මට ඔයාව මතක් වුනා
I remembered you
I remembered you
ඔහු . . . . . . . බොහොම අපහසුවෙන් සුව පහසුව වාඩි වුනා.
මාව මඟ අරින ඒ ඇස් අල්ල ගන්න , මගෙ ඇස් නොඉවසිලිමත් වුනා.
වරක් දෙවරක් මඟ ඇරපු ඇස් , හිටපු ගමන් මගේ ඇස් කඹේට අහුවුනා.
මට ඔයාව මතක් වුනා.
ඒ ඇස් නතර වුනා. මාත් එක්ක හිනා වුනා.
මට ඔයාව මතක් වුනා.
“ ඉතින් . . . . . . .
! ! ! “ දුක පිරුණු ඒ
ඇස් මා දිහා බලන නොබලන ගානට නැවතිලා තියෙද්දි , කතාවට මුල පිරුවා.
මට ඔයාව මතක් වුනා.
අලගිය තැන් මුල ගිය තැන් , වැස්ස , පෑවිල්ල , මදුරු වසංගතය ,
විතරක් නෙමෙයි කාර්යාලයේ පියන් ගැන පවා නැවතිල්ලක් නැතිව ඔහු කියෙව්වා.
හරියට කාත් කවුරුවත් නැතිව කාන්තාරයක තනි වෙලා හිටිය මනුස්සයෙක්ට ඉස්සරෝම වෙලා මුණ ගැහුනු මනුස්ස පරාණයට විස්තර කියනව වගේ. හූ මිටි තියන්න වත් මට කට අරින්න වෙලාවක් නැති වුනා.ඒ වචන කණට ඇහිලා සීතල පරිසරයට එකතු වෙද්දි
මට ඔයාව මතක් වුනා.
හරියට කාත් කවුරුවත් නැතිව කාන්තාරයක තනි වෙලා හිටිය මනුස්සයෙක්ට ඉස්සරෝම වෙලා මුණ ගැහුනු මනුස්ස පරාණයට විස්තර කියනව වගේ. හූ මිටි තියන්න වත් මට කට අරින්න වෙලාවක් නැති වුනා.ඒ වචන කණට ඇහිලා සීතල පරිසරයට එකතු වෙද්දි
මට ඔයාව මතක් වුනා.
හැමදේම ගැනම කතා කරත්. ඔහු ගැන කිසිම විස්තරයක් නොපවසා ඉන්න තරම් ඔහු හරිම
සූක්ෂම උනා.විශේෂයෙන්ම වයස හෙළි විය හැකි තැන් ඔහු උවමනාවෙන්ම මඟ ඇරියා. මගේ වයසටම
හරියන එකම කෙනා.
මට ඔයාව මතක් වුනා.
අපි දෙන්නව තනි කරලා අම්මා , මල්ලි
වගේම කපුමහත්තයත් මල් ගැන වැස්ස ගැන තේ දළු ගැන තම තමන්ගේ අදහස් දක්වන හැටි ත් හිටිගමන් සියල්ල
නිස්සද්ද වෙද්දි ඔහු ගැන නොරිස්සුමක් ඇති වෙද්දි , කතාව නවත්තල “ ගිහින් එන්නම්
“ කියලා
නොකියද්දි ,
මට ඔයාව මතක් වුනා.
අරන් ආව “ මාම් “ බිස්කට් ටින්
එක, සෙටියෙ ඉදන් හිනා වෙද්දි. මුළු ටවුමෙම ඇවිදල අමාරුවෙන් හොයන් ආපු , කිසිකෙනෙක්
අතවත් නොතිබ්බ පිරිච්ච ඇම්ඹුන් ඇවරිය මේස උඩ ඔහේ බලා ඉද්දි , කාලා ඉතිරි වෙච්චි
කේක් කෑලි වලට ඉව අල්ලපු පුංචි තෙල් කූඹි එකා දෙකා මේසෙට කිට්ටු වෙද්දි.
මට ඔයාව මතක් වුනා.
අරමුණක් නැති මගේ හිතේ , ඔයාගේ
රූපෙ මැවි මැවී නැති වෙද්දි.
“ අපි ගිහින් එන්නම් එහෙනම් “ “ ආයුබෝවන් ...!! ! ! “ කියද්දි. “
“ ඒ ළමය නම් කැමැති වෙයි වගේ “ අම්මගෙ සතුටු හිත පිරිල ඉතිරෙද්දි.
