..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, September 22, 2012

තැපෑලෙන් ලියුමක් , කතන්දරගෙන් කෝල් එකක්....

තැපෑලෙන් ලියුමක් ,කතන්දරගෙන් කෝල් එකක්..............




 ජීවීතය කියන්නේ , බලාපොරොත්තු කන්දරාවක්. 

පුංචි අවදියේ ඉදන් තියෙන බලාපොරොත්තු වයසින් වැඩෙත්ම වෙනස් වෙනවා. 

සමහර දේ ඉෂ්ඨ වෙනවා. 

තවත් සමහර දේ බිදිල ඉරිතලල යනවා. 

තවත් කිහිපයක් කවදාවත් ලඟා කර ගන්න බැරි තරම් ඈතට යනවා.


මගේ ජීවිතේ බලාපොරොත්තු වැඩිහරිය කණ ළඟින්ම ඈතට යද්දි. මම කරේ තියෙන බලාපොරොත්තු අතෑරිය එක සහ අලුත් බලාපොරොත්තු ඇති කර නොගත්තෙක. 

ඒක සිතට වේදනාවක් ගෙන නොදුන්න සරල පැවැත්මකට රුකුලක් උනත් සමහර වෙලාවට ජීවිතේ මහා හිස් බවක් දැනෙන්න ගත්තා. 



කවදාවත්ම නොසිතපු විදිහෙ විනෝදාංශ රැසක් ජීවිතයට ළං වු‍නේ ඔය අත‍‍‍රෙ. . . .  ජීවිතයේ හිස් ගතියත් නැති වෙලා යන්න ගත්තා.

කවි ලියන්න පුලුවන් වෙයි කියල ජීවිතේට මම හිතුවෙ නැහැ. මහාබර සාර ගැඹුරු කවි ලියන්න බැරි එක ඇත්ත.ඒත් ගැට ගහල ලියන සරල කවි පද හතරක් මට ඉහටත් උඩින්.


සම්මාන ගන්න පුලුවන් කෙටි කතා ලියන්න බැරි එක ඇත්ත ... ඒත් සමහර කතා ආයෙත් කියවද්දි , " ලියුවෙ මම ද " කියල දැනෙන හැඟීමට මම කැමැති.

බරපතල වචන දාලා විග්‍රහ කරන්න පුලුවන් ඡායාරූප ගන්න බැරි එක ඇත්ත උනත් ,   , පුංචි දරුවෙක්ගෙ හිනාවක් , සමණළයෙක් ගෙ මොහොතක් , ගහක් කොළක් මලක්  ඡායාරූපයකට ගත්තම දැනෙන සතුට මට වැඩිත් එක්ක ඇති.

අද සෙනසුරාදා . . . . . .


පස්ස පැත්තට ඉර එළිය වැටෙනකම් නිදා ගත්ත බව ඇත්ත. ගැස්සිලා ඇහැරුනේ බයිසිකලයක සීනු නාදයක් , ඝාන්ඨාරයක් වගේ සද්දෙන් ඇහුන නිසා.


හැමදාමත් ඒ සද්දෙ ඇහෙනකම් මඟ බලා ඉදල මට ඇති වෙලා තිබ්බේ.ඒ නිසා " කම්මලේ ඉන්න බල්ලට වගේ " සීනු නාදය ගැන තිබ්බ ඇල්ම නැති වෙලා ගිහින් තිබ්බා.


ඒත් . . . . . 


ජීවිතේ එක ලස්සන බලාපොරොත්තුවක් " තැපෑලෙන් ඇවිත් " 


සි‍ත සතුටින් පිරුණා .  .  . . . 

කඩිමුඩියෙ ලක ලෑස්ති වෙලා කාර්යාලයට ආවේ. සෙනසුරාදා වුනත් අද කාර්යාලය අතිකාල රාජකාරි සඳහා විවෘත නිසා.

ඒ ආව විතරයි. . . . . . බොහොම කලාතුරකින් ඇමතුමක් එන මගේ ජංගම දුරකතනය නාද වුනා.......

