..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 26, 2012

අපූරු සමුගැන්ම

අපුරු සමුගැන්ම


" අද ප්‍රමාදයි " 

" අද ග්‍රවුන්ඩ් එකේ  මොකක් දෝ රැළියක්. ට්‍රැෆික් එක , ඉක්මනට යන්නත් ඕනි . . . . නැති නම් රෑ වෙයි "
 
" දැන් එන්නෙ හිත කැමැත්තෙන් නෙමෙයි වගේ "

" ඔවු. . . . වැඩි කල් එන්න ලැබෙනෙකක් නැහැ "

 
" ඒ මොක ද ? කෝ කෝ ......  මෙතනින් ඔළුව තියා ගන්න "

" හ්ම් .......... හරි සනීපයි "

 
" ඉතින් දැන් කියන්න "

" මට තිබහයි "

 
" වේටර් . . . . තේ දෙකක් ගේන්න "

" තේ එපා. නැති ද සැර ජාති "

 
" පිස්සි . . . .  එහෙනම් වෙන තැනකට යන්. මෙතන බැහැ නේ "

" මාව ඉඹින්න , මට හරි තිබහයි "
" හ්ම් . . . . . මෙතැන . . . . පොලිසි යන්න වෙයි "

" හ්ම් . . . . .  "
" දැන් මොකක් ද අර කීව කතාව ? "

" හ්ම් . . . . . . මට මෙහෙම මුණ ගැහෙන්න බැරි වෙයි. තව ටික කාලයයි. කරදර නොකර මට මෙහෙම ඉන්න දෙන්න "

 
" මොකක් ද ඒ කතාව . අර සුදු හීන්දෑරි එකා. . .  ඒකා ඔයාට කැමැති වුනා ද? "

" ඔවු. . . . තව ටික දවසකින් ඒකා මයෙ මනුස්සය. එන්නෙපා  ඌ මූ 

කියන්න. යන්න අහකට "
 
" ගෑණු .....!!! තමන්ට ඕනි දේ ලැබෙනකම් විතරයි "

" ඔවු. . . . මාවත් නාකි වුනාම බලා ගන්න ,දරුවෙක් හදා ගන්න ඕනි "

 
" ඉතින් මම හදා දෙන්නම් කෝ.  .."

" මාත් කැමැති. ඒත් දරුවට උප්පැන්නයක් ඕනි "

 
" අද තේක අන්තිමයි ...........!!!! "

" මට පරක්කුයි . .."

 
" නැගිට්ටෙ යන්න ද? "

" හ්ම් . . . . මට ඔය උරහිස දෙනව ද , ගෙදර ගෙනියන්න "

 
" ආයෙ කව දද එන්නේ "

" එන්න වෙනේකක් නැහැ මයෙ හිතේ . . . ..මම යන්නම් "

 
" පරිස්සමින් ගිහින් . . . . .එන්න "

" මම ආදරෙයි හැමදාම "




ආපසු හැරී නොබැලූ ඇය . . . . කෙළින් වීදියේ ...... නොපෙනී ගියා ය.




" මමත් ආදරෙයි .  . . .  කෙල්ලෙ . . . . මට සමාවෙන්න. "

41 ප්‍රතිචාර:

Gimhani said...

සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද . මට මේ සින්දුව මතක් උනා සොසී .

ජීවිතේ මල් said...

මන් ආයෙ මේක කියවන්නෙ නැහැ. මට ඇඬෙනවා . මම තරහයි සොසී එක්ක ... ග‍්රර‍්රර්...

හි හි. බොරු අක්කෙ. ඔයා එක්ක තරහ නැහැ. ලිව්ව එක සමීප නිසා දුක සිතුනා :)

රොබින් said...

අපුරු කතාවක් ....

තරුරසී said...

වෙලාවකට හිතෙනවා සමුගැනීම් විතරමද උරුම කියල... ඇය හරි... ඇයටත් ඇගේම උණ ලෝකයක් තියෙන්න ඕන... නැත්නම් හැමදාම අනුන්ට අයිති ඉඩමක පිපෙන මල්වල සුවඳ ඉව කර කර විඳවන්නයි වෙන්නේ....

අඩවි රජ said...

නියමයි අක්කෝ... :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

තොටියා said...

අමුතු වුනත් අපූරුයි...!

Loku John said...

මොකක්දෝ අඩුයි වගෙ. හැබැයි මට තෙරෙන්නෙ නෑ ඒ මොකක්ද කියලා.

මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

araliya said...

lassanai akkiyo......kathawa.

