..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 31, 2012

මගේ මළ ගම දා

මගේ මළ ගම දා


හොඳට පොලිශ් කරපු
ඇත් දළ ජෝඩුව
සැපට කුෂන් කරපු
ගණන් වැඩි මිනී දෙණ
එපා අම්මෙ මට
මුදල් හිඟ නොවෙ ද

අඩා වැලපෙන නුඹේ
අසනීප වැඩි වේවී
තියා ගනු බෙහෙත් ගනු
පිණිස ඕනෑ වේවි

දුරකතන පොත බලා
මයෙ හෑන්ඩ් ෆෝනයේ
සැමටම කියා දෙන්න
මගෙ මරණ පණිවිඩේ

මල් වඩම් සුදු පාට
ගෙනාවට කම් නැතේ
මගෙ දෙණ ගාවින්ම
සුවඳ විහිදනු ඇතේ

බැනර් කවි සෝක වැකි
ලියා එල්ලනු ඇතේ
එපා දැක වැලපෙන්න
සෝක වැකි හිත නැතේ

මතක බණ පොඩි නමට
කියන්නට කියාපන්
මගේ නම කොළේකත්
ලියාලම තියාපන්
හැමදාම පන්සලේ
හමුවෙලා තිබුනාට
මයේ නම ගම වයස
පොඩි නමට මතක නෑ
හැමදාම කිවේ මට
අනුන්ගේ නම් තමයි

මගේ යහළුවන් සහ
හිතවතුන් පැමිණේවි
ගුණ ගයා නෙතු කඳුළු
බිඳක් දී සමුදේවි
අඬන්නට නම් එපා
මගේ අම්මේ ඉතින්
කියන තරමට මගේ
හොඳ ක් නැහැ තේරේවි

අමතකම වුනා මට
මනමාලි වෙන්න බැහැ
එපා මට මල් පොකුරු
සාරි හෙම අන්දන්න
ඔහු නැතිව මනාලිය
වෙන්න නම් බැහැ ඉතින්

දාලා යනු බැරි දෙයක්
ඇත්තෙ තිං නුඹ තමයි (අම්මේ)
මට සමාවෙනු ඉතින්
දුන්න දුක බෝ තමයි

පැන් වඩන විට නුඹේ
අත ගැස්සිලා යාවි
හිත දිරිය ගන්න නුඹ
කඳුළු පැන් බේරේවි

පමා වී මළ ගමට
අයෙක් දුර ඉද ඒවී
මගේ පෙම්බරා බව
ඔහු දෑස පවසාවී

පාලු අරලිය සෙවනෙ
මා වැලලු තැන දෙසට
ඇඟිලි දිගු කරනු නුඹ
ඔහු ඒවි මා ඉමට

එපා දොස් කියන්නට          

ඔහු සිතෙත් දුක බොහොයි
මරණයෙන් සමු නොගමි
සසර ඉම  තව දිගුයි

28 ප්‍රතිචාර:

Anonymous said...

godak lassanai..hithata danenna liyala thiyenawa...:)

-Nilu-

හිස් අහස said...

මාර ලස්සනයි මාර සංවේදියි ..

Pasan said...

මගේ මළගම දවසේ
අනේ වලදාපං
පණුවන්ට කන්න පුලුවන් වෙන්න

එච්චරයි.......

dreams said...

දැනෙන්නම ලියලා තියනවා..

Sumith Niriella said...

සැපට කුෂන් කරපු..... ;)

උඩින් සැටින් යටින් පිදුරු....මොන සැපද.....?
කවුරුවත් කවදාවත් පැමිණිලි කරලා නෑනෙ, සැප මදියි කියලා.

කවිය වෙනද වගේනම් නෑ.

Dinesh said...

නියමයි අක්කේ..

Gimhani said...

හරිම ලස්සන , සංවේදී කවි පද ටික .
…මොකෝ mea ටිකේම මලගම ගැන කවි ලියන්නෙ ?

niroshini said...

දුකයි...මැරුණට පස්සේ දුක ඉන්න අයට තමයි...දරුවෙක් ගේ මරණේ දකින අම්ම තාත්ත ල විඳින දුක මම දැකල තියෙනවා.

