්ලල කූඩුවක දාලා තිබ්බට සින්දු කියන්නෙ නැති.ඒ සින්දුව අහන්න කැමැති නම් කරන්න තියෙන එකම දේ, ඌට ඕනි දිහාට යන්න දෙනේක.එතකොට අඩුම ගානේ ,ඌ දුරක පියාඹලා ගියත්, ඉඳ හිටල හරි සුළං පාර දිගේ වත් උගේ සින්දුවේ සද්දෙ ඇහේවි...........

ඇයට හමුවන කුරුල්ලා හිටියේ තෙමුණු පියාපත් එක්ක. තෙමුණු පියාපත් ඇඟටම ඇලිල..... ඌ සීතලෙන් වෙව්ලමින් හිටියා.ඇය ඌව ඇගෙ ගෙදර ගෙනාවේ හිතින් ඌට පොරොන්දුවක් දෙන ගමන්. තටු වේලිලා ශක්තිය ආවම ආපහු ආපු දිහාට යන්න දෙනව කියලා ඇය ඇයටම කියා ගත්තා.

අමුත්තාගේ පැමිණිමත් එක්ක. දුක්බර බවින් පිරිලා තිබ්බ ඇගේ ජීවිතය පුදුමාකාර ලෙස වෙනස් වුනා. ඇයට ඇහෙන්න හැමදාම කුරුල්ලා සින්දු කිවුවා. කැලේ දි කියපු සින්දු විතරක් නෙමෙයි. කවදාවත් ඇය අසා නොතිබ්බ, කුරුල්ලා ගායනා කරල නොතිබ්බ...... අතිශය රහසිගත ස්වර ප්‍රස්ථාර වල ලියවුනු ගීත පවා කුරුල්ලා ගායනා කරා.

කුරුල්ලා නිසා ඇයත් , ඇය නිසා කුරුල්ලාත් සතුටින් ජීවත් වුනා. ඒත් කාලය ගෙවිල ගියා. කරුල්ල කියන ගීත වල පේළි වැරදුනා. සෘතියක් නැති සින්දු , තාල වරද්ද වරද්ද කියන කොට ඇයටත් තරහ ගියා. ඇය කුරුල්ලට දෙන රස කෑම ජාති අඩු කරා.

ඒ ගීත නීරස වේගෙන එන වබ දෙන්නටම වැටහෙන්න ගනිද්දි , ඇයට ඕනි වුනා වෙන කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් කූඩුවට දාන්න. ඒත් ඇයට එය කිරීමට නොහැකි වුනේ කූඩුවෙ ඉන්න කුරුලලට ඇගේ හිතේ ඇති වෙලා තිබ්බ අමුතුම හැඟීම නිසා. ඒක ආදරයම නෙමෙයි. ආදරය නෙමෙයි නෙමෙයි.

ඇය හිතුවෙ කූඩුවට වෙලා ඇය දෙන රස කෑම කාලා  ඇය ලඟ ඉන්නේ ආසාවෙන් කියලයි.ඒත් බඩගිනි වෙලාවේ ඇය දුන්න කෑම කැවැත්... හැමදාමත් කාපු කෑම මතක් වුනාම ඒ ඈත තියෙන උගේ කුඩුවට යන්න හිතෙනව ඇති...........සමහර විට මෙතෙක් නොකීව සින්දුවක තිබ්බ රහසක් වගේ. කුරුල්ලා නැති නිසා දුක් ගීම ගායනා කරන කිරිල්ලියක් ඒ නොදන්නා කැලේ ඉන්නව වෙන්නත් පුලුවන්.

ඉතින්..............

ඇය අන්තිමට තීරණය කරා....  කූඩුවෙ දොර අරින්න.


හ්ම්...........ඔන්න දොර ඇරියා. ඇය අහක බලන් ඉන්න අතරේ යන්න ඉතින් පියඹලා. තරහක් නැහැ කවදාවත් ඇගේ හිතේ.

