..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 28, 2012

පැටලුම

පැටලුම



ලිහා ගන්නට පැටලුමක් නැති මුත්
දිහා බැලුවම පැටෙලෙනව මගෙ නෙත්
දමා යන්නට නොහැකි මට නුඹ වත්
දරා ඉමු අපි සෙනෙහෙ සිත සිරිමත්






ගෙවී යන දින දිනේ වී වියපත්
මැවී නොපෙනී යාවි දෝ නුඹ නෙත්
සදා ඉදිනට පෙම්වතුන් වී වත්
මැකී යන්නට එපා මතකෙන් මත්





7 ප්‍රතිචාර:

හිරුහිමාවී said...

:) ලස්සනයි!

සුදා මල්ලි said...

හමු වීම වෙන් වීම දෝ ආදරේ...?
සොඳුරු අදහසක්
ආයේ කතා දෙකක් නෑ ... නියමයි

දයානන්ද රත්නායක said...

මේකේ අවසන් පේලිය "මැකීයන්නට එපා මතකයෙන් වත්" කියා ලියා තිබුණනම් තවත් ලස්සනයි

Ravi said...

පැටලුමක් දැවටුමක් ඕනෙමද ජීවිතෙට?
භෞතිකව ලංවෙන්ට ඕනෙමද සෙනෙහසට?
දුර ඈත පායනා සඳ එක්ක පැටලෙන්ට,
නොයා නොහැකිද සොඳුරු සඳ එළිය විඳ ගන්ට....

If you are destined to love the moon be prepared just to bask in the moomlight because you would never be able to hold it in your hands, never ever,

ගිමන් නිවන්නා said...

අගෙයි! සොඳුරු සංකල්පනාවක්!

෴සොඳුරු සිත෴ said...

ස්තූතිවි සියළු දෙනාටම. රවි අයියා.මම ඔයා ලියල තියෙන
If you are destined to love the moon be prepared just to bask in the moomlight because you would never be able to hold it in your hands, never ever, කොපි කර ගත්තා.

දයා අයියා.
මම එහෙම තමා කලින් ලීවේ.ඒත් ඊට උඩින් පේලියෙත් වත් තියෙන නිසා අන්තිම පේලයට මත් කියලා දැම්මා. ස්තූතියි අයියා.

ස්තූතියි සියළු දෙනාටම

Loku John said...

වෙනදා වගේම අදත් …හදට දැනුනා සොඳුරු මතකයක්

මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...