..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, September 8, 2012

ඇය දීගෙක ගියාය ..........

ඇය දීගෙක ගියා ය . . . . . .



සේපාලිකා මල් අතු අග
සිරි සිරි ගා හැලුනා
ඉස්සරහට ගිය මට
ආපසු එන්නට සිතුනා
නුඹ බලන්න සිතුනා
මට
නුඹ බලන්න සිතුනා


නැවුම් සීත තුෂර බිඳක්
තොල් පෙති මත වැටුනා
නුඹෙ තොල් පෙති රස සිහි වී
නුඹ සිඹින්න සිතුනා
නුඹ සිඹින්න සිතුනා
මට
නුඹ දකින්න සිතුනා



අවාරයේ ගී ගයනා
කොවුලෙක් හඬ ඇසුනා
ආපසු දුව විත් ආයෙත්
නුඹ බලන්න සිතුනා
නුඹ අත අල්ලන් ආයෙත්
ඇවිද යන්න සිතුනා


මහ ඕවිටි කඳූ හෙල් වැටි
වී කරලුත් නැමුනා
නුඹෙ පිට රැදි දාබිඳු දිලිහී
මගෙ සිහියට නැඟුනා
දුව විත් දාඩිය සුවඳින්
මත් වෙන්නට සිතුනා


මොකද අඬන්නේ කියලා
කෙනෙක් හිමින් ඇසුවා
මගේ දකුණු පස සිටිනා
මනාලයෙක් දුටුවා
පතිනිය වී වෙන ගමකට
පය තබන්න සිතුවා
නුඹෙ මතකය නිල්වලාවේ
ඟග පතුලට හෙලුවා


නුඹ දකින්න බෑ . . . . . . .
මට නුඹ පතන්න බෑ . . . . .
වෙනකෙකු සතු රෝස මලක්
සුවඳ දෙන්න බෑ . . .




ඇය යන මඟ කඳුළු බින්ඳු ඇහිලූ
මම
෴ සොඳුරු සිත෴

18 ප්‍රතිචාර:

ආගන්තුක යා said...

O.o
ශාහ්.. මරු නෙ..!!!

Chandi said...

හරිම ලස්සනයි නංගි. මටත් සමීප අත්දැකීමක් නිසා ටිකක් සංවේදී උනා.

සුදා මල්ලි said...

හිමි වීම වෙන්වීම දෝ ආදරේ...?
ලැබීම අතර නොලබිමකට කරන්න පුළුවන් ආදරේ පිවිතුරුයිලු...
ඒත් ඒක අර්ථ විරහිතයි නේද..?

Dinesh said...

ලස්සනයි.

නාඩියා නාඩිරත්න said...

හ්ම්ම්..ලස්සන පද ටික ඈ!

Chanaka Aruna Munasinghe said...

සොසීත් එහෙනම් දීගෙක පලච්චීඊඊ.
Clap Clap Clap !!!

Gimhani said...

සංවේදී පද වැලක්. ලස්සනයි සොසී .

මාතලන් said...

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙන
ඈගේ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවීතේ මට වාසනා

-ගීතයකි... එපමණයි... මතක් වෙනකොටත් ඇඬෙනවා ඕයි...

අඩවි රජ said...

නියමයි අක්කේ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Ravi said...

අත් පටලාන හඳ එලියේ ඇවිද ගියේ,
නෙත් සතරකට හිමි රහසක් මිමිනු කලේ,
සත් හට උරුම ඉරණම නළලත කෙටුනේ,
සිත් සන්තොසින් සමුදෙමි නුඹහට ඉතිනේ,

ගනඳුර නුග සෙවණ ගුලි ගැහෙනා යාමේ,
රතඳර සිහිව සුසුමකි හද කැළඹූයේ,
උරුමය වියෝදුක බව දැනසිටි සොඳිනේ,
මතුදින නුඹේ වත දැක සැනසෙමි ළඳුනේ,

Podi Kumarihami said...

ගීයකට ලස්සන පද මාලාවක්...:)

Loku John said...

සෑහෙන්න හිතට වැදුන කව් පෙලක්

…මමත් ඔවැනි එකක් ගෙතුවා කාලකට එපිට කැමතිනම් බලන්න

යන්න මට අවසරයි ....මෙතනින් බලන්න

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සනයි.ලියන්න තව කවි.

දයානන්ද රත්නායක said...

සේපාලිකා මල් සිරි සිරි ගා හැලුනා
ඇටිකුකුලෝ හොට රතුකර
අතු අස්සෙන් එබුණා..

මෙන්න මේවගේ රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු කවියකුයි ගිතයකුයි දෙකක්ම තිබුණා.
මේකත මුල හරිය ගියක් වගේ.

෴සොඳුරු සිත෴ said...

'රතු පාටට මදටිය ඇට
සිරි සිරි ගා හැළුණා
ඇටි කුකුළෝ ඇස් රතු කර
හොට දික් කර එබුණා'.

එහෙම නේද අයියේ............

Uditha Lekamge said...

http://lekssammuthiworld.blogspot.com/2012/09/blog-post.html

කාලෙකට පස්සෙ ආවෙ අක්කේ ඉන්නවා කියලා කියල යන්න. කවිය ලස්සනයි හැමදාමත් වගේ.

මධුරංග said...

කවි සිතුවිල්ල කියවලා කමෙන්ට් එකක් දාලා යන්ඩත් මට හිතුනා.

ගිමන් නිවන්නා said...

ලස්සනයි සොසි!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...