..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, May 2, 2012

෴ ගින්න /Fire ෴ 5 කොටස

෴ ගින්න /Fire ෴
5 කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා
අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.
ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ
අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු
ඇගේ හදවත දවන නිසයි.
පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්
උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,
පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.රෝහල් කොරිඩෝවකදි නෙත ගැටෙන පණසිදුන රෝගියකු දැක ඇය කම්පාවට පත්වෙයි. නමුත් ඇගේ
හිත සුවපත් කරමින් ඊළඟ මොහොතේ දී ඇය දකින්නේ රෝගි සයනයේ පණයදිමින් සිටින
එඩ්වඩ්වයි.

අද එතැන් සිට . . . . . . . . . . . .


වැඩි දුර කියවන නම්


පළමු කොටසට මෙතනින් ද
දෙවන කොටසට මෙතනින් ද
තෙවන කොටසට මෙතනින් ද
සිවුවන කොටසට මෙතනින් ද යන්න




රෝහල් පරිශ්‍රයම නිහඩ තාවක ගිලී තිබෙනු ඇයට දැනුනි. ලිලිනා මදක් වට පිට බැලූවත් ඇය අවට කිසිවකු වූයේ නැත.අඹ ගස් සෙවනෙන් එදා සමුගත් එඩ්වඩ් , ලිලිනාට නැවතත් මුණ නොගැසෙන්නට මෙවන් විපතක් සිදු වන්නේ නැත.

රූපරාමුව :-
ලේ පැහැය මිශ්‍රිත ගලා නොයනා ජලය සහිත කාණු දෙපසින් වැටී ඇති පටු මාර්ගය තවත් පටු වී ඇත්තේ අනවසරව ඉදිකරන ලද තාවකාලික මස් සහ මාළු කඩ ලෑලි නිසාය.අපිරිසිදුකම මැදින්  ද , පිළිගඳ දරමින් ද මේ සැමටම වඩා නිනව්වක් නැති කඪෝර වූ  කෑගැසීම් සහ අඩගැසීම් මධ්‍යෙය් ද එකිනෙකාගේ ඇඟෙහි හැපෙමින්  කිසිදු සමාවක් නොයදිමින් සහ නොදෙමින් මිනිසුන් එහාටත් මෙහාටත් ගමන් කරන්නේ පිළීගඳ ඉවසීය නොහැකි නාස් පුඩු හකුලා ගනිමින් වුව ද පිළිගද හමනා මස් කැබැලි වලට නියම වන මිල කියදැයි විමසමින් සහ හෙට්ටු කරමිනි.

සතියේ පොළ දවස වූ බැවින් දෝ මස්මාළු මාකට් එකේ සෙනඟ උතුරා ඇති. බහුතරයක් පැමිණෙන්නේ මස් මාළු මිල ගනන් බලා ආණ්ඩුවට බනිමින් යෑමට යයි සිතුනත් , කවුද අර.....  දැතින් පුරවා ගත් එළවළු මළු දෙකක් දරා ගනිමින් ද , විටෙක මළු දෙකෙහි බර අතකින් අතකට මාරුකරමින් ද , මඩ පැහැ වතුරු වලවල් බේරමින් සීරුවෙන් ද ගමන් කරනා ඈ දැක පුරුදු මුහුණක් නොවේ ද?

“ චහ්: ....“

සීරු මාරුවට ගමන් කළ ඇගේ ලස්සන ගවොම මත මඩ මලක් සිත්තම් කරමින් තකහනියක් දිව ගිය මිනිසා දෙස නුරුස්නා බැල්මක් හෙලීමට, මෙතෙක් වේලා බිමටම යොමු වී තිබූ ඇගේ ඒ සුන්දර නෙත් උරහිසින් ඔබ්බට එසවුනේ තමා පසුකරමින් කිසිදු වගක් නැතිව දිව යන නොසන්ඩාලයා දෙස බැලීමටයි.

මගේ සැකය නිවරදි බැව් මම වටහා ගත්තෙමි.මා ඇය හරියට හඳුනා ගත්තේ එවෙලෙහි කීම වරදක් නොවේ.ඔව් ඒ ලිලිනාය.

සුන්දර ලිලිනා වෙළදසැල් අතරින් කොණයේම කඩයට ගියේ ඇයිදැයි එවෙලෙහි මට නොසිතුනත් , ලිලිනා ඒ කඩයට නොගොසින් පේන මානයේ කඩයක නැවතුනේ නම් අදමට ලිවීමට කතාවක් නොමැති වෙනවා ඇත.

