..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, July 1, 2012

බකාඩි



බකාඩි බෝතලය හිස් වෙමින් ද අමුතුම හැඩයකින් යුතු ව ඔහුගේ සුරතට මැදිව තිබූ පැහැදිලි වීදුරුව  පිරෙමින් ද තිබුණි.

සිවිලිං විදුලි පංකාවේ පෙති මත වැදී විසි වෙන වාතයේ හඬ ද ඇසෙන තරමට සියල්ල නිහඩබවේම ගිලී තිබුන ද , කතා කිරීම සඳහා සැකසෙමින් නමුදු අපිළිවල ලෙස විසිරී තිබුනු වචන සහ අකුරු එකිනෙක ඇමිණෙමින් ඔහු අවට පොරකමින් සිටිනු ඇයට පෙනුනි.

ඇය  ආසා කරන ඒ සිහින් ඇස් හීනයට පියවී වීදුරුව මත එහා මෙහා යන බකාඩි බුබුලක් දෙස බලා සිටිනු දකිද්දී , ඇගේ විසල් දෑස් එයින් මුදවා ගනු පිණිස දෝ ,පින්තාරු බිත්ති වල සායම් නොගෑවුනු සියුම් ස්ථාන සොයන්නට පටන් ගන්නවා පෙනුනි.

සුදු පැහැ ය ආලේප කර තිබූ සුමට බිත්ති වල කිසිදු පළුද්දක් තියා කුණු බිඳක් වත් තැවරී නොතිබුනේ ඇගේ ජීවිතය මෙන් යැයි ඇට සිතුන නිමේෂයේ දීම , කාමරයේ හරි මැද තිබූ විශල් යුගල් සයනය වෙත යාමේ ආසාවක් ඇයගේ සිත ඇති තුල දළු ලන්නට විය.

ඔවුන් දෙදෙනා සිටියේ කාමරයේ ඉතිරිව ඇති ඉඩෙහි බිම වාඩී වී ගෙනයි. සයනය ඔවුන් සඳහා වූවක් නොවූ එකක් මෙන් , කතාවක අතර මඟ දී අහම්බයෙන් ඇද වැටුන වස්තුවක් මෙන් ලැජ්ජාවෙන් ඉවත් විය නොහැකිව ඔහේ ඔත්තැන සිටින්නාක් මෙන් විය.


වාතයේ පාවෙමින් ... ඔහුගෙන් දුරින්ම තිබූ .... වචනයක් අල්ලා ගත් ඇය, එයින් ඔහු වෙත දමා ගසනු පෙනුනි.

“ යන්න ද ? “

වචනය නියම ඉලක්කයට වැදී ඉලක්කය දරා ගත නොහැකව මෙන් ඔහුගේ නිරුවත් පපුව මත වැටී ගියේ , නැවතත් උවමනා වූවොත් අහුලා ගන්නැයි කියන්නාක් මෙනි.

ක්‍රිකට් පිට්ටනියක් වැනි ඔහුගේ විශාල පපුවේ ඇය නොහඳුනනා රෝම ගස් කිහිපයක් මේ ටික දිනට දළුලා තිබුනි.

“ එන්න මෙතැනට . . . . . . අපි ආවා විතරයි නෙ තාම. “

බකාඩි වීදුරුව පසෙකින් තැබූ හේ,  ඒ අතින්ම තම පපුවට ගසා ගනිමින් කියන්නට විය.

ඇය සිටියේ ඔහුට අඩි එකහමාරක පමණ දුරකින් ඔහුගේ  ම ඇඳුමකින් සැරසීගෙනය. ලා නිල් පැහැති අත් දිග කමිසයේ අත්, ඇයට වඩා  දිගින් මදක් වැඩි වූයේ හරියටම අඟලකි.ඇය ඔහු වෙත ළං නොවත්ම ,ඇය වෙත ළං වූ ඔහු , ඇගේ නිරුවත් පා ද , කළවා ද බොහොම ආදරයෙන්  පිරිමදින්නට පටන් ගද්දී.... මෙතෙක් වෙලා වාතයේ පොරකමින් ඔහු වෙලා ගන්නට වලිකමින් සිටි වචන සහ අකුරු සියල්ල ඔහුගෙන් ඉවතට විසුරුවා ලමින් ඔහුගේ පපුතුරේ හිස හොවා ගත් ඇය මහ හඬින් ඉකිබිදින්නට වූවා ය.

