..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, July 26, 2012

සමාවෙන්න මට

================
සමාවෙන්න මට
=============



මුහුදේ රැළි ගැනලා
යන එන අය බලලා
කඩල ගොටුම කියක් නුඹ ඉවර කළාද

ආයෙත් නම් පමා වෙන්නේ
නැහැ මම ඔන්න

අරහෙ මෙහේ දුවලා
හෙම්බත් බව දැනිලා
නුඹේ දෑස ක්ෂිතිජ ඉමේ නතර උනා ද

ආයෙත් නම් පමා වෙන්නේ
නැහැ මම ඔන්න

සරුංගලේ බැදලා
පණිවිඩයක් එවුවා
අහස දිහා බලපු නුඹ ට එය ලැබුනා ද

ආයෙත් නම් පමා වෙන්නේ
නැහැ මම ඔන්න

ඔරලෝසුබ බලලා
තප්පර පැය ගැනලා
ඔරලෝසුවේ මගේ සිනා වත පෙනුනා ද

ආයෙත් නම් පමා වෙන්නෙ
නැහැ මම ඔන්න


එනවාමයි කියලා
හිතට පැතුම් දීලා
බිඳුනු පැතුම අරන් නුඹත් ගෙදර ගියා ද



ආයෙත් නම් පමා වෙන්නෙ
නැහැ මම ඔන්න


නුඹගෙ සුසුම් විඳලා
නුඹගෙ නමට ලියලා
තියෙනා හිත විදපු දුකක් නුඹ දන්නව ද

ආයෙත් හමුවන දින නුඹ
කියල එවන්න
බොරුකාරිය නොවනා මම
එනවා ඔන්න


මට සමාවෙන්න
ආයෙත් නම් පමා වෙන්නෙ නෑ නෑ නෑ නෑමයි



හැමදාමත් පමා වෙන
මම
෴ සොසී ෴

11 ප්‍රතිචාර:

ගිමන් නිවන්නා said...

තරහත් යනවා, පවු අෆ්ෆා ඒ අසරණයා!
මොනා කරන්නද ඉතිං එන්නම විදිහක් තිබ්බෙ නැත්නම්.

හිරු කිරණ said...

වැරදි පිළිගන්න එක නම් හොදයි. ඒත් ඒවා හරිගස්සගන්න කොච්චර උත්සාහ කරයිද කියලා තමයි ප්‍රශ්නෙ......

Anonymous said...

Mekita portrait kiyana wachane oluwata dapu ekata gahanna ona ara mokageda walgekin

Anonymous said...

Mekita portrait kiyana wachane oluwata dapu ekata gahanna ona ara mokageda walgekin

හිරුහිමාවී said...

හරිම ලස්සනයි! :)

දයානන්ද රත්නායක said...

පමා නොවී ලියූ කවිය අමාවක් වැනිය

ළිහිණි තාරුකා පෙරේරා said...

හරිම ලස්සන පද සටහනක්

Dinesh said...

ලස්සනයි අක්කේ කවි පෙල..

මධුරංග said...

අදත් පමා වෙලා ද....

matahithenahatty said...

ලස්සන කවිය. ඉතින් මොකද පරක්කු වුනේ?
henryblogwalker the Dude

නිසුපා said...

හපොයි.... මට හැමදාම වෙන්නෙ ඕකෙ අනික් පැත්ත.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...