..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 15, 2012

බංකුව



" තරහෙයි . . . . .. ! ! ! "

ඇස් දෙක පුංචි කරලා , ඔළුව ටිකක් පහත් කරලා , එකම බංකුවේ එහා කෙලවරේම වැටෙන්න ඔන්න මෙන්න වගේ වාඩි වෙලා ඉන්න එයාගෙන් මං ඇහුවා . . . .. . . .. . .


හ්ම් ......... උත්තරේ මේකයි.


“ කතා එපා , මටත් තියෙන්නෙ හිතක්, ඕනි වෙලාවට ළඟට ගන්නයි,එපා වෙලාවට විසි කරන්නයි මං කවුරු කියල හිතුව ද? යන අහක යන්න .මගෙ පාඩුවේ ඉන්න දෙන්න “


ඒත්
 


තාමත් අපි බංකුවේ කොන් දෙකට වෙලා හැමදාමත් වාඩි වෙලා ඉන්නවා... කතා නැතිවම.
ප:ලි - මේක දැකපු මයෙ හොඳ යාළුවෙක් මෙන්න මෙහෙම ලියල තිබ්බා. මයෙ හිතට ඇල්ලුව නිසා මම ඒකත් මෙතනම ලීවට යාළුව තරහ වෙන එකක් නැති වෙයි.
එයා ගේ උත්තරේ මෙන්න මේකයි.


 " මොකුත්ම නොකියා ඇස් දෙක පුංචි කරලා, ඔළුව ටිකක් උස්සලා, වැටෙන්න ඔන්න මෙන්න තියෙන බාගෙ අරන් බංකුව උඩින් තියන ගමන්, ඔයාගෙ කෙස් ටික අවුල් කරල දාවි.ඊට පස්සෙ, ඇස් දෙක ලොකු කරගෙන, නාස් පුඩු අගින් හුස්මක් දාලා, ආපහු බැරෑරුම් විදිහට ඈත බලාගනීවි."

ළං වෙන්නත් බැරි
ඈත් වෙන්නත් බැරි
පරතරයකින්
බංකුවේ මෙහා කොනේ ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

11 comments:

  1. පිංතුරේ ලස්සනයි අක්කා..

    හැමදාම වගේ අක්කාගේ සිතුවිලි ලස්සනයි නේ කොමත්.

    ReplyDelete
  2. ඉතින් ඔහොම කොච්චරකල් ඉන්නටද ?

    ReplyDelete
  3. කව්රු වුනත් තනි නොතනියට ඉන්න කෙනානෙ!

    ReplyDelete
  4. ආයෙමත් දවසක
    මේ වගේම බංකුවක් උඩට වෙලා
    ‍ගස් වල කොල වැටෙන හැටි බලන්න
    අත් අල්ලන් යන ජෝඩු ගැන අනාවැකි කියන්න
    ඔයා එනව කියල මට විශ්වාසයි...

    කමෙන්ට් එක පෝස්ට් එකට අදාල නැතුව ඇති. හැබැයි පිංතූරෙත් එක්ක අතීතෙට ගියා....

    ReplyDelete
  5. ජීවිතේ කොයි කාලයක් මෙහෙම ඉන්නද? එහෙම නැතිව සෙනෙහසින් ලංවේවා! කියල කියන්නම්. කාලෙකින් එන්න ලැබුනේ. අමනාප නැහැනේ.

    ReplyDelete
  6. මුකුත් නොලිවොත් තරහෙයි...????

    ReplyDelete
  7. අනේ මන්දා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. පෝස්ට් එකේ මුලින්ම... පින්තූරය දැක්ක ගමන් මටත් ඕක හිතුනා..!

    ReplyDelete
  9. ඇයි මේ..? විදින්න තියන කාලේ විදවන්නද හදන්නේ...?

    ReplyDelete
  10. එහා කොණේ ඉඳගෙන ඇය හැමදාමත් කියන්නේ ඔය වචන ටික. මොකද... මම හැමදාමත් බංකුවේ මෙහා කොණේ...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...