Podi Kumarihami said...

මේ වගේ කවි ලියන්ට එපා වත්.:(

Sanjaya සිතුවිලි said...

නියමයි...

Sanjaya සිතුවිලි said...

නියමයි

රොබින් said...

මොකෝ මේ එකපාරටම ?

Tharu said...

මතක ඇතුව මගේ ඊමේල් ඇඩ්‍රස් එකත් මොබයිල් එකේ දාගන්න. ඇත්තටම අම්මපා අපි මැරුනොත් කවුරුත් දැනගන්න එකක් නැහැ.. මොකෝ ෆේස් බුක් අප්ඩේට් වෙනව කියලයැ (උපන් දිනේ වගේ).

වර්ෂා.. said...

සොදුරු සිත තව හුගක් දුර තියේ ජීවිතේ ඇවිදින්න..
යන්නෙපා නුඹ දැන්ම මරණ මිටියාවතේ නවතින්න...
අහිමි ඔහු විතරක්ද..අපිත් නුඹෙ කවි හිතට ආදරෙයි..
සංසාරෙ පුරා ඔය කවිකමත් අරන් නුඹ සොදුරු ගීතයක් සේ ආ යුතුයි!

ගිමන් නිවන්නා said...

ඇත්තටම අපූරුයි! මොකද මෙහෙම දෙයක් ලියන්න හිතුවෙ?

පිසාචයා said...

අනේ මන්දා.....

පබලු said...

වත් අක්ක අපිව අඩවනවනේ...

හරී said...

ඔව්වා ලිව්වා වගේ නෙමෙයි හෙට මැරුනොත්..

හිරුහිමාවී said...

:( මොකද මේ දවස්වල කට්ටිය මැරෙන කතාම ලියන්නේ අප්ප..

රූ.... said...

//අමතකම වුනා මට
මනමාලි වෙන්න බැහැ
එපා මට මල් පොකුරු
සාරි හෙම අන්දන්න
ඔහු නැතිව මනාලිය
වෙන්න නම් බැහැ ඉතින්//


මේ මම කැමතිම කෑල්ල..

දයානන්ද රත්නායක said...

කාලෙකින් දැනෙන්න ලියපු කවියක්.. තෝරාගත් සිතුවිල්ල වගේම ඊට යොදාගත් භාෂාවත් කවිය කියවන්නාට සංවේදී හැඟීමක් ගේනවා.
මෑත කාලයේ කිසිම අඩුවක් නොපෙනෙන්න , ලියූ කවියත් අගෙයි.

නිසුපා said...

ජීවිතේ හැරයනවාට වඩා ක්‍රම තියෙනවා වියෝව විදගන්න.ඒත් හදිසි ආවේගයක් ආවොත්නම් ඔක්කොම ඉවරයි.

Anonymous said...

මගෙ හොඳම මිතුරියට එන්නට කියාපන්
ඇගේ ලඟ සුරැකිව මා තැබූ පොතක් ඇත
පසුපිටේ සීරුවට අංකයක් ලියා ඇත..
දුර ඈත පලාතක කැදැල්ලක
වෙසෙන කිසිවෙක් වෙතොත් ඔහුට මා මල බව දන්වන්න කියාපන්..
ඉතින් ඔහු පැමිණියොත්.. දුක හිතෙන අලුපාට ඇස් අරන්..
පලඳන්න මුදුවක්..
ඉඩ දෙන්න ඔහුහට.... මගේ අවසන් පැතුම එයමයි..

Anonymous said...

හරියට හිතට දැනෙන පද පෙලක්...

~ ජෙම්මා ~

Anonymous said...

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න..

ජමීලා...

AmilaArt said...

supiri

raslak said...

godaak lassanay Sonduru sitha :) oyage Hama article ekakma man Kiyawanawa :)

Chandi said...

ලස්සනයි සොදුරු හිතක පැතුම. අනේ තව මේ සිත සැරිසරන්න මේ අවකාශයේ, අපි හැමගේම ආදරය අරන්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...