කොණයේම මස් කඩය හිමිකරුවා මදක් වෙනස් පෙනුම මෙන්ම , ගතිගුණ ද ඉසිලුවේය. හේ සිංහලයෙකි.තඩි බඩක් ,දිලිසෙන තට්ටයක් නොමැති ඔහු , ගම් කුකුළෙකු මෙන් කේඩෑරිව සිටි නමුදු මුතුවන් දත් දෙපලක හිමිකරුවකු බැව් දැන ගත්තේ ,සුන්දර ලිලිනා හමුවේ පෑ සිනාව නිසායි.

“ ආහ් . . .නෝනේ .....නෝනෙ ගොඩ කාලෙකින් නෙ “

“ ඔවු මුදලාලි...... පහුගිය දවස් ටිකේ මහත්තය ඇවිත් හිටියනෙ ඉතින් එළවලු මාළු ගෙනියන්න මට කඩේ යන්න ඕන වුනේ නැහැ “

“ නෝනයෙ මහත්තය ඉන්නෙ දුර පළාතක ද ? “

“ඔවු රටිනුත් පිට. ඉතාලියේ “

“ හැබෑට...එහෙනම් නෝනෙට සරු ඇති පහුගිය කාලේ ....“ ඇසක් ඉගිමරා.... මනමාල බැල්මක් ද සමඟින් ඉඟිමැරුවද ලිලිනා ක්ෂණිකව තම බැල්ම කොක්ක එල්ලී සිටින හම ගැසූ එළුවා කෙරේ මාරු කලේ ය.

“ හොඳ එළුවා නෝනෙ , එඩී.... මෙන්න මේ නෝනට එළු මස් ......“

“ එපා එපා , මට දෙන්න කුකුළු මස් පන්සීයක විතර කෑල්ලක් “

“ ඉන්න නෝනෙ හොඳ කුකුළ් මස් වගයක් ඇති ඇතුලෙ අරන් තියලා ....එඩී...එඩී..... ඔය කුකුල් මස් පන්සීයක විතර කෑල්ලක් අරන් වරෙන් බං “

කඩයේ අඳුරු ගුහාවක් වැනි ගබඩාව දෙසට හැරුනු කඩහිමියා කෑගසන්නට විය.

ඉන් සුළු මොහොතකට පසු ඒ අඳුරු ගුහාව තුලින් හම ගැසූ කුකුල් නාම්බෙක් ද අතකින් උසුලන් ආ , කැහැටු මිනිසා දුටු ලිලිනා ගේ මුවින් පිට වුනේ..................

“ සුදු මහත්තයා “ යන්න පමණි....................



ප:ලි:-
කතාව දිග වැඩි වෙනවා නේද ...............................?

පිළිගඳ ඉවසනු නොහැකිව
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රැකියා විස්තරය සොයන
මම
෴ සොඳුරු සිත ෴

මෙන්න හයවෙනි කොටසට පාර

7 ප්‍රතිචාර:

Nethuki said...

ලස්සනයි අක්කේ... පහු ගිය කොටසුත් ඉක්මනටම කියවන්නම්..... ok ...

Raj said...

ම් ..ප්‍රෙම කතා තිත්ත වෙලා තියෙන වකවානුවක..කුහුල ඇවිස්සෙන හොඳ කතාවක්

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අද තමයි කොටස් 5ම එක පාර කියෙවුවේ.. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට‍ දාන්න..

දයානන්ද රත්නායක said...

"කිසියම් කතාවක් ගොතන්නෙකු විසින් එම කතාවට ඇතුළු කරගන්නා චරිතවලට එම කතා කරුවාගේ ස්වයං චරිත ලක්ෂණ සහ භාෂාව ඇතුළුවිම වැළැක්විය නොහැක"

෴ තිස්ස අබේසේකර - පිටගං කාරයෝ ටෙලිවෘත්තාන්තය ෴

ඔබේ පිටපතත් ඒ වගේ චරිත ගොඩනැගිම අපුර්ව අකාරයෙන් සිදුකරනවා.

Observer said...

කාලෙකට පස්සෙ බ්ලොග් කියවන්න ගත්තෙ, පහුගිය කොටස් ටිකත් කියවලම එන්නම්.

නිසුපා said...

අනික් කොටස් ටිකත් එක්කම අද තමා කියෙව්වෙ. හරිම ලස්සනයි අක්කේ...

෴සොඳුරු සිත෴ said...

http://sodurusitha.blogspot.com/2012/05/fire-6.html හයවෙනි කොටසට

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...