..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, October 4, 2012

නෝක්කාඩුවක් සහ උත්තරයක්




නෝක්කාඩුවක් සහ උත්තරයක්






පෙම්වතිය



මට ආරංචියි නුඹ


ඇවිදින් අහසට

තාරුකා වලට යහමින්


එළිය බෙදපු බව

මම එනකොට නුඹ

ආපසු ගොස් ඇත


හැමදාමත් වගේ අදත්

පරක්කුයි ද මම ?



පෙම්වතා


නුඹ සිතනා හැටි


මට නම් පුදුමෙකි


නුඹට දෙන්න ආලෝකය


මගේ ළඟත් නැති


මටත් වඩා දිලි


නුඹ දුටුවෙත් නැති


ආලෝකය මට ද  දුන්න

 සරා සඳයි

නුඹ


සඳේ එළිය සඳ දන්නැති


මගේ සඳයි නුඹ

9 ප්‍රතිචාර:

Nimal (Desertfrog) said...

සුපුරුදු ලෙසම සොඳුරුයි....

වැසි දැරිය said...

ඇවිදන් ගොස් තරු අතරින්
මා අමතක කර
ම සිත සදක් යැයි පවසන
අරුමැසි පෙම්වත
නුඹ වගේම නුඹෙ සෙනෙහෙත්
හරි පුදුමයි මට
ඒත් නොයමි අතැර නුඹව
ඉනු මිස නුඹ ළග

හිරු said...

පෙම්වතිය කිව්වේ හිරු ගැන නම් මට වැ‌ඩේ තේරිලා.. නැත්තම් උදේ පාන්දර ඇදගෙන නාගෙන... හි හි...

නිසුපා said...

ආහ් පෙනුම වෙනස් කරලානෙ.ඇයි කලු පාට???

ධමිමික ස‍‍දරුවන් said...

ම්.. ලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න.ජය වේවා !

හිරුහිමාවී said...

ලස්සනයි යාලු :)
ජය

දයානන්ද රත්නායක said...

කවියනම් අරුතින්ද,ගැලපීමෙන්ද ඉතාමත් අරුත්බරයි. කවිය රසවත්වෙන්නෙ බස හැසිරවිම තුලයි. ඒ කවිබස ඔබ සතුයි. ඒ නිසා මේවගේ කවි නිරායාසයෙන් ලියැවෙන්නෙ.

තොටියා said...

බ්ලොග් එකේ ඇඳුම වෙනස් වෙලාද? ලස්සන කවි අදහස..

සිහින said...

දෙන්න දෙපැත්තෙ ඉදන් ලියපු "සිටුවර පුවත" වගේ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...