..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, September 19, 2012

බිත්තරේ


ගොඩාක් ඉස්සර කාලෙක ......
ගොඩාක් දුර පුංචි රටක......

යෝධ වැඩට උපන් හපන්
පුංචි යෝධයෙක් හිටියා...........
ඇඟින් පතින් විශාලයි ලු
හදවත නම් හරි කුඩයි ලු
යෝධයගේ පණ තිබ්බේ
ඈත දුරක
පුංචි ගමක
උසම ගහක...
මුදුනෙම තිබු
පුංචි කුරුළු කූඩුවේ
අලුත දාපු බිත්තරේ...........


ඉතින් ....

මේ යෝධයා.

මොන වැඩේ කරත්.

කොතැනක හිටියත්.

තමන් දන්නෙවත් නැති තැනක තියෙන පුංචි කුරුළු කූඩවක බිත්තරයක් ඇතුලෙ තියෙන තමන් ගෙ පණ ගැන හිතනවලු.

තදින් සුළං හමද්දි. 

හයියෙන් වැස්ස වහිද්දි...

ඒ අසරණ පුංචි යෝධයා ....

තමන්ගෙ පණ රැක දෙන්න කියලා ආයාචනා කරනවලු.


අන්න ඒවගේ තමයි ..........

මම මෙතන වුනාට... 

වෙන කොහේදෝ නොදන්නා තැනක 

කාගේ දෝ ළඟ.... මගෙ පණ ,මගෙ හදවත ගැහෙනවා...ඒ නිසා ඔයා පරිස්සමින් ඉන්න ♥ ♥ ♥ 

නැතිනම් මා මියැදේවි.

මෙහෙම කියන්නේ ...ඔයැයිට තියෙන ආදරයකට නම් නෙමෙයි. 


මං මටම ආදරය නිසයි.

16 ප්‍රතිචාර:

Mahesh B Dahanayaka | මකුළුවා said...

ඔයැයිට තියෙන ආදරයකට නම් නෙමෙයි.
මං මටම ආදරය නිසයි. :D
අක්කා නිකන් එන්න එන්නම මොනවා කීවත් රොමැන්ටික් කතා කියනවා වැඩී :)
මාත් ලගදී ලිව්වා බිත්තර කතාවක්

මාතලන් said...

මරු.... අනිත් අයට ආදරය කරන්න ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න ඕන.. සහතික ඇත්ත...

පුබුදු said...

අමුතුම අදහසක්, ලස්සනයි...

Sumith Niriella said...

//ගොඩාක් ඉස්සර කාලෙක ......
ගොඩාක් දුර පුංචි රටක......
යෝධ වැඩට උපන් හපන්
පුංචි යෝධයෙක් හිටියා...........
ඇඟින් පතින් විශාලයි ලු
හදවත නම් හරි කුඩයි ලු
යෝධයගේ පණ තිබ්බේ
ඈත දුරක
පුංචි ගමක
උසම ගහක...
මුදුනෙම තිබු
පුංචි කුරුළු කූඩුවේ
අලුත දාපු බිත්තරේ...........// මේ ටික මාර ලස්සනයි, හොද රිදම් එකක් තියෙනවා

අපූරු අදහසක්..."මං වෙනුවෙන් ඔබ රැකෙන්න"

නාඩියා නාඩිරත්න said...

සිරාවටම එල ඈ!!අමුතුම අකුරු ටිකක්!!!

Dinesh said...

//මං මටම ආදරය නිසයි//
මේ කතාව ඇත්ත. එයා මගේ පණ ඒ නිසා මම මගේ පණට අදරේයි.

හිරුහිමාවී said...

හ්ම්ම්..ලස්සනයි යාලු :)

තිසර said...

එයාට ආදරේ නැත්නම් ඇයි ඔයාගේ පණ එයා ගාව තිබ්බේ? බොරු නේද කියන්නේ? තාම ආදරෙයි නේද? ආදරේ නෑ කියන එකත් ආදරේ ප්‍රකාශ කරන එක විදිහක්...

නිසුපා said...

eththama eththa kathawak..

Pramudi said...

ඒක නම් ඇත්ත.අපි ඇත්තටම ආදරේ අනිත් අයට නෙවේ අපිටමයි..

මධුරංග said...

හරියටම බලාගෙන ගියහම අපි අපිට විතරයි ආදරේ...

අවතාර් said...

ලස්සනයි

සුදා මල්ලි said...

එඅදේ මරු අදහස නේ.. ඇත්තටම සෝක් එල
නියමෙට පුර්වපර සන්ධි ගලපලා තියෙනෝ..

දයානන්ද රත්නායක said...

මට හිතාගන්න බෑ මේ මොකක්ද කියන්නේ කියලා. තාම ඔලුවට වැටුනේ නෑ.

තිස්ස දොඩන්ගොඩ said...

"ඇයගේ ඇකයේ
ඔබ හිස රඳවා
සැනසුනු මොහොතක
ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා
ඇයට නොවේ
ඔබට පමණි
ඔබ ආදරේ"

රූ.... said...

//මං මටම ආදරය නිසයි.//
මේක නම් සහතික ඇත්ත සොසී..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...