..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, September 1, 2012

෴ සිහින දකින්නිය / The Dreamer ෴


෴ සිහින දකින්නිය ෴


The Dreamer






හීන එකින් එක තෝරා
වෙන් කර
පේළියට
ගනන් කළා
එහි සිටිනා
අයව එකින් එකට


පුදුමෙක ලොකු
හැම සිහිනෙම
කොහේ හරිම
කොණක
නුඹ සිටියා සිනා වෙවී
පෙරදා වුන් ලෙසට


සිහින නොදැක
දිගු නින්දක
මා සැතපෙන තුරුම
මගෙ හැම හීනෙම හිටහන්
රැය ගෙවෙනා තුරුම


In My Dreams you are Mine but In My Life you are Just A Dream



නුඹ ගැනම
සිහින දකින්නිය
මම
෴ සොඳුරු සිත ෴

15 comments:

  1. හීනෙන්වත් සතුටුවෙන්න ලැබෙන එකත් ......මම ආසම සිතුවිල්ලක්

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  2. සිහින වෙලාවකට අපිට බලාපොරොත්තු ඇති කරනවා, වෙලාවකට අපිව දිරිමත් කරනවා හරිම ලස්සනයි නංගී.

    ReplyDelete
  3. හැමදේටම කලින් දකින්නේ හීනයක්මයි..

    ReplyDelete
  4. හැමදේටම කලින් දකින්නේ හීනයක්මයි...

    ReplyDelete
  5. සිහින දකින්නා යනු වර්තමානයේ අනාගත තුල ජිවත් වන්නෙකි..
    එය අරමුණු හා බද්ධ වීමෙන් අනාගතය තුල කෙලින් සිටීමටද...
    සිහිනයේ ගැලී සිටීමෙන් අහිමි වර්තමනයක්ද හිමි බව සුදා මල්ලි විසින් ප්‍රකාශ කර ඇත.

    ReplyDelete
  6. මට ඉන්ස්සෙප්ෂන් මතක් වුනා... හිනයකින් තව හීනයකට යන්න

    ReplyDelete
  7. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  8. මොනවා උනත් හීන දකින එක හොදයි

    ReplyDelete
  9. සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ...
    නිදන නෙතු යුග සනසනා..

    මේ දැක්කාම වෙන මොනව කියන්නද..? ගියක් වගේම ලියැවුන කවියක්..

    ReplyDelete
  10. So that's where I was during every night?
    In your every dream, I was there, wasn't I?
    I was wondering where am I going while sleeping,
    Now at last I know, I was in your dreams.....Heh, heh,

    ReplyDelete
  11. කඩ්ඩෙන් කොටලා තියන ටිකට මගේ හිත ගියා

    ReplyDelete
  12. එළි නොවනා සිහින..
    ජීවීතයම සිහිනයක් කියලා කවුදෝ කිව්වලු නේ..

    ReplyDelete
  13. හීන දකින්ඩ ලැබෙන එකත් මරු.
    හැබැහින් දකින්ඩ වෙන්නේ නැති ඒවා හීන වලින් හරි පේනව නෙව

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...