..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 2, 2012

කොහේ ද? කොහෙන් ද?

 කොහේ ද ? කොහෙන්  ද?

තොල් ඇස් කන් නාස දිගේ
විත් හිතතුල රිංගන්
නහර දිගේ ගලාන යන
ලේ බිඳ තුල රිංගන්

විටින් විටේ කොහෙන් හරිම
මිහිරක් ගත දල්වන්
නුඹ මා තුල ඉන්නා හැටි
සිතට සිතක් රන්දන්

ජීවීතේට ගලාන එන
හුස්ම පොඳක රන්දන්
ආලෝකය වෙලා ඇවිත්
නෙතු කාචයෙ බන්දන්

සසර සරන තුරුම නැතත්
මොහොතක් හෝ රන්දන්
නුඹ දෙන මේ සෙනෙහස ඇත
ජීවීතේම රන්දන්

13 ප්‍රතිචාර:

සමීර ආර්. said...

Anthima pada 2ta maarama like

Sameera R.

සචිත් said...

ලස්සනයි...

මාතලන් said...

බොරු නේද කියන්නේ. ඉස්සර ෆිල්ම් එකක් ආවා "සදහටම ඔබ මගේ" කියලා. වැඩිපුරම බැලුවේ කෙල්ලෝ....

තිසර said...

නොතේරුනෙමි

ගිමන් නිවන්නා said...

ආදරේ පිරුණු වදන් පෙලක්!

නාඩියා නාඩිරත්න said...

ලස්සනයි ඈ!!!

kumaraya said...

මම කැමතියි මේ කවියට ..
අපූරු විරිතකින් ලියල තියෙනවා ...

Dinesh said...

//සසර සරන තුරුම නැතත්
මොහොතක් හෝ රන්දන්
නුඹ දෙන මේ සෙනෙහස ඇත
ජීවීතේම රන්දන්// හිතට වැදුනා... ලස්සනයි කවි ටික.

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සනයි.

තිසර said...

අනේ මන්දා මේ බ්ලොග් එකට එන හැම වෙලාවෙම.... "මොහොතක් - (අලුත් වැඩියා වෙමින් පවතී )" කියලා එකක් පේනවා... ලෝඩ් වෙන්න විනාඩි 11 කුත් තත්පර 47ක් යනවා. මොකද මේ කවියේ පේලි ඕවර්ලැප් වෙලා.. ඒකත් කලාවක්ද? කවිය ගැන කිසිම දෙයක් කියන්න හිතෙන්නෙම නැහැ.. මොකද තුන්වෙනි කවියේ දෙවෙනි පේලියේ දෙවෙනි වචනේ.... එක්කො ඕනෙ නැහැ... මාත් මහ නැහැදිච්ච එකෙක්, වැරදි හොයන එකමයි වැඩේ... පලයං කිව්වේ යන්න...

Chandi said...

දැන් ටික ටික හිත ලස්සන වෙන නිසා කවි පදත් ලස්සනවෙලා කියල හිතෙනවා නංගි.

Loku John said...

වෙනදා වගේම අදත් ...

සිත්තමී said...

හිතම ස්පර්ශ කල ලස්සන වචන ටිකක්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...