..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 5, 2012

- සමණල් සිහිනය/ A Story of a Little Buterfly -


සමණල  සිහිනය
A Story of a Little Buterfly


ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.

ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි.

“ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “

ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන මම ඇහුවෙ කතාව පටන් ගන්න කොණ්ඩ ගසත් හොඳ ඇරඹුමක් වේවි කියල හිතලා.

“ ඔවු ටීච... !!! “

ඉදිරියට වැටිල තිබ්බ කොණ්ඩ කැරුල්ලක් පසුපසට කරන්නට ගතපු අසාර්ථක උත්සාහයක් එක්කම ඇය කියා සිටියා.

“ දූ.... බියුටි සැලුන් යනව ද ? “ ඇගේ ලස්සන දෙබැම දැකපු මට උත්තර ඕනි නැති වුනත් , ඒ බව මම දන්න විත්තිය හඟවන්න මට ඕනි වුනා.

එකවරම බිල බලා ගත්ත ඇය , හිස ඔසවන පාටක් නැති වෙද්දි , මම අහපු ප්‍රශ්ණය ඉල්ලා අස්කර ගත යුත්තක් විත්තිය මට තේරුනා.

“ දූ ට මොකට ද අමුතුවෙන් ලස්සනක් . . . . දු ඉපදිලා තියෙන්නම ලස්සන දෝතින්ම අරගෙන. . . .ම් ම් ම් . . .  වාඩිවෙන්න මැණික “

එකවරම එසවුනු ඒ මුහුණෙ තිබ්බ හැඟීම් මොහොතින් මොහොත වෙනස් වුනේ හිතා ගන්නවත් බැරි විදිහට.

“ සඳුනි කීවෙ බොරු ටීච.... මගේ එහෙම සම්බන්ධයක් නැහැ. ඒ කොල්ලට සඳුනි කැමැති ටීචර්.ඒකයි මෙහෙම බොරු කියන්නේ “

ඇගේ මුහුණ ඇගේ අතපය ,ඇගේ ඇගිලි , ඇගේ ඉරියවු මේ සියල්ල හදිසියෙන් වගේ පවසන්නේ ඇගේ වචන  බොරු විත්තිය බව තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ.

සුපුරුදු පරිදි ඇයට මගෙන් ලැබුනෙ උපදේශ ගොඩාරියක් වෙනුවට , පුංචි රසවත් ආදර කතාවක්.. හරියට මුනින් නවපු කලයක් පුරෝනව වගේ උපදෙස් දීම ට වගේම ඒ උපදෙස් අහන්න ඉන්නත් මං කෙල්ල කාලේ කැමැති නැති වුනා වගේම මේ දරුවනුත් නොකැමැති විත්තිය මම දැනන් සිටියා. .

ඒ තරම් ලස්සන කෙල්ලකට ආදරය නොකරන්නෙ කවු ද? ධම්මි සුගත්ට ආදරය කරා නම් , හේෂානිට ඒ ආදරය තහනම් කරන්න මං කවු ද?

ඇගේ ආදරය මැද්දට පැනපු බබාගයා යකිනිය වනවාට වඩා යමක් ඇය වෙනුවෙන් කරන්නට නම් , ඇගේ හිතේ සැඟවුනු සමණළ් රහස් අසන සුරංගනාවියක් වන්නට මට සිද්ද වෙන විත්තිය මං දැනන් හිටියා.ඇගේ කතාවේ මා අභිමුව තැබූ ස්වල්පයෙන් වුනත් ඇය හසුවෙමින් සිටින්නේ දියසුළියකට බැව් මට නොදැනූනා නොවුනත්. එකවර ගත යුතු දැඩි තීරණයක ඇය නම්මා ගැනීම ලෙහෙසි නොමැති විත්තියත් මට හැඟී ගියේ , ධම්මි සුගත් ආදර කතාවට වඩා බොහෝසෙයින් දුර දිග ගිය ආදර කතාවක ප්‍රධාන චරිතයේ උච්චතම අවස්ථාවක ඒ වන විට ඇය රඟපාමින් සිටන නිසාම යි.