කාපු බීපු තේ මේසයෙ , අඩු වැඩිය අහවර කරද්දි ,
තේ දෙන්න ගියාම ගැස්සුනු අත නිසා ඉහිරුනු තේ වතුර බින්දු පිහදාද්දි , ඒ අස්සට වැටුනු කඳුළු බින්දුව දිහා බලද්දි
“ අපි ගිහින් එන්නම් එහෙනම් “ “ ආයුබෝවන් ...!! ! ! “ කියද්දි. “
“ ඒ ළමය නම් කැමැති වෙයි වගේ “ අම්මගෙ සතුටු හිත පිරිල ඉතිරෙද්දි.
කාපු බීපු තේ මේසයෙ , අඩු වැඩිය අහවර කරද්දි ,
තේ දෙන්න ගියාම ගැස්සුනු අත නිසා ඉහිරුනු තේ වතුර බින්දු පිහදාද්දි , ඒ අස්සට වැටුනු කඳුළු බින්දුව දිහා බලද්දි
මට ඔයාව මතක් වුනා.
මගේ ජීවිතේට ඇතුලු වෙන්න බලන්න ආපු තවත් කෙනෙක් ඇවිත් යද්දි , කවදාවත් පිට
මං කරන්න බැරිව , මගේ ජීවිත්ට ඇතුලු නොවුන ඔයාව .........................................................
මට මතක් වුනා.
ප:ලි:-
අද වගේ දවසක තමයි ” සොඳුරු සිත” ලියන්න පටන් අරන් තියෙන්නේ.
ඒ ගැන මතක් කරල දීපු නිදහස් සිතුවිලි ලියන රන්දිල්ට මගේ ස්තුතිය.
Somebody wants you, somebody needs you
Somebody dreams about you every single night
Somebody can?t breathe, without you it?s lonely
Somebody hopes that one day you will see
That somebody's me, that somebody's me,


14 ප්‍රතිචාර:
හොදයි.. දුකයි.. :(
ඇනිවසරියට කේක් ඕනි..
සුබ පැතුම් වත්. :)
"මට ඔයාව මතක් උනා "
ලස්සන වචන ටික . සොසීට කලින් රන්දිල්ට මතක් වෙලා නේද ?
හැමදාමත් හිතට දැනෙන සංවේදී ලිපි ලියන සංවේදී සිතක් ඇති සොසීට තවත් මේවැනිම ලිපි ලිවීමට , ශක්තිය හා දිරිය ලැබේවා !
මටත් කෙනෙක්ව මතක් වුනා..
උණුසුම් සුබ පැතුම්..!!
කේක් කෝ..?? :))
මට ඔයාව මතක් උනා ,
ඉදිරියටම ලියන්න උණුසුම් සුභපැතුම්
එයාට ඔයාව මතක් වෙනවද කියන එකයි ප්‍රෂ්නේ... අද නම් මරු...
හැපි ඇනිවසරි.....!!!!
කීයද...?
හප්පේ..එල ඈ!!!!සුභ පැතුම්!!!!
තව තවත් රසවත් ලිපි වැඩි වැඩියෙන් ගේන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
හරිම අපුරුයි...
ඔයාව මතක් නොවෙන එයාව, ඔයාට ඉක්මනින් අමතක වේවා!
ලෝක සොබාවේ ඔහොමයිලු...
සුභපැතුම්!
සුභ පැතුම් සොසි.. :)
ජය වේවා..
සුභ පැතුම් වත් අක්කා.
Subama suba pethum...!
/ මට ඔයාව මතක් උනා.../
ඒ කියන්නෙ හදිස්සියෙ එක එක වෙලාවට මාව මතක් උනාය කියන්නෙ අනික් වෙලාවට මාව අමතක වෙලයි තිබ්බෙ කියන එකද?
මට නම් එහෙම ඔයාව විශේෂිත වෙලාවක මතක් උනේ නෑ,
ඒ මොකද දන්නවද?
කවදාවත් මගෙ හිතේ ඔයා අමතක වෙලා තිබ්බෙ නැති නිසා,
හැමදාම ඔයා මගෙ හිතේ හිටපු හින්ද,
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.