..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, May 20, 2012

෴ ඉරිදා පැතුම ෴

෴ ඉරිදා පැතුම ෴
මහ පොළවට ගොඩක් උඩින්
නිල් අහසට ටිකක් යටින්
මම ආසම තැනක් ඇතේ
මේ මිහිපිට ලන්තේ


හැන්දෑ වරුවට කලියෙන්
දහවල ගෙවෙනට කලියෙන්
මම එතනට එනවා
නුඹට මතක නේ දෝ

මම ආසම ඩෙනිම ඇදන්
සුදු ටී ෂර්ටය සමගින්
ගෙවුනු රබර් පයේ දාන්
මා එනකම් හිටපන්

මං දැක්කම නුඹේ හිනා
වත පුරවා දීපන්
ඒ ඇති මට මගේ දවස
සුවඳ කරන් තියපන්


වෙලාව බලන
මම
෴ සොසී෴


ප/ලි:-
වැහි කළුවර අහස දරන්
එන්නෙ නැහැ කුඩේ අරන්
වැස්සොත් වැස්සට තෙමෙන්න
බලන් එනව නේදෝ

9 comments:

  1. මම ආසම ඩෙනිම ඇදන්
    සුදු ටී ෂර්ටය සමගින්
    ගෙවුනු රබර් පයේ දාන්
    මා එනකම් හිටපන් ----- ලස්සනයි, TOUCHING

    ReplyDelete
  2. මහ පොළවට ගොඩක් උඩින්
    නිල් අහසට ටිකක් යටින්
    මම ආසම තැනක් ඇතේ

    මන් හිතන්නේ මේක ඇත්තේ වලාකුලක් උඩ...

    ලස්සන පද පෙලක්....

    ReplyDelete
  3. නිදහස් විඳීමකට....

    ලස්සන කවි පන්තිය ඒත් රිද්මය කලබලකාරියි....

    ReplyDelete
  4. මහ පොලවට ටිකක් උඩින්
    නිල් මුහුදට හරිම ලගින්
    මං අසම තැනක් ඇතිය
    නුඹ ඇති විට මගේ ලගින්

    හිරි අවරට පෙර විගසින්
    මහ දහවල ගෙවුනු සැනින්
    නුඹ හා අත් අල්ලා සතුටින්
    ඉන්නට එයි මා විගසින්

    සොසීගෙ කවිකාර කම වෙන් වෙලා.. මං කාලෙකින් ආවේ.. ඒ නිසාද දන්නෑ..
    මට හිතෙන විදිහට ඉක්මනට ලියන නිසා වෙන්නැති...

    කල් අරං ලිව්වා නන් මේක තවත් ලස්සන වෙයි..කාලෙකින් ඇවිත් බයිලා කියලා ගියාට අවුලක් හිතන්න එපා ඇ... :-D

    ReplyDelete
  5. අහස පොළව හමු වෙනවා බලන්
    අතින් අත් අල්ලන් කතා කරන්
    උබේ උරේ හිස තියා සැනසෙන්න හෙමින්
    නුඹ එනවා නේද කියන් මට රහසින්..

    ReplyDelete
  6. මේ කවිය කීපවතාවක්ම කියෙව්වා ඒත් හරියටම නිශ්චිත අදහසක් ගන්න බැරිවුණා. කියන්න හදපු ‍ අදහස හරියටම ගොනු වෙලා නෑ වගේ කියලත් හිතෙනවා. දෙවරක් නොසිතාම ලියපු ගමන් දාපු පෝස්ට් එකක් වගේ ඒකයි එහෙම වෙන්නේ.

    වෙනදා රසවත්ව අපුර්ව ආකාරයෙන් ලියන ‍සොඳුරු සිතට තවත් ටිකක් නිර්මාණය ගැන හිතන්න තිබුණා කියල හිතෙනවා.

    ReplyDelete
  7. හිත මිතුරු සුළඟ
    ළඟ එන වැහි වලාවට කියන්
    අද නොපැමිණ අන් දවසක වැසි රැගෙන එන ලෙසින්..

    මේ සින්දුව මතක් වුනා අන්තිම පේළි ටික දැක්කාම..

    ReplyDelete
  8. අර ගොල්ලෝ එක එක දේවල් කියලා.මම මොනවද කියන්නේ.? කියවන්න දැනන් හිටියට කවි ගැන ගොඩාක් දේවල් නම් මම දන්නේ නැතිව ඇති.ජය...!

    ReplyDelete
  9. දන්නැතිනිසා අහන්නෙ..
    ඔය ලස්සන චිත්තර..කොහොමද...ලැබෙන්නෙ...හරිම ලස්සනයි...
    අතීතයට යන්න හිතෙනව...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...