මා සිත් ගත් තරුව නුඹයි

කවි. . . . . .
මේ කවි දික්කරන්න පුළුවන්. . . . .
ඒත්
මම කැමැති නැහැ , සිතට එකවර ම දැනිල ලීව දෙයක්, ආයාසයක් යොදලා තවත් දිගු කරන්න. කවිය කෙටි වෙන්න පුලුවන්.ඒත් ඒ හැඟීම මුළු රැයක් පුරාවටම දිග යි. . . .
තරු පිරි අහසක තරු නැහැ පැතුවේ
අහසෙත් සැම තැන නුඹවයි දුටුවේ
පුදුමයි ඒ තරු මල් පිපි අහසේ
තරු මට ළඟ , නුඹ දුරකයි සිටියේ
෴ තරු වලටත් වඩා දුරින් ඉන්නා කෙනෙක්ට ෴

6 ප්‍රතිචාර:
පොඩ්ඩක් වෙන දෙයක් ලියනවකෝ. හැමදාම දුකමනේ සුමනා....
පොඩි ධනවාදි එකක්.... අර එක සැරයක් ලිව්වා වගේ...
හ්ම්.. විරහා කවියක් !
දුකයි, ඒ වගේ ම සතුටුයි!
කවිෙය් දිග පලල මනින්න වචන පුරවනවාට වඩා ෙම් ෙකටි කවි ලස්සනයි. වචන ෙදක තුනකින් කිව්වත් වචන 100 කින් කිව්වත් වැදගත් වන්ෙන් කාව්‍යමය හැකියාව අැතිකර ගැනීමයි. ඒය ෙමහි තිෙයනවා
ලස්සනයි!
කෙටි වුනත් රසවත්
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.