..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, June 17, 2012

නුඹට පුදමි - Dedicated To You

නුඹට පුදමි

 Dedicated To You




නිරුත්තර වුනි
දෙපය පැකිළුණි
ගතම සලිතව නැවතුනා
දකින විට නුඹ
ගෙල බදා ගත්
සිඟිත්තා මට පෑ සිනා

නුඹ ළඟින් තව
සුරගනාවක් ඇගේ ගෑවී
යන නියා
දැනන් සිටියෙමි
වෙදගිල්ල මුදු
දැමූ බව පෙර කිවු නිසා

දැනන් හිටියේ
නැතේ මේ ලෙස
වේදනාවක් දෙයි කියා

කොහේ දෝ සිට
කෙනෙක් ඇවිදින්
කිනිස්සෙන් හද පැලු නියා

දනිමි නුඹෙ පෙම
ඔවුන් මත්තෙයි
බිඳක් වත් මේ මට එපා

මතකෙයෙන් පමණක්
නොවෙයි මං
යන්න සිතුවෙමි
දිවි පුදා

නුඹේ වරදක්
හෙම නෙමෙයි තිං
නෙතේ කඳුළක්
දෙනු එපා

පතමි සුබ සිරි
අනාගතයක්
මතක බණටත්
නුඹ එපා

23 ප්‍රතිචාර:

Sarath Chandrasiri said...

සිනමා හලෙදී උයනේ කොනේදී ප්‍රේම නගරයේ... අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදිවී ආව නිහඩවී... අද මා යෙහෙලී_ ඔබගේ මිහිරී... ඕං එහෙම කියලා තියෙන්නේ මම නම් නෙමේ... ඉන්ද්‍රානි පෙරේරා. ඉතින් ජය..!

Dinesh said...

පතමි සුභ සිරි
අනාගතයක්
මතක බණටත්
නුඹ එපා.

.........

කියන්න දෙයක් ඉතිරි නොකරම මේ පේලිය ලිය වෙලා..

කතන්දර Kathandara said...

wath July 13, 2010 8:31 AM said
ආහ් ... කතන්දර

බූට් එක නම් ලස්සනයි.....

කතන්දර Kathandara said...

wath July 13, 2010 8:30 AM said
ගුණදාස කපුගේ මතක් වුනා මට...

ඒ ගීතය අහන කොට මට නම් හරිම බයක් හිතෙනව... හ් ගීතය ලියන්න ඇත්තෙත් ආවේගයෙන් වෙන්න ඇති....

මමත් ලිපි කිහිපයක්ම ආවේගයෙන් ලියල පෝස්ට් කරල තියනව... බ්ලොග් එකට පෝස්ට් කරල ඉවර වෙලා ආපහු කියවල බලල මකල තියෙනව...

මම නම් හිතන්නේ.. පිට කර ගන්න බැරි තරම් තරහක් ආවම කරන්න ඕනි හොදම දේ ලියන එක.. ඊට පස්සෙ කියවල තමන්ටම තමන් තේරුම් ගියහම මකල දාන්න එක්කො පුච්චල දාන්න. කාටවත් අහුවෙන්න නම් තියන්න එපා රජෝ......

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

බලන්න බය හිතෙන්නෙ නැද්ද කියල....

Gimhani said...

අනෙ ඉතින් මේවට මොනා කියන්නද මන්ද ?

Damith Sriyantha said...

ආවේගය,විරහව,කේන්තිය වගේ නීරස හැගීම් වගේම ආදරය,සෙනෙහස,ප්‍රීතිය වගේ දේවලුත් නිර්මාණාත්මකව එලියට දාපුවහම හරිම රසවත්,එත් අර කලින් කියපු නීරස දේවල් තුල ඒ හැගීම් රසවත් හැගීම් වලට වඩා අපුරුවට එලියට එනවා.ඒකම වෙන්ඩ ඇති විරහ ගීත වලට මිනිස්සු ගොඩක් ඇලුම් කරන්නෙ,රස විදින්නෙ.කතන්දර කිව්වා වගේ මමත් ඒ වගේ හැගීම් අපු වෙලාවට ඒ දේවල් කවියට,නිසදැසට නගල තියෙනවා,ඒ වෙලාවට ලියවෙන දේවල් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ...ඔහේ ලියවී ගෙන යනවා.... පස්සෙ කියවල බලද්දී මමද මේක ලිව්වේ කියල හිතෙන වෙලාවලුත් තියනව..

නිසුපා said...

සැබෑ සිදුවීමක්ද? පහලින් දාන කෑල්ල දාන්නත් අමතක වෙලා.

Loku John said...

