..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, August 15, 2012

යසෝදරා


යසෝදරා


මේ ළඟ දි දවසක අහම්බයෙන් මම ගමට ගියා. ඒ වෙලාවෙ දි මට හමුවුනා මයෙ යාළුවෙක්ගෙ පාසල් කාලයේ පෙම්වතියක්.....

ඉතින් . . . .

මේ ඇය ගැනයි . . . .




යසෝදරාවක් වෙන්නට සිටි
ඇය මතකද නුඹට

අහම්බයෙන්
ළඟ දවසක
මුණ ගැහැනා මට ද

නුඹ ගැන
නුඹෙ යහගුණ ගැන
ගුණ ගැයුවා ඇය ම

නුඹෙ හැඩ නිල
පෙර වාගෙ ද
ඇසුවා හීනියට

ඇය ළඟ සුරැකිව තිබුනා
පැරණි රුවක් නුඹගේ

පපුවට එය තුරුළු කරන්
හිනා වුනා එයා

මම දැක්කා
ඇය හංගපු කඳුළු බිඳක් පවා
හරවපු ඇස් දෙක පල්ලෙන්
රූටාගෙන ගියා

නුඹ ගැන නුඹෙ
දුක සැප ගැන
විමසුව හැටි එයා

නුඹ තනිකඩ නැති වග දැන
තිගැස්සුනත් එයා

දරුවන් දෙදෙනගෙ වග දැන
සිනාසුනා එයා

පාළු ගෙදර බිඳුනු වහලෙ
හිරු කිරණක් ලෙසට
නුඹට එන්ට ඉඩ දෙන බව
ඇය කීවා මට ද

ඇය සතුටින් සිටිනා වග
සැල කරන්න නුඹට
ඇය මා අත ඇගෙ නලලත
දිවුරා පැවසුව ද

ඉස්සර මෙන් ඇය ලස්සන
නැති බව මම දුටිමි

එනමුදු ඇගෙ සිත තුල
නුඹ සිටිනා හැටි දුටිමි

අද නුඹ නොව
පෙරදා නුඹ
ඇගෙ සිහිනය තුලයි

යන්න එපා ඇය බලන්න
ඇගෙ සිහිනය බිඳෙයි
ඇගේ කතාව
ඔහුට කීව
මම
෴ සොසී ෴

19 comments:

  1. හ්ම්... හැඟීම් බරයි නමත් එක්ක මම....!!!

    ReplyDelete
  2. ඔහොම තමයි ජීවිතේ හමුවීම හා වෙන්වීම

    ReplyDelete
  3. ජීවිතෙ වෙනස් වීම් පිළිනොගෙන ජීවිතේට ගලා යන්න ඉඩ නොදීම වරදක් නේද!
    හ්ම්ම් කොහොම වුනත් පද ගෙතුම නම් නියමයි!

    ReplyDelete
  4. හරිම ලස්සනයි.. අන්තිම ටිකට තමා මම ආසම..

    "අද නුඹ නොව
    පෙරදා නුඹ
    ඇගෙ සිහිනය තුලයි

    යන්න එපා ඇය බලන්න
    ඇගෙ සිහිනය බිඳෙයි"

    ReplyDelete
  5. හරි ලස්සනයි. එන්න එපා කියලා ඔයා කිවුවත්, "එයා" එනකම් තත්පරේකට හරි එයාගෙ හිත මග බලාගෙන ඇති

    ReplyDelete
  6. පුදුමයි හැබැයි එහෙම ගෑණු අය ඉන්නවා කියුවම...

    ReplyDelete
  7. අද කාලේ යසෝදරාවක්. තාමත් ඒ පැතුමෙම ඉන්නා ඇය ගේ හීනෙ කවදා සැබෑ වෙයිද? නංගියේ. හරිම ලස්සනයි.

    ReplyDelete
  8. සුදා මල්ලි ආදරේ ගැන නම් මුකුත් දන්නේ නෑ.. ඒත් ආදරේ මිනිස්සු ජිවත් කරවනවා කියල නම් දන්නවා.. ලස්සන නිර්මාණයක්.. මම කියපු දේ තහවුරු කරන්න හොඳ නිර්මාණයක්..

    ReplyDelete
  9. අප හමු වීම වෙන්වීමදෝ ආදරේ...

    මම නාමල් උඩුගම

    ReplyDelete
  10. ඇයට කියන්න අතීතයට කුරුල්ලෙක්ට වගේ නිදහසේ යන්න කියලා අහසට අතඅරින්න කියලා . .

    ReplyDelete
  11. යසෝදරාලා හැමදාම පව්...:)

    ReplyDelete
  12. ලස්සනයි නෙහ් :-)

    ReplyDelete
  13. //අද නුඹ නොව
    පෙරදා නුඹ
    ඇගෙ සිහිනය තුලයි

    යන්න එපා ඇය බලන්න
    ඇගෙ සිහිනය බිඳෙයි//

    මේ ටික නම් හරිම දුකයි... ඇත්ත.... ඇයට ඉතුරු ඒ සිහිනය විතරයි නේ.......

    ReplyDelete
  14. යසෝදරා වුණත් සියලුදේ පරිත්‍යාග කලේ කැමැත්තෙන් නොවේ. ඒත් ඇයට සත්‍ය අවබෝධ වුණා. ඇය ජීවිතය වටහා ගත්තා. ඒ සතයයම මෙතැනටත් අදාලයි. ජීවිතේ කොහොමත් එහෙමයි.

    ReplyDelete
  15. Yes, Let me live with the dream in my heart,
    Let me live with your smile in my heart,
    Let me live with expectations unfulfilled,
    Please, oh Please,
    Just let me live the life I Live,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...