..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 13, 2012

පත්තිනි දේවි, මර්සි , අම්මා සහ මම


පත්තිනි දේවි, මර්සි , අම්මා සහ  මම





පයේ බැඳපු සළඹ අරන්
උගස් කරන්නට
අදමිටු සැමියා යැවුවට
මදුරා පුරයට
නොකල වරද හිසේ වැටී
මරණය ආ විට
ඇයි ද ළඳේ
කෝප වුනේ
ගිනි තියන්න නගරෙට

අඹෙන් උපන් පත්තිනි දේවිට කර කාර බදින්න හම්බුනේ බොහොම නරක සැමියෙක් ලු. දූ කෙලියට, සූදුවට මදු විතට ගැහැණුන්ට ලොල් වෙච්චි පත්තිනි දේවියගෙ සැමියා එන්න එන්න දුප්පත් වෙද්දි, තමන් ගෙ සළඹ විකුණන් එන්න කියලා පත්තිනි දේවි සැමියව පිටත් කරාලු මදුරාපුරයට.



ඒත් ...................................

මදුරාපුරයෙ බිසවගෙ පා සළඹත් ඒ වෙලාවෙදිම කවුදෝ හොරෙක් හොරකම් කරල නිසා ඒ ගැන සොයන්න ගියපු රාජ සෙබළුන්ට හමුවෙලා තියෙන්නෙ , තම බිරිඳගෙ පා සළඹ විකුණන්න ආපු පලග ( පත්තිනි දේවියගේ සැමියා ) ව හමුවෙලා ඔහුව රැගෙන යනවා රජ මාළිගයට.

අන්තිමට පත්තිනි දේවියගේ සැමියව මරා දමනවා. එය ආරංචි වෙන පත්තිනි දේවිය සැමියා නැති සොවින් පිස්සියක් වගේ මදුරා පුරයට ඇවිත් ඒ නගරෙ ගිනි තියනවලු.

පුන් පියයුරු එකක් කඩා
ගසලා පොළවට
සාප කලා ඇය තම
සැමියා මැරු නගරෙට
පතිනි බලෙන් ගිනිගත්
ඒ නගරය හළු කොට
අදත් ඇයයි සංකේතය
බිරිඳකගේ පතිවත


දෙවියන් විශ්වාස නොකරත් , දේව කතා අහන්නත් , දේවාල වලට ගියහම තිර වලින් වහල තියෙන ලස්සන දේව රූප වල සුන්දරත්වය විඳින්නත් පොඩි එකී සංදියෙ ඉදලම සොඳුරු හරිම කැමැති.

ඒත් ..........................

මේ ළඟදි පූජා වට්ටියකුත් අරන් අම්මත් එක්ක දෙවුන්දර විෂ්ණු ‍දේවාලයට යන්න වුනේ ඇගේම බල කිරීමට.


දෙවියන් නැවතිලා ඉන්න හොස්ටල් එකක් වගේ වුනු දෙවුන්දර විෂ්ණු ‍දේවාලයට යන්න මම කවදත් කැමැති. ඒ වදින්න පුදුන්න කෙසේ වෙතත් . හැමදාම ගියත්  බලන්න තියෙන දේ එමට නිසා.


පත්තිනි දේවිගෙ කාමරයට ගියහම කණට ඇහෙන සිහින් සීනු නාදය හිතට ගෙනාවෙ අමුතුම හැඟීමක්. අතුරු සිදුරු නැතිව පත්තිනි දේවිය හිටපු ඒ පුංචි කුටිය පිරිල ගිහින් තිබ්බ.


බබ්බු හම්බෙන්න ඉන්න අය, බබාලා හම්බුනු අය ඒ පුංචි බබාලත් , ඒ පුංචි බබාලගෙ තාත්තලත් එක්ක ඇවිල්ල හිටියා. ඉහින් කණින් දාඩිය බේරෙද්දි , දිව්‍ය ලෝකේ ඉදන් අපේ දුක අහන්න ආපු පත්තිනි දේවිය දිහා මම බලාන හිටියෙ හරිම ආසාවෙන්.

ඇය හරිම සොඳුරු ළඳක්. අද කාලේ කෙල්ලන්ට වඩා වෙනස් ඇය ට තිබ්බෙ පිරුණු ලස්සන පියයුරු. ලස්සන රවුම් මූන . ලොකු ඇස්. දිගු වරලස. පලල් උකුල. දේවාලය අස්සේ ඇගේ පින්තූරයක් ගන්න මට බැරි වුනත් ඇය දිහා බලා ඉන්න නම් කිසිම තහනමක් තිබ්බෙ නැහැ.


මගේ වාරය එද්දි, අම්මා මයෙ අතේ පලතුරු වට්ටිය තිබ්බේ කපු මහතාට පේන්න රු.500කුත් උඩින්ම තියන ගමන්.

පත්තිනි දේවියට කියන්න ඕනි පණිඩේ කපු මහත්තයට රහසින් කීව අම්මා , මාව පත්තිනි දේවිය ඉස්සරහට තල්ලු කරා.

තමන්ට වංචා කරපු. තියෙන සේසතම සූදුවට විනාශ කරපු. ගැහැණු පස්සෙ ගියපු. තමාගේ ප්‍රිය ස්වාමි පුරුශයා වෙනුවෙන් ඒ තරම් පතිභක්තියක් පත්තිනි දේවියට දීලා පත්තිනි දේවියව මැවුවෙත් පිරිමි අයම වෙන්න ඇති කියලා මට හිතුනා.