මේක හරිම සුන්දර අත් දැකීමක් වෙනවා දෙන්නම කසාද බැඳලා දෙන්නටම පවුල් ජීවිත දෙකක් තියනවානම්. හැබැයි එක අන්තයක් හිස් නම් .......මගෙ යාලුවෙකුට උනු අත් දැකීමක් මම පෙට්ටගමෙ දැම්මා කැමතිනම් බලන්න මෙන්න සමුගැනීමෙ ලින්කුව....


මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

Malya Cruise said...

මාරයි... මේක ලිව්වේ මම නෙමෙයිද??

ගිමන් නිවන්නා said...

සොඳුරු සිතට තරහ ගිහින්ද මන්ද?

වචන කීපයකින් දිග කතාවක් හැඟීම් ගොන්නක් කියාපාන අපුරුව!

nawammawatha said...

මතකෙයෙන් පමණක්
නොවෙයි මං
යන්න සිතුවෙමි
දිවි පුදා ......

ඇයි ???????

Chandi said...

මේ ජීවිතේදි කී දෙනෙකුට මෙහෙම සිද්දි සිද්ධ වෙලා ඇතිද? නංගි. කාලයේ මතක ලේසියෙන් මකා දමන්නට බැහැනෙ.

අපි ආයෙත් හමු නොවුනා නම්........
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්.............

niroshini said...

මට මතක් උනේ ඇඩෙල් ගේ Someone Like You.

I heard that you're settled down
That you found a girl and you're married now.
I heard that your dreams came true.
Guess she gave you things I didn't give to you.

Old friend, why are you so shy?
Ain't like you to hold back or hide from the light.

I hate to turn up out of the blue uninvited
But I couldn't stay away, I couldn't fight it.
I had hoped you'd see my face and that you'd be reminded
That for me it isn't over.

Never mind, I'll find someone like you
I wish nothing but the best for you too
Don't forget me, I beg
I remember you said,
"Sometimes it lasts in love but sometimes it hurts instead,
Sometimes it lasts in love but sometimes it hurts instead"

අක්කේ මේ ඔයාගේ අත්දැකීමක්ද?
කාලය හැම තුවාලයක්ම සනීප කරනවා. ඔයාත් ළඟදීම කාගේ හරි වාසනාවන්තයෙක්ගේ සුරංගනාවක් වේවි...එදාට ඔයා ලියන ලස්සන කවිය කියවන්න අපි බලාගෙන ඉන්නවා. :)

සිතුවිලි දැහැන said...

ඔන්න අහම්බෙන් සොදුරු සිත ලග අද මමත් නැවතුනා....

මතක අවදිවෙන එක තරම් වේදනාවක් නම් තවත් නැති තරම්..ඒත් ඉතින් මොනවා කරන්නද..? ඒ දේවල් වලට මුණ දෙන්නම අපිට සිද්ධ වෙනවනේ....

දයානන්ද රත්නායක said...

කවිය හොඳට ලියල තියෙනවා. අන්තිම කෙටස් ටික ඉතාම හොඳට ලියල තියෙනවා. කවියේ ආරම්භය තව ටිකක් වෙනස් වුණානම් හොඳයි. ආරම්භය ටිකක් පැටලිලි ගතියක් දැනෙනවා ඒකයි.

පුබුදු said...

නියමම කවියක් බොක්කටම වැදුනා

Dude said...

හොඳටම හිත රිදිලා, හොඳටම තරහ ගිහිල්ලා. :(
බූට් හරි රහයි කාලයක් ගියාම...
හොඳම සින්දුත් බූට් සින්දු...
henryblogwalker the Dude

වීපොකුර said...

මැවී පෙනුනු අපූරුව....ලස්සනයි...!!

සජීව ධනුද්ධර said...

අපූරුයි සො.සි.
අත්දැකීමක්වත් ද????

චූටි බටපොලයා said...

ලස්සනයි!

පොඩි අදහසක් තියෙනව.බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යනව වැඩි වගේ.ඒකට මොකක් හරි කරන්නකො

තොටියා said...

ලස්සනට ලියපු කවිපද ටිකක.
මේ කවිපෙළ කියවන් යනකොට මේ ගීතයත් මතක් වුනා..
"ඔබ අතගෙන ගියවීදී ඈ හා යනවා
සිඟිතිපුතා අතැගිල්ලක එල්ලී එනවා.."

වැසි දැරිය.. said...

සකි නුඹ වැරදි නැතියෙන් මගෙ පව්වලට..
තනි වී හිදිමි සින්න ව දුක්මංසලට!

Red Riding Hood said...

"පතමි සුබ සිරි
අනාගතයක්
මතක බණටත්
නුඹ එපා... "

mamath me dawas wala me widihatama kiwwa akka..meka mage hithata godak denune mage athdakimak nisa wennathi... lassanai..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...