..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, September 25, 2012

පිස්සු බැල්ල


පිස්සු බැල්ල





“ මොකක් ද බං ඔය කරන පිස්සු වැඩේ , මම නම් කියන්නේ මේ බැල්ලිව මරමු කියලා. මේකා දැන් ගමේ කී දෙනෙක්ව හපා කෑවද මං අහන්නේ. අනේ අම්මප මට එන තරහ. ගනින් යකෝ ඔය පොල්ල මෙහාට “


“ යකෝ .... උඹ පිස්ස නටන්නෙපා. හොසපිටල් එකෙන් කිවුවේ බැල්ලිව හොඳට බලා ගන්න කියලා.  ඌ මළොත් අපිත් ඉවරයි“



ඒ මොකෝ බං

යකෝ මූට පිස්සු නම් මු තව දවස් දෙක තුනකින් සෙම හලාගෙන මැරෙනවා


නැහ් . . ! ! !


නැහ් නෙමෙයි බං .


වැරදිලාවත් වෙන දේකින් මළොත්


ඒකටනෙ හත් ඉලව්වේ කන්න බොන්න දීලා බලා ගන්න කියන්නේ

 මිනිසා විසින් බල්ලාට සෑහෙන දුරකින් තබන ලද බත් පිඟාන , බල්ලා වෙත මදක් ළං කරන ලද්දේ දිගු රිටක් ආධාරයෙනි.


“ බලාන යකෝ. . . . . . . කෙළෙහි ගුණයක් නැති බැල්ලියො “

කූඩුවේ අයින කොණටම වන්නට වකුටු වී නිදා සිටි කැහැටු බැල්ල මදක් හිස ඔසවා බැලු අතර මිනිසුන් දෙදෙනා තරමක් ඈතට වන්නට විය.ඔවුන් දෙස බලා සිටි බැල්ල , කෑම පිඟාන වෙත හෙලූ හිස් බැල්ම ද සමඟින් දිගු කර ගත් හොම්බ ඉදිරි ගාත් මත ගාල් කර කල්පනාවට වැටුණි.

--------------------------------------------
 

හරියටම මීට මාස කිහිපයකට පෙර ,

වස්සානයේ ආරම්භක දිනයේ දී මේ බැල්ල විසින් අතිශය ඝෝෂාකාරී නගරයේ කඩපිලක් මත පුළුන් ගුලි වන් බලු පැටවන් තිදෙනෙකු ප්‍රසූත කළා ය. කෙසඟ සිහින් සිරුරැති බැල්ල , දඩාවතේ ගොස් ආවේ මොන බල්ලාගේදැයි නොදන්නා පැටවුන් තුනක් කුස දරාගෙන බැව් පැවසූ කඩහිමි , පංසලේ ප්‍රධාන දායක උපාසක මුදලාලි මහතා මහ වරුෂාවේ නොතෙමී තිබූ එකම මුල්ලේ ලැග සිටි බැල්ලට සහ ඇගේ පැටවුන් සීතල වතුරින් නැහැවීමට තරම් කාරුණික විය.


උණුසුම පුළුන් පොදි තුන කටින් ඩැහැගත් බැල්ල , තමාට මතකති කාලයේ සිට හැදී වැඩුනු පාසල වෙතට දිව ගිය ද......හතර වටින් තාප්ප බැද අසුරා තිබූ පාසලේ , ප්‍රධාන ගේට්ටුවේ යට වූ හිඩැස යටින් අපහසුවෙන් මුත් ඇතුලු වීමට උත්සාහ කළේ , තමා කුඩා අවදියේ දී ආදරයම ලැබුනු පාසල් බිම තම පැටවන්ට ද ඇති හොඳම තැන නිසාවෙනි.