" හෙලෝ  . . . වත් "

" ඔවු මම වත්සලා තමයි "

" මතකද මේ කවිය ,? " ඔහු ඇහුවා.
වත් පිළිවෙත් ගුණදම් නිති රකිනවද?
වත් පොහොසත් කම් ගැන හෙම බලනවද?
වත්සුණු, කොකුම්, අංජන වත උලනවද?
වත් ඔබ කවුද, දැන්වත් මට කියනවද?



ඉතින් අද ලස්සන දවසක් මට . . . . . 

එක බලාපොරොත්තුවක් තැපෑලෙන් එද්දි , නොදුටු යාළුවෙක් අහඹු විදිහට කතා කරා.



ප්ලෑන් ‍‍‍‍‍නොකරපු ජීවි‍තය හරිම ලස්සනයි.


ප:ලි:-

දැන් වගේ නෙමෙයි. කතන්දරකාරයා ඉස්සර ලියපු ලිපි හරිම රසවත්. හැමදාම උදේට කතන්දර බ්ලොග් එක කියවන එක පුරුද්දක් වුනා. අදටත් පුරුදු ලෙස කියෙව්වත්..... ඉස්සර තිබුන නැවුම් රසවින්දනාත්මක ගතියේ බරපතල අඩුවක් මට දැනෙනවා.


ඒත්

කතන්දරකාරයා මල් ව‍‍‍‍‍ගේ ම , ගල්  මුල් බාර ගන්න ‍ උ‍පේක්ෂා  සහගත බව  ‍ ‍ගො ඩක් අයට  ආදර්ශයක්. 


මම
සොඳුරු සිත
‍ ‍වත්


22 comments:

  1. //දැන් වගේ නෙමෙයි. කතන්දරකාරයා ඉස්සර ලියපු ලිපි හරිම රසවත්. හැමදාම උදේට කතන්දර බ්ලොග් එක කියවන එක පුරුද්දක් වුනා. අදටත් පුරුදු ලෙස කියෙව්වත්..... ඉස්සර තිබුන නැවුම් රසවින්දනාත්මක ගතියේ බරපතල අඩුවක් මට දැනෙනවා.//
    ඒ කතාව ඇත්ත කියල මටත් හිතෙනව

    ReplyDelete
  2. ඒත් සමහර කතා ආයෙත් කියවද්දි , " ලියුවෙ මම ද " කියල දැනෙන හැඟීමට මම කැමැති.// මමත් කැමතියි!

    ReplyDelete
  3. @වත්,
    ඒ කවිය හරි අපූරුයි.ඔයා මේ ලිපියෙන් දෙන පණිවිඩය ඊටත් අපූරුයි.මොකක්ද දන්නවද තියෙන බලාපොරොත්තු අත හරින එක සහ අලුත් බලාපොරොත්තු ඇති කර නොගන්න එක.හැමෝම ඒකට එකග වෙන්නෙ නැතුව ඇති.ඒ වුණත් ලොකු බලාපොරොත්තු නැතුව ජීවිතේට මූණ දෙන එක පහසුයි.බුදුහාමුදුරුවො අපිට ජීවත් වෙන්න කියල කිව්වෙත් එහෙමයි.


    @බුද්ධි,
    ඒක හැම නිර්මාණකරුවෙක්ටම පොදු හැගීමක් මං හිතන්නෙ.

    ReplyDelete
  4. මේ දවස්වල ගොඩක් අය අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීම සහ ධනාත්මක චින්තනය ගැන කතා කරනවා...

    ඉතිං මේවා මගේ හිතටත් හරිම සුබවාදී හැඟීමක් ගේන්නේ.. අවුරුදු 2ක් හරි මලකඩ කාලා තිබුණ මොලේට තෙල් දැම්මා වගේ...

