..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, November 23, 2012

සඳ වෙනස් නොවන සද


එසඳ සඳ සඳම විය




ඉස්සර නම් ඔහු එන කොට
දොර කඩය
අද නම් දොරත් වහලා
හොඳටම දොයිය


සීතල රෑ කෑම
වට්ටිය යට ඇති ය
සද්දය වසා කා
නිදියා ගනු සොඳය


ඉස්සර ඇගේ ඇඟ උණුසුම
සිත පාරා
ඔහු බලනවා හැරිලා ඈ
දෙස ආරා


තඩි බඩ දිගටි පපුවට
හොඳ බර දීලා
ඇය නිදියා ගනී
කට උඩුබලියන් වීලා


හිමිහිට නැගිට ඔහු යනවා
ජනේලෙට
පියන් හිමින් ඇරලා
ඔහු යොමයි නෙත



ලස්සන හඳක් පායා ඇත
අහස් කුස
සඳ සාවා වුවද තාමත්
වෙනස් නැත



After marriage, husband and wife become two sides of a coin. They just can't face each other, but they still stay together.


11 ප්‍රතිචාර:

Helapa kade said...

යථාර්ථවාදී ලස්සන කවි පෙළක්,ලස්සනට ගොතල තියෙනවා

Sanjaya සිතුවිලි said...

මෙහෙමත් වෙන වෙලාවල් තියෙනවා....

Loku John said...

..බොහෝ දුරට ඇත්තක් ඔබ කියු කවිය
…එහෙම නොවන බවකුත් මට කිව හැකිය
…දෙන්නා දෙමහල්ලන් දරුවන් ඉන්නා විටය
…පවුලක සතුට එතනින් මා දැක ඇතිය


..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

සමී said...

තාමත් මනමාල සිත මගෙ හද මතුරා..
ලියලා වැඩෙයි පෙරලෙසටම දලු දාලා..
කට බලියාං නිදන නුඹ දැං හද පාරා..
හැගුමන් දුවයි අවුලුවමින් දුක් ජාලා

ඉන්නට තිබුන අදටත් කිරි පැණි ලෙසට..
තේරෙන්නෑනෙ ඇයි බැරි අදටත් එලෙස..
තාමත් ආදරෙයි රං කඳ පෙර ලෙසම..
පායන් යලිත් පුන්සද මගෙ හද ගැබට..

රතී, said...

Really? "After marriage, husband and wife become two sides of a coin; they just can't face each other, but still they stay together"
It probably works that way for some people. But, if two people truly do love each other, the bond becomes stronger when they get married. patience communication and understanding are the keys. Not division and separatism.
The way i think...nice ideas...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

මාතලන් said...

හපොයි.......

වෙද ගෙදර මහ වෙදනා said...

කලින් කලට ඵලින් පල කියනවානේ. එතකොට ඇයි තව කියන්නේ නිතර දකින් කුකුලාගේ කරමලෙත් සුදුයි කියලා. එහෙම තමයි, යෞවනේ දුටු ඔහුම ද මේ මොහුට ද මා අන්ධ වුණේ කියලත් ගැහැණු ළමයෙක් කිව්වලු.

දේශකයා said...

අනේ ඇත්තට මේ ටිකේම නිදි ඇදේ පුරස්න තමා වැඩිපුර ඇහුවේ. ඇයි මමත් ලියුවේ ඒව නේ. කවිය නං එළ

මයියා ( Mayya) said...

ඒතකොට ලමයි නිදියන්නේ කොතාන ද? උනුත් අම්මා අස්සෙම තමයි රිංගන්න හදන්නේ...තාත්තර නෝ ප්ලෙස්....

අර කාසියේ ලම්යි කෝ?

මයියා ( Mayya) said...

ඒතකොට ලමයි නිදියන්නේ කොතාන ද? උනුත් අම්මා අස්සෙම තමයි රිංගන්න හදන්නේ...තාත්තට නෝ ප්ලෙස්....

කාසීයේ දෙපැත්ත භාර්‍යාවයි , ස්වාමි පුරුශයා යි නම් කාසිය තියන් ඉන්න පොකෙට් එක තමයි දරුවන්....

තොටියා said...

හෆොයි... මේවා කියෙව්වාම අපි ඩිප්‍රෙස් වෙනවනේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...