හැළුනු ම යන්න

මම ගෙ මයන්න හැලිල තියෙද්දි
අහුලල ගෙනාවේ ඔයා
මං ඒ මයන්න ආදරයෙන් ලගට ගද්දි
මයන්නෙ ඇමිණිලා තිබ්බ
ඔයන්න කුත් ඇවිත් තිබ්බ
දැන් ඉතින් මයනු වලට මැදි වෙලා
අලුත් අකුරකුත් තියෙද්දි
මට කවදාවත් ආයෙත් මම
වෙන්න බැරි වෙයි ද ?
කරුණාකරල
ඔයාගේ ඔ යන්න අරන් ගිහින්
මගෙ ම යන්න ගෙනත් දෙන්න
ම යන්න නැති
මං
සොඳුරු

12 ප්රතිචාර:
කව්ද සොඳුරුගේ "ම" යන්න ගත්ත "ඔ" යන්න.. කව්රු උනත් මේ ඔ යනු ම යනු කථාව නම් නියමයි....
ඕනෙමද ඔයාට ඒක. මමකියන්නම් එයාට ඉක්මනටම ගෙනල්ලා දෙන්න කියලා, "ම" යන්න. ජය..!
ම යන්න නැති උනත් කමක් නෑ . පැමිණීම සතුටක් .
ඔය තියෙන්නෙ ඇත්ත ඇති සැටියෙන්ම දාලා
අයියෝ අයියෝ :(
තේරුනේ නැද්ද මන්දා.... කමක් නෑ.. :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අපි ''ඔ'' ආදරයෙන් ආරක්ෂා කළාට අපේ ''ම'' ඒ වගේම ආදරයෙන් රැක බලා ගනීවි කියල හිතන්න පුලුවන්ද? අන්තිමට බලද්දි ''ම'' අසරණ වෙලා. අතරමං වෙලා කියල හිතනවා...
මම තුළින් "මම" හොයන්නත් බෑ.ඔබ තුලින් "ඔබ" හොයන්නත් බෑ.අපි හිතන තැනත්, ඉන්න තැනත් අනුව මමත්වය වෙනස් වෙනවා වගේම "ඔබ" ද එහි දකින්න ලැබෙන්නේ නැහැ.
ඔය "ම" යන්න කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්මයි. සොසී ඉන්න මන් කෝල් එකක් දමලා කියන්නම් ඔන්න ඕක ගෙනත් දෙන්න කියලා..නැත්නම් ඔයා ගිහින් කියන්න මේ තියෙන්නෙ "ම" යන්නගෙ පාලු වෙලා ගිය බ්ලොග් එක..
http://maranaya.blogspot.com/
මටත් තේරුන්නැහැ වගේ...එතකොට අරවිදියට බිත්තිය දිහා හැමදාම බලාගෙන ඉන්නවද..?සෝක් නේ..
හරිම ලස්සනයි වචන ටික..
ඔන්න මමත් පෝස්ට් 150 පසු කළා ඇවිත් බලන්නකෝ
ඇයි එයාගෙ 'ඔ' යන්නට ඔච්චර අකමැති.'ම' යන්නයි 'ඔ' යන්නයි කියන්නෙ කොයිතරම් ලස්සන අකුරු දෙකක්ද? ඒ නැතත් ම'' යන්න 'ඔ' යන්න එකතු වෙලා 'අ' යන්නයි 'පි' යන්නයි හදනවා.
අපි වුනාම කොයිතරම් සුන්දරද ජීවිතේ..
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.