    අනුත් මත යැපෙන එක නම් හොද නෑ තමයි.. ඒත් ජීවිතේට දැකලා නැති කෙනෙක් උනත් සතුටින්, මුළු හිතින්ම කියන එක වචනයක් උනත් ජීවිතේ හොද පැත්තකට හරවන්න ශක්තියක් වෙනවා අපිටත් නොදැනීම...

    මේක මටත් සුබ නිමිත්තක්.... හි හි

    ස්තූතියි වත්...

    ReplyDelete
  5. සහතික ඇත්ත.... කාළය හැමදේම වෙනස් කරනවා.. ඒත් මම හිතන්නේ කතා එදාට වඩා පරිනතයි ඒ නිසා නේ වෙන වෙන නම් වලින් පට්ට ගේම දෙන්නේ.

    ReplyDelete
  6. දැන් වගේ නෙමෙයි. කතන්දරකාරයා ඉස්සර ලියපු ලිපි හරිම රසවත්. හැමදාම උදේට කතන්දර බ්ලොග් එක කියවන එක පුරුද්දක් වුනා. අදටත් පුරුදු ලෙස කියෙව්වත්..... ඉස්සර තිබුන නැවුම් රසවින්දනාත්මක ගතියේ බරපතල අඩුවක් මට දැනෙනවා.

    ReplyDelete
  7. තැපෑලෙන් ආව බලාපොරොත්තුව වෙනුවෙන් සුභපැතුම්..!

    ReplyDelete
  8. නොහිතපු හොද සිද්ධි එකපාරට වෙනකොට මාර සතුටක් දැනෙනවා තමා සිරාවටම.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මට ඒ කවි පෝස්ටුව මග ඇරිල..

    ඔක්කොම කියෙව්ව..

    වෙන්ස්වෙන එක ඉතින් කොයි දේටත් පොදු වුණත්
    "ඉස්සර තිබුන නැවුම් රසවින්දනාත්මක ගතියේ බරපතල අඩුවක් මට දැනෙනවා..."
    මටත් නම් එහෙම දැනෙනව.. මමම ලියන කෙටි සටහන් ගැනත් මටම එහෙම හිතෙනව.. වත් ලියන ඒව ගැනත් එහෙම හිතෙනව..
    මේ නොදන්න යකා දන්න යකාට වඩා හොඳයි වාගේ වැඩක්ද මන්ද..

    ReplyDelete
  10. හරි සැහැල්ලුයි!

    ReplyDelete
  11. මමත් බොහෝ කලෙක සිට රස විඳිනා අඩවියකි.
    අපේ අඩවියටත් ඇවිත් යන්න නොනේ...
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
  12. /සමහර දේ ඉෂ්ඨ වෙනවා. 

    තවත් සමහර දේ බිදිල ඉරිතලල යනවා. 

    තවත් කිහිපයක් කවදාවත් ලඟා කර ගන්න බැරි තරම් ඈතට යනවා./


    අනපේක්ෂිතව ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන කොට හිතට දැනෙන සැහැල්ලුව, සතුට හිතේ කොණක හැමදාම තියාගන්න වත්,

    බිඳිල ඉරිතලල යන එව්ව දිහා ආයෙම බලන්න එපා,එහෙම බිඳිල යන එව්වත් එක්ක ඔක්කොටම තමයි ජීවිතේ කියන්නෙ වත්,

    ළඟා කරගන්න බැරි තරම් ඈතට යන දේවල් දිහාවෙ දුරින් ඉඳල බලල සැනසෙන්න, අත්පත් කර ගත්තොත් බොහෝවිට අද මේ දකින සුන්දරත්වය නැතිවෙලා යන්න පුළුවන් වත්,

    Wish you all the best in life Wath, you deserve it more than anyone else.....

    ReplyDelete
  13. බලාපොරොත්තු වෙන දේවල් නොලබෙද්දී ලැබෙන දුකට වඩා බලාපොරොත්තු නොවන දෙයක් ලැබෙද්දී ලැබෙන සතුට කෝටියක් වටිනවා..

    ReplyDelete
  14. එදිරි
    ස්තූතියි එදිරි....

