..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, September 4, 2012

ඔබෙ උණුසුම් වම් උරහිස - Your Left Shoulder: My Sole Refuge

ඔබෙ උණුසුම්  වම්  උරහිස

Your Left Shoulder :
My Sole Refuge




මුළු ලෝකෙන් හැංඟෙන්නට

මොහොතක් මට ගුලි වෙන්නට

කාටත් නොපෙනෙන කඳුළක්

ඒ අස්සෙ හංගන්නට



ඉකි ගසමින් හඬන විට දි

නොදොඩා අහගෙන ඉන්නට

වෙන් වී යන්නට කලියෙන්

ඈත බලන් ගුලි වෙන්නට


ඔය උනුසුම්

ශක්තිවන්ත

උරහිසත් අරන්

මා හමුවන්න ට විඟහින්

එන්න රත්තරන්




උණුසුම් උරහිසක අඩුව දැනෙන

මම

සොඳුරු සිත

21 comments:

  1. ඇයි දකුණු උරිස්සට කැමති නැද්ද? :D

    ReplyDelete
  2. ආදරවන්තයා ගෙ උරහිසට හේත්තු වෙලා ඇස් පියාගෙන ඉන්න තියෙනවා තරම් සැනසීමක් කොහෙද? නංගියෙ.

    ReplyDelete
  3. අනේ අක්ක තරහ වෙන්න එපා...
    මම අහලා තියෙන්නේ විඟහින් නෙමේ විගහින්
    අක්කා අදහස් කලේ ඉක්මනට කියන ඒක නේද.....?
    හැම ගෑල්ලමයෙක්ම ඔහොම හිතනවා නම් නෙහ්......?

    ReplyDelete
  4. මම ලස්සන ටී ෂර්ට් එකක් දැක්කා කොල්ලෙක් ඇඳගෙන යනවා. ඒකේ ගහලා තිබුනේ
    "Please don't cry on my shoulder"
    වාත කෙල්ලෙක් වෙන්න ඇති ඉන්නේ...

    ReplyDelete
  5. මින් පෙර කවදාවත් නැතිවිදියට
    …දැනුනා පාලුවක් මගෙ උරතලයට
    …නොහඳුනනා කාගෙදෝ ගතේ සීතලට
    …බැහැ ඒ හිඩස පුරවන්නට
    …ඔබ මට අහිමිවූ දා සිට
    …දැනුනා පාලුවක් හැමදා මා උරට
    …අදමෙන් හැමදාම මට
    …හඩන්නට සිතෙයි රෑට .....

    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  6. @මාතලන්
    වාත කෙල්ලෙක් වෙන්න ඇති තමයි.ඒත් පිරිමි උරිස්සක් කියන්නේ හ්ම්. මාතලන්ට කියල වැඩක් නැහැ. දැන් මාතලන් නාකි.

    ReplyDelete
  7. Loku John
    උරහිසේ බර සැහැල්ලු වුනත් හිතේ බර වැඩි වෙලා වගේ.

    ReplyDelete
  8. Podi Kumarihami
    ඇයි නෝනෙ...දකුණු උරහිසයි ,වම් උරහිසයි වෙනස්.

    ගැහැණු කෙනෙක් ඉන්නෙ තම ආදරවන්තයට/ස්වාමියාට/මනමාලයාට වම් පැත්තෙන්.
    ඒ වගේම තම සහෝදරයාට/පියාට දකුණු පැත්තෙන්....

    ReplyDelete
  9. පුබුදු
    ස්තූතියි පුබුදු.........

    Chandi
    ඇත්ත අක්කේ.... ඇත්ත තමා

    ධමිමික ස‍‍දරුවන්
    ස්තූතියි ධම්මික

    Red Riding Hood said...
    ස්තූතියි ..........

    ReplyDelete
  10. බැසයන හිරුගේ රත්වන් පැහැය සිත්තම් කල අවරදිග අහස පසුබිම් කොට කැදලි කරා පියඹන සියොතුන් කිහිප දෙනෙකි හැරෙන්නට මුහුදු වෙරළ පාළුවේ වෙලී තිබිණි.

    වෙරලෙහි හැපී පිණි බිඳු විසුරුවමින් බිඳෙන රැළි මතින් ඔහු පියමං කලේ බිමට නැඹුරු කරගත් හිසිනි.

    වෙරළ ඉම පියමං කොට මහ මඟට පිවිසෙන්නට නිමේෂයකට පෙර නැවතුනු ඔහු හිස හරවා ආපසු බැළුවේය.

    ඇය ඒ වන විටත් වෙරල ඉම ආසන්නයටම ලංවී සිටියාය.

    වෙරළ ඉම ඉක්මවීමට පලමු ඔහු බලාල්පොරොත්තු වූ ලෙසම එක වරම නැවතුනු ඇය ආපසු හැරී බැළුවාය. ඉන්පසු එක් නිමේශයක් ඔහු දෙස බලා හුන් ඇය ආපසු හැරුනේ වෙරළ ඉම ඉක්මවා සැඳෑ අඳුරට එක්ව නොපෙනී ගියාය.

    තවත් මොහොතක් එලෙසම බලාහුන් ඔහු ආපසු හැරුනේ දිගු සුසුමක් හෙලමිනි.

    හිස සෙමින් පහත් කොට තම වම් උරහිසෙහි තවමත් රැඳි ඇයගේ සුවඳ පපුව පුරා ආඝ්‍රාණය කල හෙතෙම නොපෙනෙනෙ අනන්තයකට මං සළකුණු දක්වනා අඳුරින් පිරි මාවතට පිවිසියේ ජීවිතයේ හෙට දින පිළිබඳව කිසිදු ස්ථිර අදහසකින් තොරවය.

    But of a solitary thing he was definite about.......He would come to the beach tomorrow and the day after and the day after, because he was sure that his left shoulder was all she got, and that's what keeps her alive.....

    ReplyDelete
  11. ඒ කියන්නේ වත්... අපිට එයාලගේ (ආදරවන්තයා/ස්වාමිපුරුෂයගේ)දකුණු උරිස්සට හේත්තුවෙන්ට අයිතියක් නෑ කියලද? :D

    ReplyDelete
  12. //...ඒ වගේම තම සහෝදරයාට/පියාට දකුණු පැත්තෙන්....//
    මං මේ කතාව කලින් අහල තිබුණෙ නෑනෙ බොලේ....

    ලස්සන නිර්මාණයක් සොඳුරු...

    ReplyDelete
  13. සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ?

    ReplyDelete
  14. ශක්තිමත උරහිස අවශ්‍යවෙන්නේ ජීවිතේට මුහුදෙන්න .ඔව් ඒක එහෙම විය යුතුයි.

    ReplyDelete
  15. මට තියෙන්නේ උරහිසට හේත්තුවෙන කෙනෙක්ගේ අඩුවක් !

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...