දැනට මාස හයකට විතර කලින් විනය කාමරයේ මගේ මේසය ඉස්සරහ හිටපු ඒ පුංචි රෝස මල ගැන මතකය ආයෙත් අලුත් වුනේ බොහොම අහම්බයෙන් හමුවෙච්චි ඇගේ පාසලේ පාසල් යෙහෙලියක් නිසා.

ඇය සඳුනි.

“ ටීච හම්බුනු එක හොඳයි.හේෂානි හොස්පිටල් එකේ.නිතරම ටීචර්ව මතක් කරනවා.ටීචරව හම්බුනොත් ටීචර්ට කියන්න කීවා “

හේෂානි ට ඇගේ විනය සම්බන්ධව ලබා දුන් උපදේශනය මා ලබා දුන් අවසාන උපදේශණයයි. ඉන් පසු ඇති වූ රාජකාරිමය ගැටළු රැසක් නිසා විනය කමිටුවෙන් පමණක් නොව එකී පාසලෙන් ද ස්ථානමාරුවක් ලැබූ මා එකී දිස්ත්‍රීක්කයෙන්ද පිටතටම මාරු වී ගියේ මා හට සිදු වූ සිත්තැවුල අමතක කර දමන්නට එයින් රුකුලක් අත් වෙනු ඇතැයි සිතාය.

විනය කමිටුවේ ප්‍රධානියකු වූ මා පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව දැක්වූ ලිහිල් ප්‍රතිපත්තිය වැඩිහිටි හා ජේෂ්ඨ ගුරුභවතුන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වීම අභිමුවේ  මා වටා ගොඩනැගුනු ශිෂ්‍ය බලවේගය මා සිත සැදුවද හිත සතුටින් රැකියාවේ නොයිදිය හැකිනම් නොපෙනෙන තෙක් දුර ඈතක සැඟවීමේ බියගුලු නමුත් මා සෑම විටම අනුගමනය කළ ක්‍රියාපිළිවෙත මෙහිදී ද ක්‍රියාත්මක විය.

නමුත් මා ගත් බියගලු තීරණයේ වරදක තරම මේ යැයි හඟවමින් , කිසිදාක නිවැරදිකර ගත නොහැකි හෘද සාක්ෂියක් ද ඉතිරිකරමින් තටු කපා දැමූ පුංචි සමණළිය ආණ්ඩුවේ ඉස්පිරිතාලයක යකඩ ඇඳක වැතීරි අපහසුවෙන් විවර කර ගත් ඉදිමුණු දෑස් ඇතිව මා දෙස බලා සිටී.

ඇගේ පිරුණූ රෝස තොල් , ලේ බිඳක් නොමැතිව සුදුමැලිව ගොසිනි. ඇගේ ගත දරුවන් බිහිකල බැල්ලකගේ මෙන් වැහැරිලාය.පණ බිඳකුදු නොමැති ගත උසුලා සිටීමටවත් වැතිර සිටීමටවත් නොහැකිව වේදනාවෙන් ගැස්සෙයි.හිස හෝ අත පය සෙලවීමටවත් ශක්තියක් නොමැති ඇය හුස්ම ගන්නේ ද ඉතා වෑයෙමෙනි.

සිරින්ජර කටු වක් වත් ගැසීමට ඇගේ අතේ තැනක් තවත් ඉතිරි වී නැති බැව් ඇගේ ඉවරවූ සේලයින් බෝතලය මාරු කිරීමට පැමිණි හෙදිය කීවා මට මතකය.

ඇය ඉගෙනීමට දක්ෂ එකියක නොවිය , නමුත් ඇය තුල සැගවී තිබුනු හැකියාවන් කිහිපයක්ම විය.ඇය ලීවීමෙහි දක්ෂ එකියක බවත් රචනයේ දී සැමදා වැඩි ලකුණු ගන්නියක බවත් නමුත් ඇගේ අභ්‍යාස පොත් බොහෝමයක අවසන් පිටු බොළඳ කවි වලින් පිරී ඇති බවත් , ඇය මල් පත්තර කියවන්නියක වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇගේ සිංහල ගුරුවරිය කීවා මට මතකය.