    බුද්ධි
    ඇත්ත." ලිව්වෙ මම ද" කියල හිතෙනව කියන්නේ අමුතුම හැඟීමක්. ඔයාව දැක්කම මට නම් හිතේ වි මෙහෙම "කෙහෙල් කොරටුවෙ චූටි මහත්තයා, ලිව්වෙ මෙයා ද? වෙන්න බෑ "

    වර්ෂා
    ඇත්ත වර්ෂා. ඒ උනාට බුදු හාමුදුරුවො කීව විදිහට ජීවත් වෙන්න අපිට බැහැනේ. උත්සාහවත් ගන්නෙ නැහැ අපි....

    හිරු
    හිරු මට ස්තුති කරලා. හිතා ගන්න බැහැ ඒ ඇයි කියලා. ස්තූතියි ඔයාටත් හිරු.

    ReplyDelete
  15. @මාතලන්@
    මේකාගේ කට තමා කට... කවුරු ඉදුලෙ දැම්ම ද මන්දා.

    ReplyDelete
  16. Mahesh B Dahanayaka | මකුළුවා
    හ්ම්.... මම ලියනෙව්වත් එහෙම වෙලා තමා.

    Beetle
    ස්තූතිටි බීටල්..... මයි ෆ්‍රෙන්ඩ් ...

    @අඩවි රජ@
    ඔබටත් රාජ සම්පත් ලැබේවා. අන්ත:පුරයකුත් එක්කම.


    ReplyDelete
  17. @තිස්ස දොඩන්ගොඩ@
    ඇත්ත අයියා.... අපි වයසට ගිහින්. ඒකමයි මේ.ඉස්සර ලීවා..දැන් පැන් වල තීන්නත හිදිල ද කොහෙ ද..හෙහ් හෙහ්.. අනේ මන්දා.


    Dayal Bathee
    ජීවිතේට ඕනිත් අන්න ඒ " සැහැල්ලුව" තමයි... ස්තූතියි බතී.

    ReplyDelete
  18. Inamaluwe Buddadasa
    මෙන්න අමුත්තෙක්. ඉන්න ඒ පැත්තෙ ඇවිල්ල යන්න එන්නම්.
    ස්තූතියි මේ අහා ආවට.


    dreams
    සහතික. ඇත්ත. බලාපොරොත්තු නැතිව ලැබෙන දේ , අපි බලාපොරොත්තු ගොඩාක් තියාන ඉදල ලැබුන දේට වඩා වටිනව වෙන්න පුලුවන්.

    ReplyDelete
  19. Ravi
    Wish you all the best in life Wath, you deserve it more than anyone else.....

    තමන්ගේ ජීවිතේ සතුටු ආරංචියක් , තමන්ට ගොඩාක් හිතවත්, හිතේ කිසිම කහටක් නැති, තමන්ටත් වඩා හොඳින් තමන්ව තේරුම් ගන්න පුලුවන් මගේම අයියට කියනෙකත් සතුටු ආරංචිය විඳින්න පුලුවන් හොඳම ක්‍රමයයි...

    ස්තූතියි මයෙ අයියේ............

    ReplyDelete
  20. මගේ කොමෙන්ට් එක පල නොකල එක නම් පල්....

    ReplyDelete
  21. පිස්සු බැල්ල කියන පෝස්ට් එක කිසිම විදිහකින් කියවීමට නොහැක, පේලි දෙකක් පමණක් පෙනේ. කමෙන්ට් දැමීමටත් නොහැක...

    ReplyDelete
  22. මගේ සුභ පැතුම්!

    මේ කතන්දරේ කලින් කියෙව්වත් කමෙන්ට් කරන්න මතක් වුනේ අදයි.

    හැම දේම වෙනස් නොවී තියෙන ලෝකයක් මට නං එපා. මම වෙනස් වෙනවා. ඔබද එලෙසමයි. අපි එන්න එන්නම දුරස් වෙනවා. ඉතිං සාපේක්‍ෂ වෙනස තවත් වැඩියි!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...