ඒ අස්සෙන් මට ඇහුනේ මර්සි එදිරිසිංහ මෙන්න මෙහෙම කියනවා.

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙ කරොත් ඔබ කියාවි
මෝඩ ගෑනි මං

පත්තිනි දේවාලයේ කපු මහතා. අපි අරන් ගියපු පලතුරු වට්ටියෙ පලතුරු ටිකක් ඉතුරු කරල ආපහු දුන්නත් , රු.500යේ ඉතිරි නම් හම්බ වුනේ නැහැ.


පලතුරු වට්ටියෙ තිබ්බ ලොකුම අන්නාසි කෑල්ල අතට ගත්ත මම දේව විමානෙන් බිමට බැස්සෙ ත් ගන්දර පැත්තෙ ඉදන් මාතර යන්න ආපු ගින්දර බසයකට ගොඩ වුනෙත් මිනිස්සුන්ගෙ හිත් වල මැවුනු අපූරු කතාන්දර හැබෑවක් ද බොරුවක් ද කියලා හිතා ගන්න බැරිවයි.


පත්තිනි දේවිය නිසා හිත අතරමං වුනු
මම
෴ සොඳුරු සිත ෴




පලි:- මේ තියෙන්නෙ කලින් කලට මම දෙවුන්දර බලන්න ගියාම ගතපු පින්තූර කිහිපයක්.

දෙවුන්දර විහාරයේ බුදු පිළිමය
කැමරාව - Canon 1100 D

දෙවුන්දර දේවාලයකැමරාව - Canon 1100 D
කිට් ලෙන්ස්

දෙවුන්දර දේවාලය
හැන්දෑවරුවක ගිය දවසක තමයි මේ
ඔලිම්පස් VG 110 ඩිජිටල් කැමරා



හැන්දෑවක දෙවුන්දර යන්න තියනම් .. . . . . . . . .

12 ප්‍රතිචාර:

මාතලන් said...

බොහෝම ස්තූතියි ;D ;D ;D
ඔය තියෙන්නේ අපූරුවට.
කපු මහත්තයට 250 යි පත්තිනි දේවිට 250
ඉතුරු නැත.

දසුන් මධුසංඛ වානගුරු said...

සොදුරි දෙයියො බලන්නත් ගිහිල්ලා.හොදා හොදා.

මොකද දන්නෑ හදිස්සියේ ම....ත් කොරගන්නද?

ධමිමික ස‍‍දරුවන් said...

ඔන්න මරු බිස්නස්.

මධුරංග said...

මොකෝ ෆොටෝ එකත් එක්ක කැමරාවේ වර්ගය ගහලා තියෙන්නේ ?

මාතලන් said...

@ මධුරංග
එයාට කැමරා දෙකක්ම තියෙනවා කියලා කියන්නනේ...

Mahesh B Dahanayaka | මකුළුවා said...

මට පේන විදියට අක්කා මෙකේ ලොකු කතාවක් කියන්න උත්සහ කරලා තියනවා.පොඩි වචන් ටිකකින් ඒක දැනෙන්නේ හදවතට

දීලා පත්තිනි දේවියව මැවුවෙත් පිරිමි අයම වෙන්න ඇති කියලා මට හිතුනා.

ඒ අස්සෙන් මට ඇහුනේ මර්සි එදිරිසිංහ මෙන්න මෙහෙම කියනවා.


රොබින් said...

ඉතුරු කොහේ හම්බවෙන්නද ? ඔක්කොම මාරු කාසි දානේ කැටවලටනේ

Ravi said...

ඔය දේව කතා බණ කතා, ජාතක කතා ඔක්කොම පුරුෂාධිපත්‍ය මූලික කරගත්තු බමුණු සමාජයෙ ලියවිච්චි කතානෙව වත්..ඉතිං හැමතැනම තියෙන්නෙ ඔය අච්චුවම තමයි...වෙන මොකවත් ඕන නෑ.... බුදු හාමුදුරුවො කියන්නෙ ස්ත්‍රීන්ට සමතැන දෙන්ට පුරෝගාමී උනු උත්තමයෙක් කියලනෙ කියන්නෙ..ඒත් එතුමාම මහෞෂධ පණ්ඩිත කාලෙදි මතකද අමරා දේවිගෙ ඉවසීම පරීක්ෂා කරන්ට කලාය කියන අශීලාචාර වැඩේ?....අර උයාපු කෑම ඔක්කොම අනල අමරාදේවිගෙ ඇඟේ ගාල අව්වෙ තිබ්බය කියල කියන්නෙ...

පෝටොස් ටික නම් නියමයි වත්තො.....හෙහ්, හෙහ්,

කෝරලේ මහත්තයා said...

හ්ම්ම්ම් හොඳ දක්ෂ පොටෝ කාරිනියක් නොවැ

දයානන්ද රත්නායක said...

දෙවියෝ මිනිස්සු පුදනවා මිනිස්සු දෙවියෝ පුදනවා.. නරකම නෑ

හරී said...

මම දැක්කා කොහෙද තැනක තියෙනවා කතාවෙ ඔහොම කිව්වට ගහන්න ඇත්තෙ හැට්ටෙ අස්සෙ තිබ්බ බෝම්බයක් වෙන්න ඇතිලු..

මොකද පොටෝ එක්ක කැමරාවෙ වර්ගය ගහලා තියෙන්නෙ..

RanDil said...

හැපි බ්ලොග් ඇනිවර්සරි අක්කේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...