..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 2, 2012

ස්තූතියි සයිමන්

තේරුම් ගන්න බැරි ගෑනු :-

“වෙනස් වෙනවා ඔයා.......තප්පරෙන් තප්පරේට හරියට අහස වගේ. අහස තව හොඳ වැඩියි.හරියට මුහුද වගේ.කොයි වෙලේ මහ රැළ්ලක් එයි ද කියලා කියන්න බැහැ.“


 “ ම් ම් ම් . . . . .  අනෙ මන් දා “

 “ දැන් හිනා වෙලා හරි ආදරයෙන් ඉන්න ඔයා , මම අර එහා බංකුවෙ ඉන්න මනුස්සය දිහා බලල මේ පැත්ත බලන ටිකට වෙනස් වෙනවා. ගෙදර යන්න ඕනි වෙනවා. මාව රුස්සන්නෙ නැති වෙනවා. අර ආදරේ කොහෙන් ගියා ද මන්දා. කොහොම ද ඔයා මේ තරම් ඉක්මනට වෙනස් වෙන්නේ “

 “ ම් ම් ම් ම් . . . . මන්දා “

 “ මන්දා නෙමෙයි . ඔයා . . කෙනෙක් උමතු කරන තරම් ආදරයක් දීලා ඊළඟ මොහොතෙ ඔහොම වෙනස් වෙන්නෙ කොහොම ද? මට හිතෙන්නෙ ඔයා මහම ම මහ ආත්මාර්ථකාමී ගෑනියෙක්. තමන්ට ඕනි වෙලාවට විතරයි.අනිත් වෙලාවට ඔයා අනිත් මනුස්සයව ශත පහකට ගනන් ගන්නෙ නැහැ.ඒත් ඔයා දන්නෙ නැහැ ඔයා එහෙම කරන්නෙ ඒ මනුස්සයව හැරෙන්න බැරි තරම් දුරක් ගෙනල්ලා කියලා “
 “ ඉතින් මං . . . . .  වරදක් කරල නැහැ .ඔයාට මිස වෙන කාටවත් ...........“

 “ ඇති ඇති හොඳටෝම ඇති. මට තවත් දරන්න බැහැ. අපි වෙන් වෙමු “


 
--------------------------------------

මගේ කණ්නාඩිය





එයා නොදන්නවට එයත් වෙනස් වෙලා. එයා නම් කියන්නේ “ මම ඉස්සර වගේමයි “ කියලා.ඒත් එයාට ඒක දකින්න බැහැ. මොකද එයා හැමදාම මූන බලන්නෙ එයාගෙම කණ්නාඩියෙන් නිසා.
 

දවසක ඇවිත් මයෙ කණ්නාඩියෙන් මූන බලන්න.එතකොට ඔයාට තේරේවි නොවෙනස් වෙන ඔයාත් කොයි තරම් නම් වෙනස් වෙලා ද කියලා.

 
-----------------------------------



හරි . .. .  මිනිස්සු වෙනස් වෙනවා. තනිවෙනවා.හුදකලා වෙනවා. ඒත් විනෝදාංශ ගොඩාක් තියෙන කෙනෙක් කවදාවත් හුදකලා වෙන්නෙ නැහැ.

හිත හදාගන්න ක්‍රම තියෙනවා.කවි ලියන්න පුලුවන් කෙනා කවි ලියනවා. කතා ලියනවා. පින්තූර ගන්නවා.පොත් කියවනවා. කොයි මොක කරත් සින්දු අහන්න නම් යන්නෙපා. සින්දු අහනව නම් අහන්න කණ් බීරි කරවන Metal Music .



හිත හැදෙන්න කියලා විරහ ගීත අහන් මනෝ ගහන් හිටියම  හිත තව තව පෑරෙනවා. දුක ඇස් වලින් බේරෙනවා.

 

හරි .....ඔන්න මේ දවස් වල මම ආයෙමත් නවතපු විනෝදාංශයක් පටන් අරන්. ගිය වර තකහනියක් කොළඹ ගිහින් පොත් ප්‍රදර්ශණයෙන් ගතපු පොත් තුනක් තවමත් බලල නැහැ. ඒවා මොකට ගත්ත ද කියල දැන් හිතෙනවා. ( ගෑණු වෙනස් වෙනවා )


 

අද මම කියෙව්වෙ , කියවමින් ඉන්නේ මට සාහිත්‍ය තරඟෙකින් තෑග්ගකට හම්බුනු පොතක්......... 


 
--------------------------------------


“ ඔහුගේ කතාව “ - සයිමන් නවවත්තේගම




“ සෝමා ඈතින් ජීවත් වූ කාලයේ ඈ නොදැක මොහොතක් මා ගත කළේ කොතරම් වේදනාවකින් ද? ඒ උනාත් අපි දෙන්නට එකට ජීවත් වෙන්ට ලැබුණුදා ඉදලා ටිකෙන් ටික මා තුළ වූ ඇල්ම නැති උණේ කෙසේදැයි ප්‍රෙහ්ළිකාවක් “

“ එයාගෙ නම මම දන්නෙ නෑ.මම ඈව ඇමතුවේ ලිලී කියලා.ලිලී දුප්පත්කම නිසා ඇගේ ලස්සන විකුණලා ජීවත් උණ කෙනෙක්. නමුත් මා හමු උණායින් පස්සෙ  ඒ ජීවිතේ අත්හැරියා.ලිලී නිසා මගෙ ජීවිතේ තවත් වෙනස් වුනා.ජීවිතේ එපා වී සිටි මට ඈ  නිසා ලැබුණු සැනසීම “

