..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, July 15, 2012

ළඟින් ඉන්න එන්න..........Stay With me


ළඟින් ඉන්න එන්න





නුඹ මට හරි දුරයි
හරියට නිල් අහස වගේ
විටක දි මා තෙමනා
වැහි අරගෙන එනව වගේ

විටකදි පිපෙන මලට
හිරු කිරණක් දෙනව වගේ
තව විටකදි මැලවෙන මා
මුවා කරන හෙවන වගේ

ආදරයෙන් නුඹ මා සිත
දුර ඉදගෙන සැනසූවත්
නෙත ඉනු කඳුළු පොදක්
සුළඟ එවා පිස දැමුවත්

ළඟ ඉදගෙන උණුසුම
විඳින සිහින සිත ගාවත්
දුර මිස ළඟට නොඑන
නුඹ මට මොකට ද තාමත්


නේද ?

බැරි දේවල් ඉල්ලන් නැති

මම
෴ සොසී෴

10 comments:

  1. මෙහෙම බලා ඉඳල ඇති වෙන්නැත්ද? හරිම ලස්සනයි නංගි.

    ReplyDelete
  2. පොරොත්තුවේ ඉන්න එක තමයි විඳීම.....

    "උණුසුම" ඔය කියන තරම් මෙව්වා එකක් ඇතිදෙයක් නෙවෙයි.

    ReplyDelete
  3. හ්ම්ම් හමුවීමක් නැති ආදරයක් වගේ .

    ReplyDelete
  4. පැතුම් ඉ‍ටුවේවා!
    ඒ වුනාට මට මතක් වුනේ ක්‍රයිම් සීන් එකක් පින්තූරෙ දැක්කම.:D
    henryblogwalker the Dude

    ReplyDelete
  5. පින්තූරය හුඟක් දෙ කියනවා

    ReplyDelete
  6. ඔච්චර ආදරෙන් බලා ගන්නවා නම් ලඟට ඒවි කවදා හරි! ලස්සනයි!

    ReplyDelete
  7. දුක හිතෙන පින්තුරයක්.

    ReplyDelete
  8. නුඹේ හිසට සෙවණ දෙන්නෙ
    දසත පැතිරි නිල් අහසයි,
    ගත දවනා දාහය නිවු
    දැවටෙන සුලඟේ පහසයි,

    නිදි යහනේ නෙත් පුරාට
    පිපෙනා සිහිනය විසුලයි,
    දුරින් ඉඳන් බලා හිඳිමි
    සෙනෙහස හද පිරි සොඳුරුයි,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...