“ චිප්: බැල්ලි . . . . .  පර බැල්ලි, මළ වසංගත , ආයෙත් එනව මෙතන සනුහරේ බෝ කරන්න, බොහොම අමාරුවෙන් වඳ කර ගත්තම, ආයෙත් ළඟින්න එනවා “

මුරකරු විසින් නියම ඉලක්කයට විසි කර ගල වැදී නැඟුනු වේදනාව යටපත් කර ගත් බැල්ල , තම කටින් ගත් උණුසුම් පැටවන් ද සමඟින් සිරි පොද වැස්සේ ඉඹාගාතේ යන්නට වූවා ය.


“ දොයි . . දොයි .. . . දොයි . . .
දොයිය . . . .බබා . . . .
බයි බයි බයි. . . .
හඪ ඇසුනු දෙස විමසිලිමත් වු බැල්ල , කටේ දරාන සිටි පැටවුන් තිදෙනා මදක් පසෙකින් තැබුවාය. තීරණයකට එළෙඹි ඇය. නැවතත් කටට ගත් පැටවුන් තිදෙනා සමඟින් හඩ ආ දෙසට ඇදෙන්නට වූවා ය.
අලුත උපන් බිළිඳියක සිටි ඒ කුඩා පිරිසිදු නිවසේ දර ගෙය දෙසට වන්නට ඇති කුඩා නමුත් උණුසුම් බිම් පොඩ්ඩ බැල්ලියට මාළිඟයක් මෙන් විය.


මෙසේ ටික දිනක් ගෙවී ගිය අතර ,නිවසට හදිසියේ ම ආ අමුත්තිය සහ පැටවුන් පලමුවෙන්ම දකින ලද්දේ පෙර පාසල් යන වයසේ පසුවූ සිඟිති දියණියයි.


ඇය තම පුංචි කුසට වැඩි තරම් ලැබෙන කෑම පංගුවෙන් වැඩි කොටස බැල්ලියට දුන්නේ සිය මවට සහ පියාටත් ගෙදර අනිකුත් අයටත් හොර රහසේ වුවත් , තම වැඩිමල් දියණිය වෙනදාට වඩා කෑම ගන්නා රහස සොයා යෑමේ දී දරමඩුවේ වසන බැල්ලියත් පැටවුනුත් තව දුරටත් රහසක් නොවීය.


දර මඩුව වැඩිමනක් භාවිත නොවීමත් , අලුත උපන් බිළිඳා නිසා මුළුතැන් ගෙයි වැඩ කටයුතු වැඩිහරියකට ගෑස් භාවිතා වීමත් රහස එළිවීමට වැඩිකල් ගතවූ හේතු විය.
ගෙදර ගෘහණියගේ දැඩි අප්‍රසාදයට ලක් වූ බැල්ලිය සහ පැටවුන් එතැනින් ඉවත් කිරීමට නොහැකි වූයේ පෙර පාසල් යන සිඟිත්තියගේ මාරාන්තික උපවාසයයි.


බැල්ලිය සිඟිත්තියට ණය ගැති වූවා ය.


සිඟිත්තිය දකින සෑම විටකම තම කන් පහත් කරමින් නඟුට වනමින් පෑ යටහත් ගතිය , සිඟිත්තිය සැලකූවේ සුරතල් ක්‍රියාවක් ලෙසිනි.

දිනෙන් දින වැඩෙන සිඟිත්තිය මෙන්ම සුරතලෙන් වැඩුණු කුඩා බලු පැටවුන් ද සිඟිත්තියගේ ලෝකයට ප්‍රිය දසුනක්ම විය. සිඟිත්තිය විසින් තබන ලද සුරතල් නම් තුනක හිමිකරුවන් වීමට ද ඔවුනට හැකි විය.

නමුත් දිනක් . . . . . .