ඇය නෙට් පාසල් නෙට් බොල් කණ්ඩායමේ “ සෙන්ටර් “ ලෙස ක්‍රීඩා කළ බවත් , ඇගේ විනය සහ හැසීරීම පිළිබඳව වූ පරස්පරයන් නිසා ඇය එයින් ඉවත් කළ බවත් , නමුත් ඇය කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩිකාවක් නිසා ඇය සම්බන්ධව කටයුතු සොයා බලා ඇය නැවත කණ්ඩායමට ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ත්  ඇය සුමගට ගන්නා ලෙස ඉල්ලමින් ක්‍රීඩා ගුරුතුමිය විසින් මේ සුරංගනාවිය මා වෙත යොමු කළ බවත් මට මතකය.

“ ලේ ගොඩාක් ගිහින් . . . ජීවිතේ ගැන කියන්න බැහැ “

ඇගේ වෛද්‍යවරයා පැවසුවා මට මතකය.

“ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් කාමර ගානේ ළඟිනවට ඕව හොඳ පාඩම් “

ඇගේ ඇඳ ගාව සිට පැමිණිනෙ මා දුටු දත් ඉදිරී ගිය කෙස්ස අකාලයේ හැලී ගිය ගැහැණියක පැවසුවා මට මතකය.

“ ඒක හරියට . . . . . . . සමණළයො බඩේ පියාඹනවා වගේ ටීචර් “

ආදරය ඇයට දැනෙන්නේ කෙසේ දැයි , පුංචි විනය කාමරයේ දී මා ඇසූ පැනයට ඇය දුන් පිළීතුර මට මතකය.

“ ඇයි ටීචර් ඔයා මාව දාලා යන්න ගියේ . . . ? “
සුදුමැලිව හේබා ගිය සිය කෙසඟ අතකින් මා අත අල්ලන් , මා දෑසට එඹෙමින් ඇය කීවා . . . . . . . . . මට මතකය.

ඇගේ මිනිය වළලු තැන හෝ ඇගේ සෑය ගිනිබත් කළ තැන මට අමතක වූයේ . . . . . . ඇගේ මිනීමරුවාට ඇගේ මිනිය දෙස බලන්නට ශක්තියක් නොවූ නිසා ය.
ඇගේ බඩතුල පියැඹු සමණළයා .... ඇගේ බඩතුල අකාලයේ හෙලූ බිත්තර . . . . ඇයට මරණය ළඟා කර තිබුන ද ....ඇය වෙත ආ මායාකාර සමණළුන් පන්නා දැමීමට පියවර නොගත් වරදට සමණළුන්ට වෛර කරන
මම
෴ සොඳුරු සිත ෴

20 comments:

  1. යථාර්තය මැනවින් සිත්තම් කරලා හදවතම නිරුවත් වෙලා............ අපුරුයි

    ReplyDelete
  2. //ඇගේ මිනිය වළලු තැන හෝ ඇගේ සෑය ගිනිබත් කළ තැන මට අමතක වූයේ . . . . . . ඇගේ මිනීමරුවාට ඇගේ මිනිය දෙස බලන්නට ශක්තියක් නොවූ නිසා ය //

    මට මතක්වුනේ "අනුන්ගේ ලේ"

    ReplyDelete
  3. ලස්සනයි එත් ඉතින් Butterflies in the stomach idiom එක මේකත් එක්ක එච්චර ගැලපෙන් නෑ වගේ කියල අමටනම් හිතුනේ.

    ReplyDelete
  4. වෙන්න පුලුවන්...ඒ ගැන මම දන්නෙත් නැහැ.idiom එක එක්ක මේක සම්බන්ධ කරන්න බැරිව ඇති. ඒත් ආදරය ගැන යෞවන වයසෙ දරුවන් එහෙම කියනව මම අහල තියේ.

    ඒ හැඟීම ඒ තරම්ම කියා ගන්න බැරි දෙයක්.සමණල හැඟීමක්.බොළඳයි.විඳින්න ආසයි. ආදරය කියා රැවටෙන මංමුලා වෙච්චි දෙයක්.හරියට සුරංගනා කතා වගේ.

    ReplyDelete
  5. ලස්සන කතාවක් නොවැ ...

    ReplyDelete
  6. අනේ මන්ද..හරිම දුක හිතෙන කතාවක්..ඔය වයසට ඇත්තටම නොතේරුම්කමයි හැමදේටම මුල..තේරෙනකොට කල් ගිහින්..


