..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, September 2, 2012

සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය




සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය


 
ලැබුවේ සැප්තම්බරය පොත් විකිණෙන මාසේ
පොත් මොක වෙතත් සමහරු පෙරලන මාසේ

ගියවර ගෙනා පොත් තාමත් රාක්කයේ
මාසේ පඩිය කඩදහි වුනු සාස්තරේ


ලිස්ට් හදලා අරහෙ මෙහෙන් රිංගන්න
පොත් මිටියක් අරන් පින්තූරෙත් ගන්න
සැනින් එසැනින් වත් පොත වෙත අමුණන්න
මම ගත්තා මෙවර මේවා පෙන්වන්න


ගියවර මාත් පොත් ගත්තා තැනින් තැනින්
කියවූවා ටිකක් තව පොත් නම් එහෙන් මෙහෙන්
මේ වර අනේ පොත් ගන්නට නැතේ වරම්
එනමුදු එනවා පොත් පෙරලා ගන්න ඉතින්


මොන පොත පෙරලුවත් වත් පොත ඇර ගන්න
කාලය යනවා ඉගිලී එහි දැන ගන්න
පොත් කියවන්න වේලාවක් අරගන්න
හරි කම්මැලියි දැන් පත පොත කියවන්න


කුසට අහර මොළයට පොත් කියු හින්දා
ඉස්සර ඉදන් පොත පත ගෙන දුන් හන්දා
පුරුද්දට වගේ පත පොත සිත බැන්දා
එනමුදු කියවන්න කම්මැලි ඇයි මන් දා


කවි පොත් නම් එපා ආයෙත් අර ගන්න
කියවූ කෙනෙක් නැහැ ඒවා දැන ගන්න
අරයගෙ සම්මාන දුන් අර පොත ගන්න
කියවූ පසුව සම්මානය යළි දෙන්න


ගියවර ගතපු පොත් තාමත් ඇති හින්දා
ඒ නැති වුනත් අත මිට හිඟකම් හින්දා
ගත්තත් පොතක් කියවන්නෙ නැති හින්දා
මේ වර පොත් ගන්න ලිස්ට් හැදුවේ නැති දා


පොත් නම් මෙදා මේ වර නැත මම ගන්නේ
එනමුදු ඔහුත් සමඟින් මම එහි යන්නේ
අත්අල්ලාන පොත් පත් පෙරලා යන්නේ
කෝලා බීලා හවසට ආපසු එන්නේ

17 ප්‍රතිචාර:

Loku John said...

අර පින්තුරෙනම් මාව පුංචි කාලෙට ගෙනිච්චා

Sanjaya සිතුවිලි said...

බැලු බැලු තැනම පොත් ගොඩවල් හතර අත
දැක්කා නේද කොළඹට ආ සොදුරු සිත
දෙන්නද උදව්වක් සරුකර ගන්න වත
ගලවන්න අනේ ඔහුගේ ඔය හොදම දත

arunishapiro said...

කවි පොත් මම නම් තවමත් කියවනවා. ඒත් කවියාට සම්මාන තියෙනවා ද කියලා හොයලා නෙමෙයි.

මාතලන් said...

මේ මම ගිය පාර පොත් ප්‍රදර්ශනේ ගැන ලියපු කවි වගේ ඒවා ටිකක්
--------
නිකං කියවන් නැතුව..
පොතක් ගෙන කියවන්න..
-------
පොත් කාරයෝ එක්වී
පෙරලති අපට පොත්
-------
එති
ගනිති
පෙරලති
දමා යති
--------
පොකට් එක එම්ටි වෙති
ගන්නාවූ පොතක් නැති
නෙත් පුරා රස විඳිති
රෑට වහලෙන් වඩිති
ඇඟද කිලි පොලා යති
--------
නෙක්ස්ට් ඉයර්
බුක්ස් ගන්න කෙල්ලන්ට
සංගා සමග රැයක්
කොල්ලන්ට
නෙහාරා සමග රැයක්
බුදියන්න නෙමෙයි බන්
බත් කන්න.. බත් කන්න...
--------
නෙතු නොයයි බුක්ස් වලට
යන්නේම පුක්ස් වලට
ඒ නිසා නොයමි මම
පොත් ප්‍රදර්.. ශනවලට

හිරු said...