“ මේ බලන්න. මම ඔයාට කොච්චර කීව ද? ඇහුවෙ නැහැ. වෙලාවට කණ ඇතුලට නොගියෙ. කණට ගියානම් හෙම මොන දෙයියන්නට කියන්න ද? ඔහෙ අදම මේ බලු පැටවු ටික අල්ල ගිහින් අර ඟගට හරි විසි කරන්න. නැතිනම් මම යනවා පොඩි වුන් දෙන්නත් අරන් මහ ගෙදර. ඔන්න මම නොකීවයි කියනනෙපා. . . “


කතාව අසා සිටි බැල්ලිය , සිය පැටවුන් ලගට ගෙන මැක්කන් එකෙක් නෑර පිරිසිදු කළාය. නිවස ආසන්නයට නොයන ලෙස පැටවුන්ට අවවාද කළාය.


සිඟිත්තියගේ පියා මුහුණ දුන් බරපතල අර්බුදය තරමක් හෝ විසදා ලන්නට පැමිණියේ සිරිසෝමයි.


දිනක් දර මඩුව දෙසට පැමිණි සිරිසෝම දැක බැල්ලිය බිහිසුනු ලෙස බුරන්නට වූවත්, තරමක් වෙලා බලු පැටවුන් එහා මෙහා පෙරළමින් දැඩි පරීක්ෂාවකට ලක්කර අවසානයේ ....

“ මු විතරයි බල්ලෙකුට ඉන්නේ. අනිත් දෙන්නම බැලිකික්කියෝ. . . මම මේකාව විතරක් ගෙනියන්නම් රාලහාමි “ යි පැවසු සිරිසෝම. බැල්ලියගේ ලතෝනිය මැද්දේ දුඹුරු සහ කළු පැහැ මිශ්‍ර තිදෙනාගෙන් හොඳින්ම වැඩුනු බලු පැටවා රැගෙන යන්නට විය.

සිඟිත්තියගේ පියාට එරෙහිව ඊළඟට පැමිණියේ දියණියගේ දෙවෙනි දරුවා බලා කියා ගැනීමට පැමිණි නැන්දම්මායි.


ඇය සැදැහැවත් උපාසිකාවක් වූ වාය.

“ පුතේ  . . .  මම මේ කියන්නමයි උන්නේ. අර බලු රොත්ත වත්ත පුරා ජරා කරනවා. අනික දැන් උන් ලොකු උනාම මේ පොඩි දරුවනුත් අල්ලන්නෙ ජරාව. බැරිද ඕකුන් ටික කොහාට හරි ගිහින් දාන්න “



විරෝධතා උග්‍රවත්ම . . . . .දිනක් ගෘහමූලිකයා පෙහොර උරයක් ද රැගෙන දර මඩුව වෙත ඇදෙනු දක්නට හැකි විය.බැල්ලියගේ විලාපයත් සමඟින් ඔහු පාපැදියක නැගී පලායනවාත් , ටික වේලාවකින් පාලම මත සිට යමක් “ජබොස් “ හඩ නඟිමින් ඟගට වැටෙනවාත් ඇසුණි.

21 ප්‍රතිචාර:

වීපොකුර said...

ෂික් පව් කාරයෝ..!බල්ලන් ප්‍රශ්ණයක් තමයි..ඒත් පැටවු මරන්න ඕනිද...?

සාතන් said...

..................

සචිත් said...

ගොඩල් සංවෙදි කතවක් එත් ඇත්තත් ඔකම තමයි පව් අහින්සක බලු පැටව්..........

Inamaluwe Buddadasa said...

තුන් තිස් පැයේ බන අහන බන කියන රටේ බෞද්ධ ජනතාවගේ උතුම් ක්‍රියාවක්, රසවත්ව ඉදිරිපත් කිරීමක්. අගෙයි නෝනා මහත්මයා.

නාඩියා නාඩිරත්න said...

ඔන්න ලංකාවේ ඉන්න ශ්‍රදාවන්ත උපාසකයෝ!!!

පරිකල්පන said...

ඕක තමයි අක්කේ අපේ රටේ මිනිස්සුංගෙ ඇත්තම හැටි.
සංස්කෘතියයි සදාචාරෙයි කියන ලස්සන අයිසිං ගොඩට යටින් තියෙන්නෙ පුස් කාපු කේක් ගෙඩියක්...

