..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 21, 2012

මා ආදර බේබද්දා .... My Lover, The Drunkard,

මා ආදර බේබද්දා .... My Lover, The Drunkard,



“ හාමිනේට කියන්න හාමිනේ , . . . . .  සුරා පොදක් කටේ තියැන්නෑ ඔන්න.. . . . . දුමින් මතින් තොර ඕං, අද කාලෙ පුලුවන් ද ඔය වගේ මිනිස්සු හොයන්න. රත්තරන් මහත්තයා “

“ හැබෑ ද ? “

“ ඕං මං බොරු කියනව නම් අහල පහලින් හොයල බලන්නකො හාමිනේ “

මෙවර කපුමහතා සොයාන ආවේ දුමින් මතින් තොර මනාල මහතෙකි. එනමුදු එයට කෙසේ වත් හිත නොදේ.

මගේ තාත්තා අමද්‍යප නොවේ. හේ බේබද්දෙකු ද නොවේ. වැඩිය කතා නොකරන ඔහුගේ සාමාන්‍ය ජීවන රටාව මදක් තොල ගෑ සුරා බිදකට වෙනස් කළ හැකි වීම ද අපූරුය.

හේ එවිට බොහොම ආදරණිය මිනිසකු බවට පත්වෙයි. දොඩමළු වීමේ නිමක් නොමැති වන්නේ කරදයක් වන තරමටය. ඔහු ආදරයෙන් අප අමතයි. පොත් පෑන් පැන්සල් වැනි මුලීක අවශ්‍යතා හැරුණු විට , බෝණික්කන් , සෙල්ලම් කාර් , ඇඳුම්, චොපර් බයිසිකල්  වැනි විශේෂ අවශ්‍යතා ඉදිරිපත් කිරීමට කදිම වේලාව මෙය බැව් අපි අත්දැකීමෙන්ම දනිමු.



ඔහු බීමත් වී පැමිණි විට ගෙදර දොර බඩු මුට්ටු එහා මෙහා වීමක් , මවගේ කෙස් වැටියෙන් අල්ලා අතේ පයේ හිරි ඇර ගැනීමත් කිසිදු දිනක සිදු වී නොමැත. නමුත් ඔහු මසකට කිහිප දිනක් බීමතින් පැමිණීම නම් අනිවාර්යෙන් සිදුවන දෙයකි.

ඒ මගේ ආදරණිය තාත්තා යි.

අපේ ගමේ ම මගේ පන්තියේම සිටි මනෝරිගෙ පියා බීමතින් පැමිණි විට එය මුළු ගමම දැන ගන්නේ ඈතින්ම ඇහෙන මහා සංගීතයෙනි. හේ ගීත ගායනයේ රුසියෙක් වන්නේ මධුවිත තොල ගෑවිට දීය.

ඒ ගායනය ඇසෙන විටම අපේ ගෙදරට දිව එන මනෝරි රැය පහන් වන තෙක් නැවත නිවසට නොයයි.මනෝරීගෙ මව උයා පිහා ඇති හට්ටි මුට්ටි කෑමත් සමඟින්ම ආකාශ ගත වෙයි. කුණුහරුප පරුෂ වදන් පිට වෙත්ම අම්මා රූපවාහිනියේ හඬ වැඩි කරයි.


“ මම නම් කවදාවත් බොන මිනිහෙක්ව බදින්නෙ නැහැ “ බියෙන් කෝපයෙන් හා ශෝකයෙන් මගේ කාමරයේ කොනක ගුලි වී සිටන මනෝරි මුමුණයි.



ඒ මනෝරිගේ පියා ය.

මට මාමා කෙනෙක් සිටි යේය. හෙතෙම රත්තරන් මිනිහෙක් ලෙස පවුලේ අය අතර ප්‍රසිද්ධ විය. රා ,අරක්කු සුරා පොදක් තියා දුම් වැටියක් වත් නොබොන බොහොම හොඳ මිනිසෙකි. හෙතෙම මාගේ රූබර නැන්දාට ලැබුනේ ඇය කළ පෙර පිනක් නිසා බැව් සැවොම පැවැසූ අයුරු මට මතකය.