////ගියවර ගතපු පොත් තාමත් ඇති හින්දා
ඒ නැති වුනත් අත මිට හිඟකම් හින්දා
ගත්තත් පොතක් කියවන්නෙ නැති හින්දා
මේ වර පොත් ගන්න ලිස්ට් හැදුවේ නැති දා////

මෙන්න මේ ටික නම් මටත් අදාලයි...... මෙදා පොටේ පොත් ගන්න සල්ලි නෑ.... ගත්තොත් නම් ඉතිං අනිවා කියවනවා... හැබැයි දැං ඉස්සර වගේ ලස්සන පොත් අහුවෙන්නෑ මට.... කියවීමේ රුචිය එහෙමම තියෙනවා... හැබැයි රසය වෙනස් වෙලා ද කොහෙද.......

ෆොටෝ එක දැක්කම පොඩි කාලේ ටීවී එකේ ගිය ජපන් කාටූන් එකක් මතක් උනා.... නම නම් මතක නෑ....

samadhi said...

ශා... වත් අක්කේ සුබ ආරංචියක් නේ.
පොත් නොගත්තත් කමක් නෑ, අත් අල්ලන් ඇවිදල එන්න.
ඔව් ඔව් මතක් කරලා කෝලා එකකුත් බොන්න...

Buddy --බඩී said...

Math me paara ohomamai karanna inne....

නිසුපා said...

අම්මෝ අපිනම් ගෙනාපු පොත් ටික සති දෙකකින් විතර කියවලා ඉවරයි.

හරී said...

ලස්සන පින්තූරෙ..

RanDil said...

හප්පේ හැබෑද නිසුපා.......... අක්කා නගෝ දෙන්නා පොත් කඩයක් දාන්න පොත් ගෙනිච්චානේ........ :)

පොත් ටික නෙමෙයි පොත් ගොඩ කියන්න නංගි

RanDil said...

පොත් පත් පෙරලා යන්නේ
කෝලා බීලා හවසට ආපසු එන්නේ

෴මෙවර පොත් නොගෙන පොත් පෙරලන්නට යන මං
වත්෴

හි හි

දයානන්ද රත්නායක said...

අපොයි පොත් ගෙනැත් නොකියවා මොකද කරන්නේ. කවුරු හරි ඉල්ලන් ගියාම ඒකත් නැතිවෙනවා.

තරුරසී said...

අනේ ඉතින් පොත් අරගෙන ළග තියාගෙන නොකියවා ඉන්න එක ගැන නම් මට හිතා ගන්න බෑ...
අත් අල්ලන් පොත් අතරින් ගියාට කාරි නෑ.... ඒත් කෝලා එකක් බොන එක ගැන නම් මගෙ හිතේ මනාපයක් නෑ...

රොබින් said...

අම්මේ වානර වික්‍රම දැක්කකල්...

Chandi said...

පොත් අරන් කියවන්නෙ නැතුව නම් ඉන්නෑ. කොහොම හරිම කියවනවා. හොඳ පොතක පිපාසාවෙන් පෙලෙනවා. සුබ ආරංචියක් ඇහුවම සතුටුයි. දෙනා එක්කම යන්න කො පොත් බලන්න.

මධුරංග said...

මටත් මේ ටිකේ පොත් කියවන්ඩ කම්මැලියි වගේ.
ආයෙම පුරුද්ද පටන් ගන්ඩ ඉන්නේ !

Sula (සුලා) said...

පොත පත කියවන්න දැනුමත් වැඩිවෙන්න
ගූගල් යන්න ඒ දැනුමම අරගන්න
මාසෙට යන්න අත් අල්ලන් කැරකෙන්න
ලාබෙට දෙනව නම් ඒ පොත අරගන්න

පින් මදි වුනේ මම හිටියේ දුර හින්දා
හිත සවි වුනේ පොතපත මම කියු හින්දා
අද බැරි වුනේ වේලාවක් නැති හින්දා
මතු බැරි වුනේ මම වයසට ගිය හින්දා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...