..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 10, 2012

මගේ සිනාව

මගේ කෙටි කවි :-
අඬන දොඩන සිත නවතා
මොහොතක් නුඹ ගාව
සිනා පොදක් ඇන්දා
නුඹ මගේ දෙනෙත් ගාව
සලන නෙතු පියන් අස්සෙන්
ගියත් දුරකදාක
ඇන්ද සිනා මැකී නොයයි
මතකය නුඹ ගාව

4 ප්‍රතිචාර:

දයානන්ද රත්නායක said...

කෙටි වුණත් ලස්සනයි. මෙකේ "නුඹ මගේ දෙනෙත් ගාව" කියන කොටස "නුඹ මගෙ නෙත් ගාව" කියලා තිබුණ නම් හොඳයි කියල හිතුනා. "දෙ" යන්න නැති වුණත් ගැටලුවක් නෑ මොකද "නෙත්" කිව්වාම බහුවචන අරුත දෙනවනේ.

රොබින් said...

සමහරු ඉන්නවා නේනේනන් අපේ ජීවිතවල ඒ වගේ ...

Chandi said...

ඇන්ද සිනා මැකී නොයයි
මතකය නුඹ ගාව.........

හරිම ලස්සනයි මේ පද ටික.

මධුරංග said...

හ්ම්... මතකයන් අමතක කිරීම අසීරු ය !

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...