..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 28, 2012

නුඹ හින්දා .................... Because of You ....

නුඹ හින්දා ....................

Because of You ....





බොහොම අහම්ඹෙන් හමු වී එක දවසක්
දෙඩුවා වරු ගණන් නැත අඩු වුනු දවසක්

මනමාලියක පතිනිය වී තව දවසක්

මා යනු ඇතේ වෙනකෙකු සමඟින් දවසක්


පෙන් වූ දිවිය පුද දුන් සිත නොගන්නෙමි

මතකය මිසක් නුඹ කැදවන් නොයන්නෙමි

නුඹ නොලැබුනා කියමින් දුක් නොවෙන්නෙමි

නුඹ දුන් සතුට සැමදා සිත දරන්නෙමී



මේ නිල් අහස යට කොහෙ හෝ ටිකක් දුරින්

නැතිනම් මගේ නෙතු පේනා තරම් ළඟින්

නුඹ කොහෙ ගියත් අව්රශ්මිය දැනෙන සැනින්

වළාකුළක් වී ඉන්නම් හිසට උඩින්


නුඹෙ දූ දරුවනුයි නුඹෙ ප්‍රිය දයාබරියි

ළං කොට සැනසි සිත නිවනා දිනක හිමින්

මිදුලේ කොණක පිපි මල දැක රෝස පැහෙන්

මා සිහි වේවි  සිත සඟවා ගනුය පෙමින්



 මා නුඹෙ නොදුටු , දැක ගනු බැරි දයාවී

මා නුඹෙ සිතේ තෙත දුටි පෙම්බරාවි

මා නුඹෙ  නෙතක සෙවනක හිටි කුමාරී

මා නුඹෙ ආදරය දිනු සුන්දරාවී




නුඹ දැක ගන්න දෙනුවන් මදි


මම

සොඳුරු සිත

8 ප්‍රතිචාර:

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සන කිව ටික.හොද පද ටිකක්.

සුදා මල්ලි said...

හ්ම්ම්... මක්කදෝ හිතුණා
මේ නිල් අහස යට කොහෙ හෝ ටිකක් දුරින්
නැතිනම් මගේ නෙතු පේනා තරම් ළඟින්
නුඹ කොහෙ ගියත් අව්රශ්මිය දැනෙන සැනින්
වළාකුළක් වී ඉන්නම් හිසට උඩින්
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

හිරුහිමාවී said...

........................................ ලස්සනයි යාලු..

ගිමන් නිවන්නා said...

හැබෑම ආදරයක්! හැමදාම එකම විදිහට ලියවෙන්නෙ සිතුවිල්ලක් විතරක්ම නොවෙන හින්දද මංදා!

මුතුපබලු said...

විරහ වී තනි උනු හිතට බොහොමත්ම දැනෙන විදිහේ නිමිත්තක්

දයානන්ද රත්නායක said...

මේක ගීයක් වගේ. අවසාන කොටස්වල ගිතවත්බව කවිය පුරාම විහිදෙනවා. කපුගේ මාලනී ගැයූ ගීයක් තියෙනවා."මංහින්දා ඔබ නෙතගින් කඳුලක් හෙළන්නෙපා" කියලා අන්න ඒ වගේ..

Chandi said...

හරියට ගීතයක් වගේ ලස්සනයි. කවදාවත් අහිතක් නෑ නුබ මගෙන් වෙන්වුනාට.........

මධුරංග said...

ලස්සනයි !

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...