දකුණතින් ඇය තව තවත් ඔහුගේ පපුවට තෙරපාගනිද්දී , ගිලිහී යන සමබර තාවය රැක ගනු වස් ඇගේ ඇගට යට වී තිබූ ඔහුගේ වමත නිදහස් කර ගැනීමට යද්දී , හදිසිය සහ සංවේදීබව වැඩි වී යාමෙන් වමතේ වැදුන බකාඩි බෝතලය බිම පුරා ඉහිරී ගියේ  ද කාමරයේ දොර හැර ගත් පිරිමියකු පාමුල දී පෙරළී ගිය බකාඩි බෝතලය නැවතුනේ  ද...... අවසන් බකාඩි බිඳ ද සමඟින්   බිදී ගිය බකාඩි බෝතලයේ දැති , ඇගේ හදවත පසාරු කරේ ද  , සියල්ල දකිමින් මෙතෙක් වෙලා කාමරයේ මුල්ලකට වී සිටි වචන සහ අකුරු වා කවුළුවෙන් ඈතට පලා ගියේ ද  නිමේෂයකිනි.


පලි:-

පසුදින හිමිදිරියේ  දුම්රිය මැදිරියක දී

“ ඌ කර වැඩේ හරි බන් . . . . .  හෙට මඟුල තියාගෙන වෙන පිරිමියෙක් එක්ක කාමර ගානේ ලඟින්න යන්නෙ අහවල් එහෙකට ද බන්. ** ගෑණු “


සියල්ල ඇසු දුටු නමුදු
පැවැසිය නොහැකිව ලතැවෙන
බිඳී ගිය බකාඩි බෝතලය
මම
෴ සොඳුරු සිත ෴

18 ප්‍රතිචාර:

විමුක්ති said...

ඇත්තටම කව්දවැරදියි කියන්නපුළුවන්?හැබැයි,දෙමව්පියොතමයි අන්තිමටවැරදි කාරයොවෙන්නෙ.කව්රුකලත්

කතන්දර Kathandara said...

/* ක්‍රිකට් පිට්ටනියක් වැනි ඔහුගේ විශාල පපුවේ */

මගේ පපුවේත් පිච් එක මාක් කරලා තියෙනවා. වල් වැවෙන්නේ පිච් එකෙන් පිටත විතරයි.

අඩවි රජ said...

අනේ මන්දා....
** (තරු) ගෑණු තමා ඉතින්.. :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

ජංජාල චාමර said...

හැමදාමත් වගේ ලස්සනයි... වරද , ඇයගේද , ඇය තුරුල් කරගත් ඔහුගේ ද?? නැත්තම් , හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ පේන , ක්‍ෂණික කේන්ති කාරයාගේද කියන එක මේ ටිකෙන් නිගමනය කරන්න බැහැ...

තොටියා said...

ස0කීර්න ගැටලූවක්... ඒත් ඉතින් විවාහ වෙන්න හිටපු කෙනාගෙ අතින් බැලුවම ඔහු ආවේගයත් ආපු එක අසාධාරනමය කියන්න බෑ. ඒත් කාන්තාව පැත්තෙන් බැලුවමත් ඇයත් ඉදලා තියෙන්නේ විසඳගන්න බැරි ප්‍රශ්නයක වගේ...

නිම්ශා said...

එහෙම වෙන් විමක් ඇයට සැනසිමක් වෙන්නත් පුලුවන්..

දුමී said...

මට නම් ටිකක් මීටර් උනේ නැද්ද මන්දා සිද්ධිය.....!

බකාඩි බෝතලේ නම් අපරාදේ කියලා හිතුනා ඕං.... :)

Loku John said...

හප්පේ ඔයතරම්ම සැරද ?

Lokkaiyaa said...

අහිංසක කෙල්ලෙක්....... හ්ම්ම්

නන්ඳු said...