Pajero said...

++++

Dinesh said...

මොනාද මම කියන්නේ කියලා කල්පනා කලේ.. ලස්සනයි අක්කේ..

nimali said...

nice blog dear.keep on

වීපොකුර said...

සමුගැන්මක් වෙන්න බැහැ....!!

Anonymous said...

ජීවිතේ අපි කැමති අයව මුළු ජීවිත කාලයේම ලගින් තියාගන්න බැරි අවස්ථා එනවා... එහෙම උනාම ජීවිතේ නතර වෙනවා වගේ හැගීමක් ඇතිවෙනවා .... මේ විදිහටම මේ අත්දැකීම අත්විදාපු කෙනෙක් හැටියට මේ කතාව නැවත වරක් මගේ හිත පැරුවා....

෴සොඳුරු සිත෴ said...

Anonymous
ඔබට ස්තූතියි ඇනෝ. ඔබේ කතාව හරි. ඒත් ජීවිතය ඉදිරියටම ගලා යනවා.මතකය විතරක් ශේෂ කරලා

෴සොඳුරු සිත෴ said...

වීපොකුර
සමුගැනීමක් නෙමෙයි කියල හිතන්න මගේ හිතත් කැමැති... මතකයට කවදාවත් සමුගැනීමක් නැති නිසා ඔයාගේ කතාවත් එක අතකින් හරි.ස්තූතියි වී පොකුර.

෴සොඳුරු සිත෴ said...

nimali
Thank You Nima........ come again.

෴සොඳුරු සිත෴ said...

Dinesh
ජීවිතේ තවත් එක දවසක්.... ස්තූතියි Dinesh.

෴සොඳුරු සිත෴ said...

Pajero
පැජරෝ එකකුත් යමින් ගමන් මේ පැත්තෙ ඇවිත් ගිහින්. නිකම් නෙමෙයි ප්ලස් මාර්ක් ගොඩාක් එක්ක. ස්තූතියි Pajero.

෴සොඳුරු සිත෴ said...

araliya
ස්තූතියි අරලියා

෴සොඳුරු සිත෴ said...

Loku John
මොකක් දෝ අඩුයි කීවා....
වෙන සමුගැනීම් වල තියෙන කඳුළු මෙතන නැහැ. (පේන කඳුළු නැහැ) ඒකද අඩුව.ස්තූතියි ලොකු ජෝන්.

෴සොඳුරු සිත෴ said...

තොටියා
ස්තූතියි තොටියා.

෴සොඳුරු සිත෴ said...

අඩවි රජ
ස්තූතියි රජ්ජුරුවෝ..... රජතුමෙක් සැපත් වීම ගැන සතුටුයි.ඒත් මෙහෙවු රජෙක් නම් දැක්කමයි ඕං.

෴සොඳුරු සිත෴ said...

තරුරසී
ඇත්ත. ජීවිතේ උපන්නොත් සමුගෑනීමත් උරුමයි.... ස්තූතියි .රුරසී.

Anonymous said...

ම්ම්ම්.. මෙතන ආදරය තියන්නෙ කොතැනද? එතකොට අර සුදු හීන්දෑරි එකා... ?? ඌ ගැන මොකද කියන්නේ?
@ Anonymous : ඔයා මෙතන male character එකද? female එකද?

male character එක නම් හරිම අවස්ථාවාදී එකක් වගේ පෙන්නෙ.

෴සොඳුරු සිත෴ said...

රොබීන්
ස්තූතියි රොබීන්.

෴සොඳුරු සිත෴ said...

ජීවිතේ මල්
සමුගැනීම් තිබ්බත්.... ජීවිතේ මල් වෙච්චි දිල්ට මම කැමැති... මල් මල් හිනාවත් එක්ක දුක සතුට හංගන් ලස්සනට ඉන්න හැටි මට ඉගෙන ගතෑකි ද ඔයාගෙන්....

෴සොඳුරු සිත෴ said...

Gimhani
අහා.. මේ සතියෙ බස් රේඩියෝ නිශාන්තයෙන් දෙන්නකො මට " ඉවාන් පවලූෂා" මම එයාගෙන් උරහිස ඉල්ල ගන්නම්....... ස්තූතියි ගිම්.

෴සොඳුරු සිත෴ said...

ගොඩාක් කාලෙකට පස්සෙ .... කමෙන්ට් කරපු අයට ස්තූති කලේ....

වර්ණා said...

හ්ම්ම් මෙවන් සමුගැනීමක් මගේ ජිවිටයටත් සම්බන්දයි. මෙවැනිම

samzi said...