    කියවන්න ආස හිතෙන්න ලියලා තියනවා..:)ෂෝයි හ්ම්ම්..:)

    ReplyDelete
  7. අම්මා...මාර ස්ටෝරියක්නේ...(පඩිවදන් නොදන්න නිසා)

    ReplyDelete
  8. මේක ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  9. එ වයසේදි එ හැඟිමම දැනුනා ...සමනලයෙක් බඩ ඇතුලේ පියාඹනවා වගේ නෙමේ..මුලු හිතම ගින්දර වලින් ලේ පිච්චෙනවා වගේ...එත් එ ආදරේ සමනලයෙක් බඩ ඇතුලේ තරම්ම දැනුනා..තාමත් දැනෙන්වා..හෙටත් දැනෙයි..

    කතාව ලස්සනට සිත්තම් කරලා..

    ReplyDelete
  10. කාලෙකින් කියෙව්ව අපූරු කතාවක්! රචනා විලාසය ගොඩක්ම හිතට ඇල්ලුවා.

    ReplyDelete
  11. කාලෙකින් කියෙව්ව අපූරු කතාවක්! රචනා විලාසය ගොඩක්ම හිතට ඇල්ලුවා.

    ReplyDelete
  12. හුගක් ගම්බද ඉස්කෝල වල ඔය වගේ කතා අහන්න හම්බ වෙනවා. ලමයින්ට විතරක් බැනලා වැඩකුත් නෑ නෙ නේද අක්කා...

    ReplyDelete
  13. මටත් හිතුණේ අපූරු කථාවක් කියලා..කියන්න දෙයක් හිතට එන්නෙත් නෑ.අක්කියෝ...

    ReplyDelete
  14. වර්තමාන සමාජෙය් මුහුන ෙදන සැබෑ ගැටලුවක්. වැරැද්ද ෙත්රුම් ගන්ෙන් වැරදුනාට පසුවයි. ඊට පස්ෙස් නීතිෙයන් තහනම් වුණත් සමාජයට මූන ෙදන්න ෙහාෙරන් ගබ්සා කරන්න ගිහින් ෙම් ෙවනෙකාට ජීවිත ගනනාවක් අහිමි වූ බව වාර්තා ෙවනවා.

    වැදගත් කාෙලා්චිත අදහසක් ෙකටිකතාවකින් ලියලා ලස්සනයි

    ReplyDelete
  15. Anuwedaneeya kathawak... hithata dannennama liyala thiyenawa guruthumiya waradak kala kiyannath baha... eth eka wathawakin witharak jevithe gana kiya denna bahane... nithara langin inna one... Ammala, thaththalath me wage dewalata waga kiyanna one...

    kathawa nam harima lassanata liyala thiyenawa

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඇගේ මයිල් කෙලින් උනා. සෑ‍හෙන සංවේදී කතාවක්.

    ReplyDelete
  19. ගහල බැනල ඔය ප්‍රශ්ණය විසඳන්න බෑ කියල අවුරුදු ගානක් තිස්සෙ දකින අහන උදාහරණ ගොඩක් දෙනා තවමත් පිළිගන්න අකමැතියි. ඒකම මේ වගේ දේවල් මෙච්චරක් දුරකට යන්න බලපාන එක හේතුවක් !!

    මට තවම මතකයි ලිංගික අධ්‍යාපනය පාඩමේදි ඒ විෂය භාර ගුරුතුමිය ලිස්සල ගියපු හැටි. ඒ ගැන පොස්ට් එකෙකුත් කාලෙකට කලින් ලිව්ව.

    සතපහකට වටින්නෙ නැති සදාචාරය පැත්තක දාල මිනිස්සු මේ ගැන විවෘතවෙලා සංවාදයක් කරනවනම් ලිංගිකත්වය කියන්නෙ දියවෙන්න කලින් කන්න ඕනෙ අයිස්ක්‍රීම් එකක් නෙමෙයි කියල තේරුම් යයි. එදාට අද තරම් අකලට මල් පරනොවෙයි.

    ReplyDelete
  20. Good one... I like writing style

    Jemma..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...