“ මට සෝමෙගෙන් විතර ලිලීගෙන් සැප පහසුකම් ලැබුනෙ නැහැ. සෝමා වගේ ලිලී මට ඇප උපස්ථාන කළෙත් නැහැ. මා කට ගොන්නක් බීගෙන යනවා , ලිලීගෙ ගෙදර - ඒ දවස්වල මෙහෙම සිහියෙන් කතා කරන්නවත් බෑ මට බීපුහාම - ඉතින් වැනි වැනී මම යන්නේ ඇගේ ගෙදර.ගියාම ලිලී මගේ හිස උකුළෙ තියාගෙන හිස පිරිමැද ඔහේ මොනව හරි කියනවා.නැත්තම් ඇගේ සුදුමැලි මුහුණ මගේ මුහුණට පහත් කරගෙන ,ඇගේ කඳුළු පිරුණු ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා.මට එහෙම උන්නැකි සුමාන ගණනක් බඩගින්නෙ උණත්.නමුත් සෝමා මැරීගෙන කරන  උපස්ථාන මට මහා කරදරයක් “


 
------------------------------------



පොත පැත්තකින් තියන්න ලෝබ හිතුනු මම , පොතට උඩින් ඉස්සිලා බිත්තියෙ එල්ලිලා තියෙන ඔහුගෙ තෙවන ඇසින් ගත්ත ඊ-මෙල් වෙලා මගෙ ලගට ඇවිත් ප්‍රින්ට් වෙලා බිත්තියෙ එල්ලිලා තියෙන , දැන් ටිකකට කලින් අල්ලල පොලවෙ ගහන්න හිතුන ලස්සන පින්තූර දෙක දිහා බැලුවෙ හරිම ආදරෙන්.

තනිවෙච්චි ලස්සන ලොකු ගෙයක් එක පින්තූරෙකත් , තාරාවො වගේ සත්තු ජාතියක් පීන පීන හිටපු වැවක තිබ්බ අනිත් පින්තූරෙත් මම දැක්කෙ ඔහුගෙ ලස්සන හිත වගේ.......

මම ආයෙමත් එක සැරයක් පින්තූරත් එක්ක හිනා වෙලා , ආපහු පොතට එඹුනා.


ස්තූතියි සයිමන් ..............!!!!!!

8 ප්‍රතිචාර:

පුබුදු said...

ආසම ලේඛකයෙක්..,
ගෑනු නම් වෙනස් වෙනවා තමයි :ඩ්

dreams said...

ගැහැණු නෙමෙයි අවස්ථාව අනුව අපි දෙගොල්ලොම වෙනස් වෙනවා..හිත නම් ෂණිකවම වෙනස් වෙන දෙයක්..එත් එක මහා දුකක්.

ගිමන් නිවන්නා said...

වෙනස් වීම ස්වාභාවිකයි කියල තේරුම් ගත්තහම දුක අඩුයි නේද? මාත් ගොඩක් කැමති, ලියන්නන්වාලේ නොලියා හිතන්න යමක් ලියන ලේඛකයෙක්!

priyantha hewage said...

සයිමන් ගැන අපි විග්‍රහ ලියන්න යෑම විහිළුවක්. ඔහු ජීවිතයේ බැඳිම් නොතිබුන කෙනෙක්. ඔහුගේ ළෝකය අපේ ළෝකයට සමාන වන්නේ නෑ. නමුත් සාහිත්‍යය අතින් ඔහු සිටි තැනට කිසිවකුටත් ලංවිය නොහැකි බවයි මගේ හැඟීම.

෴සොඳුරු සිත෴ said...

මේ සයිමන් ගැන කෙරුන විග්‍රහයක් නම් නෙමෙයි.

ඔබ නොදු‍ටු ලොවක් said...

සබ්බේ නදී වංකගථා කියලා බුදු බනෙත් තියෙන්නේ ඒකනේ.....

Red Riding Hood said...

මම නම් හිතන්නේ අපි වෙනස් වෙන්න ඕනේ.. කිසිම දෙයක් එකම විදිහට පවතින්නේ නෑ.. අපි වෙනස් වෙන්නේ නැ කියලා කිව්වට සොබාදහමින්ම අපිව තත්පරෙන් තත්පරේ වෙනස් කරනවා.. කාලයත් එක්ක අපි වයසට යන එකත් වෙනසක් තමා.. වෙනස්කම් එක්ක ජීවිත් වෙන්න ඉගෙනගන්න ඕනේ.. එතකොට ප්‍රශන් අඩුයි.. අර සින්දු අහන්න එපා කියලා කිව්ව එක නම් ඇත්ත.. මමත් හිත හදාගන්න කියලා සින්දු අහනවා.පස්සේ අඬලා අඬලා හෙම්බත් වෙනවා..

KGB said...

මගේ බ්ලොග් අඩවිය සඳහා පිවිසෙන්න.
:: කෙල්ලෙක් එක්ක යාලුවෙන හැටි ::
:: බ්ලොග් ට්‍රැෆික් එක වැඩි කරගන්න ක්‍රම ::
-කක්කුට්ටා-

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...