මට අතීතය මතක් වෙලා කඳුලක් වැටුනා.ඒක මේ විදියටම නොවුනත් මොකක්ද සමානකමක් තියෙනවා.ඒ දවසට මම තවමත් ආදරෙයි.

අදමයි සොඳුරු සිත බලන්න ආවෙ.මුලින්ම දැක්කෙත් හදවත නතර කරන පෝස්ට් එකක්.ජය වේවා එහෙනම්.

෴සොඳුරු සිත෴ said...

samzi
ස්තූතියි samzi ........ කියවල වගේම අදහසකුත් සටහන් කරල ගිය නිසා. ස්තූතියි.... ආයෙත් එන්න. අපි කාට කාටත් මේ වගේ සිදුවීම් තියෙනවා. ඒක තමා ජීවිතේ...

෴සොඳුරු සිත෴ said...

Anonymous
මෙතන මම male character එකවත් ෆීmale character එකවත් කියල කියන්න බැහැ. පින්තූරය දැක්කම මට හිතුන දේ දැනුන දේ ලීවා. මම නම් තවම මේ වගේ අවස්ථාවකට මුහුණ දීලා නැහැ. මුහුණ දෙන්න වෙන්නත් එපා කියල පතනවා.

ආදරය කොහොමත් ආත්මාර්ථකාමි... අවස්ථාවාදි.... මෙහෙම සමුගන්න ලැබෙනව නම් ඒකත් වාසනාවක් කියල වෙලාවකට හිතෙනවා. අඩල දොඩල ගහ බැන ගෙන සමුගන්නවට වඩා...

෴සොඳුරු සිත෴ said...

වර්ණා
හ්ම්......සමුගැනීම දුකක් නොවී. මතක් වෙලා සිතට අපේක්ෂා සහගත බවක් ගේනව නම් කොයි තරම් හොඳද.

" ආලෙ බිඳුන දා කුමකට - කඳුළු සලනු සකි .....
" ආලවඩන යන තේරුම "බෝසත්කම" සකි.........

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

මොනවා කියන්නද මන්ද..

" ගෑණු .....!!! තමන්ට ඕනි දේ ලැබෙනකම් විතරයි " ඒකට නම් එකගයි

හිරුහිමාවී said...

ලස්සනයි ..ඒත් දුකයි!! :(

දයානන්ද රත්නායක said...

අද කතාව සම්පූර්ණ දෙබස්වලින් විතරයි. හරියටම අතරමැදකින් පටන්ගත්තාවගේ හැඟීමක් එනවා. මේ දෙබස් ටික අතරට තව වචන ටිකක් භාවිතා කරල නිර්මාණාත්මක ප්‍රවේශයක් විදියට කතාව අලංකාර කරන්න තිබුණා.

දෙබස් ටික විතරක් මදියි වගේ

Anonymous said...

සොසී.. මේ දෙවෙනි ඇනෝ ප්‍රශ්නෙ අහල තියන්නෙ ඔයාගෙන් නෙවි.පලවෙනි ඇනෝගෙන්.

මටත් හිතෙන්නෙ දයානන්ද රත්නායක කියන දෙ හරි.

තුන්වෙනි ඇනෝ මම
~ ජෙම්මා ~

෴සොඳුරු සිත෴ said...

@ජෙම්මා
හැබෑමයි.......දැන් නෙව ඒක තේරුනේ.ස්තූතියි ජෙම්මා.

෴සොඳුරු සිත෴ said...

@ජෙම්මා
මට මතක් වුනා. “ ඇට මැස්සා “ ........

Anonymous said...

U r correct Sosie. It is my favorite.

~ Jemma ~

Ravi said...

/ ආපසු හැරී නොබැලූ ඇය . . . . කෙළින් වීදියේ ...... නොපෙනී ගියා ය. /

/ " මමත් ආදරෙයි .  . . .  කෙල්ලෙ . . . . මට සමාවෙන්න. " /

එසඳ මම බලා සිටියෙමි.

***************************

'' එසඳ මම බලා සිටියෙමි '' කියන්නෙ මම ලියපු කතාවක මාතෘකාව......මට ඔයාගෙ කතාව කියවල අන්තිමට මතක් උනේ ඒක...අනේ මන්ද මොකද කියල...:)

ආහ්, තව ප්‍රශ්නයක්....මොකද මේ සමාවෙන්න කියන්නෙ?....මෙතන කවුද දැන් වරදක් කරල තියෙන්නෙ සමාවක් ඉල්ලන්න???....:) :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...