කියපු ගීත අමතක වෙනේකක් නැහැ.

හැබැයි ආයෙ කවදාවත් මේ පළාතේ නම් දකින්න එන්නෙපා ඇය අහක බලාන මිමිණුවා.

කුරුල්ලා තටු ගහන හඬ ඇයට ඇහුනා.

කවදාවත් නෑසු පුංචි ගීතයක කොටසක් අවසන් නොකරම කුරුල්ලා යන්න ගියා.

මිනිස්සුන්ට සතුන්ට අඩි සටහන් තිබ්බත්.කුරුල්ලන්ට අහසෙ පියාපත් සටහන් නැහැ.

එදායින් පස්සේ ඇය කවදාවත්ම කිසිකෙනෙක්ට දකින්න ලැබුනෙ නම් නැහැලු. කවදාවත් ඒ පළාතට කුරුල්ලෙක් ඊට පස්සෙ ආවෙත් නෑලු.



11 ප්‍රතිචාර:

Naleen Dilruksha said...

මිනිස්සුන්ට සතුන්ට අඩි සටහන් තිබ්බත්.කුරුල්ලන්ට අහසෙ පියාපත් සටහන් නැහැ.
අනර්ඝයි
එන්න සමකය වටේ රවුමක් යන්න

සමනළී said...

හ්ම්ම්ම්.........

Dinesh said...

හ්ම්ම්ම්... හ්ම්ම්ම්...

තිසර said...
This comment has been removed by the author.
රතී, said...

මට පරණ පොතක තිබ්බ කතාවක් මතක් වෙනවා මේක අහද්දි. මොකක්ද නම කියල නම් මතක නෑ..ටිකක් අමුතු සෑඩි ෆීල් එකක් දෙන එකක්.

හිරු said...

///කුරුල්ලා නිසා ඇයත් , ඇය නිසා කුරුල්ලාත් සතුටින් ජීවත් වුනා. ඒත් කාලය ගෙවිල ගියා. කරුල්ල කියන ගීත වල පේළි වැරදුනා. සෘතියක් නැති සින්දු , තාල වරද්ද වරද්ද කියන කොට ඇයටත් තරහ ගියා. ඇය කුරුල්ලට දෙන රස කෑම ජාති අඩු කරා.

ඒ ගීත නීරස වේගෙන එන වබ දෙන්නටම වැටහෙන්න ගනිද්දි , ඇයට ඕනි වුනා වෙන කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් කූඩුවට දාන්න. ඒත් ඇයට එය කිරීමට නොහැකි වුනේ කූඩුවෙ ඉන්න කුරුලලට ඇගේ හිතේ ඇති වෙලා තිබ්බ අමුතුම හැඟීම නිසා. ඒක ආදරයම නෙමෙයි. ආදරය නෙමෙයි නෙමෙයි.////

කසාද ජීවිතේ වගේ...

Chandi said...

අහසේ සටහන් තියන්න බැරි උනාට හිතේ සටහන් කවදා මැකේවිද ? සොඳුරු. ලස්සන හිතන්න යමක් තියෙන සටහනක් නංගී.

෴සොඳුරු සිත෴ said...

බොහොම ස්තූතියි වටිනා අගනා උපදෙස් වලට.

දයානන්ද රත්නායක said...

කෙටිකතා කවි වගේ දේවල් වලට වඩා සමහර වෙලාවලට සිතුවිලි ප්‍රාණවත් බවක් දැනෙනවා. කුරුල්ලකේ ගැන කිව්වත් ඒ හිත ඇතුලෙ දුවන සිතුවිලිම තමයි

Nimal (Desertfrog) said...

කූඩුවෙ දොර වහන්න එපා කියල කියන්න හිතුන...
ඌ ආපහු ආවොත් හෙම?

දුක හිතෙන කතාවක්..

ලයාන් said...

ලස්සන සංකල්පනාවක්.. :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...