//ඇය ආසා කරන ඒ සිහින් ඇස් හීනයට පියවී වීදුරුව මත එහා මෙහා යන බකාඩි බුබුලක් දෙස බලා සිටිනු දකිද්දී , ඇගේ විසල් දෑස් එයින් මුදවා ගනු පිණිස දෝ ,පින්තාරු බිත්ති වල සායම් නොගෑවුනු සියුම් ස්ථාන සොයන්නට පටන් ගන්නවා පෙනුනි.//

කතාවෙ මේ කොටස ‍හිත රැඳුනා..


වරදක් ඇති වරදක් නැති වරදක්..!

නිසුපා said...

හ්ම්..... මේ ටිකෙන් විතරක් සිද්දිය නිර්වචනය කරන්න අමාරුයි වගේ...

තරුරසී said...

තුන් දෙනාම පව් ඇත්තටම... ප්රෙශ්නය කොයි තරම් මානුෂික උණත්, සංවේදී උණත් වරද පැටවෙන්නෙ කාන්තා පාර්ශවයටම නිසා මේ වගේ ගමනක් ඇය නොගිහින් ඉන්න තිබුණා...

මේ ලිපිය බලද්දි මට මතක් උණේ දීපිකාගෙ '' මට කඳුළු එන්න කළියෙන් මං දමා යන්න '' ගීතය

කතාව ලස්සනට ලියල තියෙනවා...

Anonymous said...

ඌ කල දේ කොහොමත් හරි.

ඇත්තටම හෙට මගුල තියාගෙන එයා ගිය ගමන මොකක්ද? ඌට කැමති නැතිනම් කැමති නෑ කියන්න තිබුනා. ඌව අමාරුවෙ නොදා.

අර බකාඩි ගහපු එකා නම් මොකෙක්ද මන්දා. ඌට ලැබෙන්නෙ නැති නම් ගෑනිව, ආදරෙ නම් ඇත්තටම ඌ අයින් වෙන්න ඕන සීන් එකෙන්.
ගෑණිත් අර කිවා වගෙ **ගෑණියෙක්ම තමයි.

සොඳුරු මොකද මේ දවස් වල අසම්මත කතාම ලියන්නෙ?

හිරුහිමාවී said...

ඔයා ලියන විදිහ හරිම සිත්ගන්නා සුළුයි යාළු!

දයානන්ද රත්නායක said...

හොඳ නිර්මාණාත්මක ප්‍රවේශයක් කතාව ලස්සනට ගලපා තියෙනවා. හරියටම තිර රචනයක් වගේ.
සැබැවින්ම මේක හොඳ නිර්මානාත්මක අත් දැකිමක්.මේඉතාමත් කෙටි වුණත් ඉංග්‍රීසි චිත්‍රපටයක් වගේ මැවෙනවා.

ඒත් අපරාදේ අර බකාඩි බෝතලේ ෂාහ් .. බිඳුනනේ.. බකාඩි හෙන ගානක්.අපරාදේ..

Sumith Niriella said...

මුළු ලියවිල්ලම කවියක්.....

සියල්ල සිදු වුනාට පසු කාමරයේ මුල්ලේ සැගවී සිටි වචන සහ අකුරු වලට තවදුරටත් කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නෑ.
තරු ළකුණින් ඇය අභිෂෙක කළ සමාජය නොව ඊට වඩා උසස් සමාජයකදී නම් කතාව අවසන් විය යුතුව තිබුණේ,........

"විවෘත්ත වූ දොර කවුළුව තුළින් තම දෙපා මුලට පෙරලී ආ බකාඩි බෝතලය ප්‍රවේසමෙන් අතට ගත් ඔහු, ඔවුන් අසලින්ම එය සීරුවෙන් තබා සියල්ල තේරුම් ගත්තාක් මෙන් කිසිත් නොදොඩා ආපසු හැරුණේය."

මේ විදියට කතාව අවසන් වන්නේ තරු ළකුණු එක්කරන සමාජයකදී නම් ඔහුට ලැබෙන නාම විශේෂණය....
............"පොන්නයා"............

u4j10 said...

barcadi kese wethath harima kupadi kathawak.Niyamai :-)

සචිත් said...

කාලෙකින් කියවපු ලස්සනම කතාවක් ........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...