..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, November 11, 2012

තනිකඩ කවි සිත - නුඹට පුදමි


තනිකඩ කවි සිත - නුඹට පුදමි

ඉස්සර අපි ගිය පාරේ
අත් වැල් පටලන් ආයේ
ඇවිදන් යන්නට ඇවිදින්
යන්නට එනව ද
මතක ඇතිව මල් කූඩය
අරගෙන එනව ද
අතන මෙතන වැටුණු මතක
අහුලල දෙනව ද

ඇවිදින් යන්නට ආසයි
ඇවිදන් යන්නට
මඟ දිග ඇති බොළඳ වදන්
අහුලල දෙන්නට
ගෙවී ගියපු කාලය තුල
හදේ පිපුන මල් අතරින්
එකම මලක් නෙලා අරන්
පුරවපු කූඩය
නුඹ දන්නෙ නැති ද තවම
තනිකඩ නැහැ මම


හදේ පිපුන පියුම නෙලන්
නුඹටම දෙන්නටම සිතන්
මෙතෙක් කලක් බලා හිටිය
කන්‍යාවිය මම
මඟ හැරුනට අතර මගදි
වෙනත් මලක් නෙලා අරන්
මං දුන් මල් කුඩය නුඹ
පුරවා ගත්තට
සිතේ තරහ පොදක් නැතී
නුඹ දුන් පෙම ළඟම ඇතී
මතු යම් භවයක වත් නුඹ
මගේම වෙන්නට
මේ භවයේ ඉතිරි ටිකත්
මෙහෙම යමි මම

මතක වනන්තරය දිගේ - තනියම පිය මනින
මම
෴ සොසී ෴

6 ප්‍රතිචාර:

Naleen Dilruksha said...

සො සි මේ කවි නම් සොඳුරුම තමයි.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා

Chandi said...

සෝසීගෙ සොඳුරු මතකයක මිහිරියාවෙන් අපිත් මත් උනා ඔන්න නංගී.

Gayani Wedage said...

සරල කවි
ලස්සනයි
http://manasindiviyata.blogspot.com/

Blue Lotus said...

යාගෙ කවිය හරිම ලස්සනයි. ආයෙ වෙලාවක ඇවිත් ඉතුරුවත් කියවන්නම්.

Helapa kade said...

සොසි අනේ බොහොම තුතී
මිහිරි මතක හරිම වටී

මකුළු පැංචි said...

තනිව ඇවිද යමි...අප එකව ගිය මග... :((((

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...