නමුදු , කසාඳයෙන් වසර තුන හතරකට පමණ පසු නැන්දාට කුළුඳුලේ ලැබුනු දරුවා මාසයක් වන්නටත් මත්තෙන් මිය යෑමත් සමඟම මගේ මාමා ආ ගිය අතක් සොයා ගැනීමට ද නොහැකි විය.

තද හිත් ඇති රත්තරන් මිනිසා.

ඒ මගේ මාමා ය.

මගේ පිරිමි යහළුවන් පහසුවෙන්ම වර්ග කළ හැකි එකම ආකාරය අමද්‍යප සහ මද්‍යපයි ( මේ චවනය නිවැරදි දැයි නොදනිමි )
ඒ ඇතැමෙකු ප්‍රියසාදයක දී බොන යහළුවන් සමඟ සිටිමින් ඔවුන්ගේ බයිට් එකට වග කියනු මා දැක ඇත.

මගේ එක් පිරිමි අමද්‍යප යහළුවෙකු, මාගේ මිතුරියක සමඟින් තිබූ ප්‍රේම සම්බන්ධය බිඳී ගිය පසු පූර්ණ කාලීන බේබද්දෙකු විය. හෙතෙම බොයි. හොටු පෙරමින් හඬයි. කොල්ලන් ඔහුට බනින්නේ කෙල්ලක නිසා දිවි ය විනාශ කර ගත්තෙකු ලෙසිනි.

එහෙත් , ප්‍රේමයක් බිඳුන කෙල්ලක බේබද්දියක වනු සැබෑ ජීවිතයේ දී තබා චිත්‍රපටයක වත් මා දැක නැත.

බිරිඳගේ රැවුම් ගෙරවුම් මැද්දේ සැඟවී සුරා පොදක් තොල ගාන පිරිමින් මා දැක ඇත. ඔවුන්ට මත් වීමට බොහෝ වෙලා යනවා වන්නට ඇත.

මා ඔහුට පිටු පෑ නිසා ඔහු බේබද්දෙකු වූවොත් වරද මගේ ද ? ගොළු හදවතේ ධම්මිට බේබදු සුගත් ගැන ඇති වූ හැඟීම මට ද ඇති වෙනු ඇත.


දේව් දාස් ආදර්ශයට නොගත යුතු පිරිමියෙ කි. නමුත් කෙල්ලන් ඔහුට ආදරේ කරයි.


ආදරයෙන් මිනිසුන් මත් වේ.


ඇතැමෙකු රාගයෙන් මුසපත් වේ.



නමුත්


තවත් අයකු මුසපත් වන්නේ . . . . . . . . . . .. ?


15 ප්‍රතිචාර:

කෝකිල අමරතුංග said...

Kauda a aadaraya korana be baddaaa :O arayada ??

Anonymous said...

වෙන්න පුළුවන් ලොකුම විපත්ති වලට මුහුණ දුන්න මිනිහෙක් මම.මුලින්ම රැකියාව නිසා ආබාදිත වෙනවා.එත් එක්ක අනිත් විපත් පෝලිමේ එනවා.රෝද පුටුවේ ගතවෙන 15 වසරයි මේ.මම බොනවා එත් දුකට නම් නෙවේ මසකට වරක් දෙකක් සිතේ සැහැල්ලුව පතා.දුක නිසා බීම මිනිහෙක් විනාශ වෙන්න හේතුවක් කියලයි මගේ අදහස.

dawkinssdodo said...

සබැඳියට ස්තුතියි!

Red Riding Hood said...

අක්කේ කොල්ලා දාලා ගිය නිසා බොන්න ගත්ත කෙල්ලො මන් දන්නවා.. එහෙම අය ඉන්නවා..
මේ ලිපිය හරිම ලස්සනයි.. හැමෝටම යොදාගන්න බැරි වුනාට ඔහොම අය ඉන්නවා තමා..
ජය වේවා :)

Pramudi said...

බේබදු කමත් එක එක්කෙනාට වෙනස් නේ..

ගිමන් නිවන්නා said...