හිරු said...

හපොයි මඟේ ඇඟ වෙවුලන්න ගත්තා.. මාත් බල්ලන්ට පුදුම ආදරෙයි.. පොඩි කතාවක් කියන්නම් මෙතනම... මේක ඇත්ත කතාවක්..

දඩාවතේ යන පූසියක් පැටියෙක් කටින් එල්ලන් අපේ ගෙදර ආවා... ඊට පස්සේ පැටියා අපේ ගෙදර පදිංචි උනා... ඊළග පාර පැටව් ටිකත් බඩේ තියන් ලොකු පූසි අපේ ගෙදරට ආවම පෙට්ටියක් හදලා දුන්නේ අපේ අම්මා... පැටවු හම්බුවෙන්න අමාරුවෙලා රෑ එලිවෙනකම් දුක් විදිනකොට, උදේ පාන්දර වෙට් ගාවට අරං ගිහිල්ලා ඔපරේෂන් කලාම පැටව් 5 දෙනෙක්.. ඒ පාර ආයිත් ගෙදර උස්සන් ආවම මහ පූසි පැටවු ළඟට ගත්තේ නෑ.. එයා දන්නේ නෑ පැටවු හම්බුනා කියලා... ( එයාට වේදනාවක් දැනුනේ නැති නිසා ‌..)

අපේ අම්මා උදේ හවස කිරි දිදී බලා ගත්තා.. ඒ දවස්වල අපේ ගෙදර ඩේ කෙයා එක වගේ.. හි හි... සෙල්ලම් ගොඩයි.. ( අපේ අම්මා ෂොප් එකේ වැඩත් එක්ක ගොඩක් කාර්‌යබහුල කෙනෙක්)

ඔ‌ෙහාම සති දෙකක් විතර යද්දි මුන් ටික එකා එකා මැරුනා.. ( ඔපරේෂන් කලාම හරි යනවා අඩුයි ලු) උණ වගේ තිබිලා අම්මා ළමා පැනඩෝල් සිරප් බින්දුවක් දීලා.. අනේ පස්සේයි දන්නේ පූසන්ට පැනඩෝල් විසයි කියලා....

ටික දවසකින් පූසි මීයෙක් අල්ලන් ඇවිල්ලා පැටවු ටික හොයනවා කන්න දෙන්න.. එයාට පැටවු මතක් වෙලා තියෙන්නේ පස්සෙ.... (පළවෙනි පාර පැටියටත් එහෙම කලා කියලා අම්මා දැකලා තිබුනා...ඒ පැටියත් ටිකක් ලොකු වෙනකොට කබරයෙක් ඇදගෙන ගියා .. )

අම්මා ඒක දැකලා කොච්චර ඇඩුවද කිව්වොත් අම්මව සනසවන්නම තාත්තා බලු පැටියෙක් ගෙනාවා... අද ඌට රජ සැප.. අර පූසිත් අයිත් ගියේ නෑ.. තාම ඉන්නවා.... අපේ ගෙදර වැඩිපුර සැප විදින්‌ෙන් ඒ දෙන්නා..

සතෙක් මරන්න හිත හදාගන්නේ කොහොමද කියලා මට හිතාගන්න වත් බෑ...

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අයියෝ... වතුරට දාන්නේ මොන හිතකින්ද...? මුන්ගේ $%^&*.....

RanDil said...

:(

සුදා මල්ලි said...

