..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, August 3, 2012

විසංයෝගය / Separation



විසංයෝගය / Separation




දැකලා ජනේලෙන් පෙර
එක් දිනක උදේ
කුරුලෙක් මගෙ ළඟටම විත්
නතර වුනේ

ඇයි දෝ සෝකයෙන්
ළමයෝ දෑස නුඹේ
සතුටින් තබන්නම්
ගීයක් ගයා මෙසේ

ඉන් පසු සෑම දින
කවුළුව ළඟට වෙලා
කුරුලා පියාඹා එනකම්
සිටිය බලා


පියඹන් ඇවිත්
මයෙ හිත ළඟ
නතර වෙලා
ගැයුවා ගීත ජීවිත රස
මෙයයි කියා


විඳිනට තිබෙන්නේ
මේ ජීවිතය මට
විඳවන්නෙ ඇයි ද
කියලා සදා සිත

සනසා නිවා
ප්‍රේමයෙ ගී ගයා සොඳ
තැබුවා තුටින්
දුක පා වී ගියා දුර


ඊයේ පෙරේදා සිට
නැහැ දකිණු එයා
අවසන් වතාවට
ගීයක් ගයමු කියා


කෙතරම් සිටීයත්
කවුළුව ළඟට වෙලා
කුරුලා නැතේ
පෙනෙනා මානයට මෙහා


කිරිලිය පැටවු
සමඟින් කූඩුවට වෙලා
සිටිනා බවට
පණිවිඩයක් ලියා තියා

අවසන් ගීය ගැයුමට
ආදරෙයි කියා
තනුවක් නැතේ
තව මම කවුළුව ළඟට වෙලා


කොහෙ සිටන් ආවදෝ
නැත සිත දන්නේ
කොයිබින් ආවමුත්
සිත පුරවන් ඇත්තේ


දුන් දේ රසයි
ආදරයෙන් විඳගත්තේ
නොදුනට දෙයක්
සිත තරහක් හෙම නැත්තේ

කිරිලිය පැටවු සමඟින්
නිති සැතපෙන්න
ඉදලා හිටල හෝ
ගීයක් මුමුණන්න


ඈතින් ඉදන් වත්
ආසයි දැක ගන්න
කවුළුවෙ පියන් පත්
නොවසමි දැන ගන්න



ඇඩ්රස් නැති කුරුල්ලෙක්ට
පෙම් කරපු
මම
෴ සොඳුරු ෴

12 ප්‍රතිචාර:

සමීර ආර්. said...

නෑ නෑ.......

ෆ්ලැට් එකක ඉන්න කුරුල්ලෙක්ට
ඇඩ්‍රස් නැතිවෙන්න පෙම් කරපු
උඹ
(අර මං කියන එක "තොතී" )

Red Riding Hood said...

ම්ම්ම්... ඇඩ්රස් නැති කුරුල්ලා.. අර්ථවත් කවක්..

Dinesh said...

අපූරුයි අක්කේ..

ගිමන් නිවන්නා said...

අපොයි කූඩු වෙච්චි කුරුල්ලෙකුට කවුලුව ඇරල තියන එකනම් හොඳ දෙයක් නෙවෙයි, දුකෙන් කෙලවර වෙන දෙයක්.
කවි වෙනදා වගේම ගොඩක් ලස්සනයි.
ඇත්ත කතාවක්ද සොසී?

Loku John said...

හැමදාම වගෙ අන්තිම වෙනකොට තෙරුනා වේදනාව

මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

පුබුදු said...

අන්තිම ටික තමයි ලස්සනම

රොබින් said...

අපිනම් ඇඩ්‍රස් තියෙන කුරුල්ලෝ

මාතලන් said...

ඇඩ්‍රස් නැති උන්ට ලව් කරන උන්ටත්
"ඇඩ්‍රස් නැත"

දයානන්ද රත්නායක said...

කවියත් කවියේ අදහසත් ලස්සනයි. ඒත් ආරම්භයේදී කිවියෙන් කියවෙන දේට සෘජු ප්‍රකාශන රීතිය භාවිතා කර අවසානයේ ව්‍යංගාර්ථය භාවිතා කරනවා.

අවසන් කොටස් කීපය හොඳට ගොනු කර තියෙනවා. මුල කොටස් ටිකත් ඒවගේ වුණාන නම් හොදයි.

Gimhani said...

හ්ම්ම මම හිතුව ඔහොම වෙයි කියලා ..

සිතුවිලි සිත්තම said...

හරිම ලස්සනයි...ඇඩ්රස් නැතුව හරි පියාබාගෙන කුරුල්ලෙක් එනවනම් හරිම සුන්දරයි..හේ හේ..අදමයි මේ පැත්තේ ආවේ..

සුදා මල්ලි said...

ඇඩ්රස් නැති කිරිල්ලියකට
පෙම් කරපු
මම
සුදා මල්ලි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...