කොහොම වුනත් මත් වීමක් කියන්නෙ මොනයම් ක්‍රමයකින් හරි මනස මුලා කර ගැනීමක්. ඔය ආදරවන්ත බේබද්දන්ට හා දුම් බොන්නන්ට අභියෝගයක් කරන්න තම ආදරවන්තිය වෙනුවෙන් බේබදුකම දුම්බීම අත්හරින්න කියල. එතකොට හඳ තරු ගෙනත් දෙන්න පොරොන්දු වුන අයගෙ හිතේ හයිය මැන ගන්න පුළුවන් වේවි. කොහොමින් හරි නැවැත්තුවොත් අනාගතේට තවත් වැඩිපුර කියක් හරි ඉතිරි වෙන ගමන් නිරෝගී ස්වාමිපුරුශයෙක් ඔබට ලැබේවි.

අඩවි රජ said...

හ්ම් හ්ම්....

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

හිරු said...

බීම කියන්නේ කරුමයක්.... ඕක කොච්චර සාධාරණිකරණය කරන්න හැදුවත් බේබද්දෝ ටික කවදහරි ඔය බීම නිසාම පස්ස බීම ඇන ගන්නවා..... එදාට බීමත් නෑ එකට බීපු යාලුවොත් නෑ..... විදවන්නේ වටේ ඉන්න ආදරය කරන අය....

කෙල්ල දාලා ගියා කියලා බොන්න පටන් ගත්ත කොල්ලන්ට නම් කියන්න වෙන්නෙ කොන්ද පණ නැති පිරිමි කියලා තමා.... මොකද එහෙම කරන එකෙන් එයා කරන්නෙත් තමන්ගෙ වටෙ ඉන්න තමන්ට ආදරය කරන අයගේ හිතට දුක් දෙන එක විතරයි....

හිරු said...

ගිමන් නිවන්නා කියලා කියෙන දේ හරියටම හරි.....

මාතලන් said...

හැම දේම වගේ මේ මාතෘකාවත් සාපේක්ශයි.. බොන අය අතරෙත් තිරසනුන් නැතිවා නොවේ.. නමුත් ලිංගික උත්තේජනය සඳහා එක එක පෙති ජාතියි, ව්‍යාඝ්‍රයි අරවයි මේවයි බොන අයට මම කියන්නේ. ඩ්‍රයි ජින් 100 විතර ගන්න කියලා. ඊට වඩා ලාබ හොඳම බේත් තියෙනවා. හොයාගන්න අමාරුයි. මොකද ගොඩ පිරිමි තමන් තෘප්තිමත් උනාට ගැහැණියගේ තෘප්තිමත්වීම ගැන සොයන්නේ නෑ. එක්කෝ දන්නේ නෑ..

දයානන්ද රත්නායක said...

බොනවා කියන්නෙත් සුන්දර අත්දැකීමක්. දැන් බලන්න කලාකරුවො බීව්වාම කොයිතරම් සුන්දර දේවල් ලෝකෙට බිහිවෙනවද කියලා.

උදාහරනයක් හැටියට ජෝතිපාල බිව්වා- බලන්න සිංදු ටිකේ ලස්සන
කපුගේ බිව්වා. බලන්න හදපු ගී තනු සහ කියපු සිංදු ටික
කරුණාසේන ජයලත් බිව්වා. - ලිව්වා ගොලු හදවත වගේ නවකතා
ඩෝල්ටන් අල්විස් බිව්වා - ලිව්වා සසර වසන තුරු

මමනම් කියන්නේ බිමත් එක්තරා සුන්දර අත්දැකිමක්. හැබැයි ඒක කරන්න ඕනෙ සුන්දර විදියට

දුකා said...

බොන එවුන්ට මොකුත් කියන්නෑ අරී . .. .

මේ සින්දුව මතක් උනා මට

හිඳීවි කොතැනක හෝ . .. ලල ලා ල ලාල ලා ල ලා . . .. .. .

රැංගෝ said...

තමන්ට තමන්ව පාලනය කර ගන්න පුළුවන් නම් ඉතිං ඔව්වා එච්චර දේවල් නෙවෙයි! මම නම් අමධ්‍යප හොඳේ!!
ජය වේවා!

kalaboy said...

චන්ද්‍රමුකී නුඹ නාඩන්...
විත පුරවා ගෙන දීපන්...

දේව්දාස් said...

දේව්දාස් ආදර්ශෙට ගන්න හොඳ නෑ... ඇත්ත...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...