ඔය බල්ලෝ කරදරයක් නම් තමා. ඒත් එකට විසදුම බල්ලෝ මරණ එක නම් නෙමේ. අනේ මන්ද මිනිස්සු..? මිනිස්සු බලන්නේ ලේසි දේ.. ඒකයි එක පාරින් මරල දානවට කැමති. ඒත් වෙන සාර්ථක වඳ සැත්කම් වයේ ewa කරනවා නම් උන්ට කරදරෙකුත් නෑ අපිට කරදරෙකුත් නෑ. අර බැල්ලි ඔහොම ඉන්නවා හොඳයි..? සමහර බල්ලියෝ ඉන්නවා නේද පරෙදේ සමහර වාහන පස්සේ එලවනවා. එක්කෝ ත්‍රිවිල් වලට හැබැයි ඌ බයිසිකල් පස්සේ පන්නන්නේ නෑ. ඒත් අපි නිකමට හිතනවද අයි ඌ එහෙම කරන්නේ කියලා. උනුත් හම්ගීම් දැනීම් ඇති උන්. මේවා කාගේ වැරදිද නම් දන්නේ නෑ

Shanaka Kumara said...

ශික් කාලකන්නි :(

Pramudi said...

අපේ ගෙදරත් එනවා ඔහොම බැල්ලියෙක්.
වෙලාවකට තරහත් යනවා උන් ජරා කරනකොට.ඒ වුනාට සැර කරන්න හරි ගහන්න කියල හිතල හරි ලඟට යනකොට ඒකිගේ ඇස් දෙකේ තියෙන බැල්මට ඒක කරන්න තියා හිතන්නවත් බෑ.
සත්තු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ.
අපි කවුද සතෙක් වුනත් මැරෙන්න ඕනි කියල තීරණය කරන්න

මාතලන් said...

අපූරූ කතන්දරේ. අර කිව්වත් වගේ අපේ අයගේ හොඳ පුරුද්දක් තමයි ඕක.

පුබුදු said...

හුගක් දුකයි , අපේ ගෙදර නම් ඇති කරපු සත්තු හුගදෙනෙක් සල්ලි වලට ගත්ත උන් නෙමෙයි කොහෙන් හරි අරන් ආපු එවුන්වත් නෙමෙයි අපේ ගෙවල් ළඟ දාල ගියපු සත්තු.. කලගුණ දන්න ඒ පුසෝ බල්ලොන්ට සත්තු කියන එකත් වැරදි මං හිතන්නේ

තාරුකා said...

හපොයි... කරපු වැඩේනම් හොඳටම දරුණු වැඩියි :(

නිසුපා said...

අනේ කොහොම කරනවද මන්දා එහෙම වැඩ.

මඩයා said...

යකෝ බල්ලෝ මරපු එක නම් මහා පවු වැඩක්
තැනින් තැන සැදැහැවත් උපාසක උපාසිකාවන්ට හිමිහිට පාරක් එල්ල කරලා තියෙනවා.ලෝකෙට පෙන්න සිල් ගත්තත් ගෙදරට එද්දී ඒවා ඔක්කොම අමතකයි :/

දයානන්ද රත්නායක said...

හිතට දැනෙන්නත්, දෙවරක් හිතන්නත් ලියපු පෝස්ට් එකක්. හැම සතෙකුටම අපට වගේම ජීවත්වෙන්න අයිතිය තියෙනවා. උන්ගෙ වර්ගයා බෝවිම සහ බෝකර ගැනිම උන්ගේ පුරුද්ද. ඒත් අයාලේයන සතුන් මරා දැමිමමට වඩා උන් පාලනය කරන්න ක්‍රම සෙවිය යුතුයි.

අපි තීරන ක්‍රියාත්මක කරන්න කලින් දෙවරක් හිතන්න ඕනේ ඒ නිසා..

Chandi said...

අප්පේ උපාසක අම්මලා ඔහොමම තමයි. හැම කුණු ගොඩම පන්සලට හරි වතුරට හරිම තමයි.මේ වගේ කරන අයට යන්න අපායවල් හොයන්න වෙයි සෝසී. අද කාලෙ හිතක් පපුවක් තියෙන අය හරිම අඩුයි.

මධුරංග said...

හ්ම්...

නෙතු නුඹ said...

I have noo words. really really nice

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...