..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 12, 2012

වැස්ස,සුළඟ,ආලෝකය සහ ආදරය


වෙන්න බැහැ මට
ඔය හිතට වැස්සක්
වහින්න බැරි නිසා නෙමෙයි
වහින තරමට ගැලුවොත්
ගිලෙයි නුඹ


වෙන්න බැහැ මට සුළඟක්
දාහය පිරි දිවියට
හමන්න බැරි නිසා නෙමෙයි
සුළං කෝඬෙ සැරට
ගසන් යාවි නුඹෙ කූඩුව



වෙන්න බැහැ මට එළියක්
අඳුරු දිවියට නුඹේ
එළිය දෙන්න බැරි නිසා නෙමෙයි
ඒ එළියෙ සැර
ගිණි කණ වැටෙයි නුඹ


ළඟට නොඑන්නෙ
ආදරේ නැති නිසා නෙමෙයි
ආදරේ තරමට
ළං වෙන්න බැරි නිසයි නුඹට



ඒ නිසා


පිනි බිඳක් වෙලා ඇවිත්
වැස්සට හොරෙන්

මද පවනක් වෙලා ඇවිත්
සුළඟටත් හොරෙන්

සඳ කිරණයක් වෙලා ඇවිත්
ඉරටත් හොරෙන්

මම ආදරය දෙන්නම්
මුළු ලොවටම
හොරෙන්



හොරු අල්ලන

මම
සොඳුරු සිත
( සිත් පොලිසියෙන් )

8 comments:

  1. හේ හේ ලස්සනයි.. බඩුයි හොරැයි දෙකම සිත් පොලිසියමනේ.

    ReplyDelete
  2. ඒකනම් මරු.. පොඩි රැඩිකල් ගතියක් තියෙනවා වචන වල. ඔයාගේ අළුත් ඇඳුම හරි ලස්සනයි අනේ. කොහෙන්ද ගත්තේ හවුස් ඔෆ් ෆැෂන්ද...?

    ReplyDelete
  3. ම්.. ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  4. ලස්සනයි.. (පොලීසියෙන් ලියල තියෙන කවි ටිකා .. :)

    ReplyDelete
  5. අපුරුයි... ලස්සණයි... සුපිරියි...

    ReplyDelete
  6. කාලෙකට පස්සෙ ලියැවුණ අපූරු කවියක්. ඉටුනොවුන හැම බලාපොරොත්තවකම ඉටුකරගන්න පුළුවන් කොටසකුත් තියෙනවා කියලා මේ කවිය දැක්කාම හිතුනා.

    ReplyDelete
  7. හරිම ලස්සනයි නංගි, ඔන්න ඔය කවිය තමයි කාලෙකින් සිත් පොලීසිය ගැන තාත්විකව ලියවුනෙ නේද? මෙහෙම හොරු අල්ලන්න කවදා අපේ පොලීසියට හැකිවේවිද මන්දා.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...