..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 8, 2012

෴ සිහින දකින්නිය / The Dreamer ෴






හීන එකින් එක තෝරා
වෙන් කර
පේළියට
ගනන් කළා
එහි සිටිනා
අයව එකින් එකට


පුදුමෙක ලොකු
හැම සිහිනෙම
කොහේ හරිම
කොණක
නුඹ සිටියා සිනා වෙවී
පෙරදා වුන් ලෙසම



In My Dreams you are Mine but In My Life you are Just A Dream



නුඹ ගැනම

සිහින දකින්නිය
මම
෴ සොඳුරු සිත ෴

9 ප්‍රතිචාර:

Dinesh said...

හැම හීනයක්ම
නුඹ නමින් ලියවිලා
මටත් නොදැනිම
මගේ හදවතේම..

Lokkaiyaa said...

ඉපදිලා මිය යන්න,
ආසයි මම නුඹේ සිහිනයෙම,
හැමදාමත් නුඹට විතරක්,
මගේ සිහිනය,
වෙන්න හැකිනම්....

Mahesh B Dahanayaka said...

ane manda

නිසුපා said...

//In My Dreams you are Mine but In My Life you are Just A Dream//

දුක තමා අක්කා....

හිතුවක්කාරි said...

සැබෑ ජීවිතේදිත් හීනයක් වෙන එක මහම මහ දුකක්..:(

වර්ෂා said...

I see you
at every night
in every night of my life..

but,
only in dreams!

සිතුවිලි නිහඬයි said...

හීන හීනම විතරයි කියලා කවදද අපි තේරුම් ගන්නේ...එතකම් හැමදාම ජීවිතේ හීන ඉටු නොවීම පිළිඹද දුක හා පසුතැවීම තියේවි....

දයානන්ද රත්නායක said...

සොයමි මම ඒ සිහින අතරින්
හැම තැනම දැවිලා තිබු
සුවඳ තැවරූ ඒ සිහිනයේ ඔබ කොහි කියා...

priyantha said...

කාලෙකින් සොඳුරු සිතට ගොඩවැදුනේ...
තාමත් ඉස්සර වගේමයි. කිසිම වෙනසක් නෑ.
වෙනදා වගේම හොඳ කවි පෙළක්.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...