..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, May 14, 2012

෴ අවසන් කවිය / The Last Poem ෴



මේ නෙලන්නේ
වසන්තයේ දළු ලෑ
අවසන් ආදර කොළයයි


ලියන්නෑ කවක් ආයෙත්
නමින් නම් නුඹේ
සුවඳ සේ ඇවිදින් හදේ

යන නිසා රහසේ

ගොතන්නේ නෑ මුතු පොටක් ආයේ
බදින්නට සිතා නුඹගෙ දෑතින්
ඉහිරෙන නිසා මුතු දහසක්
නෙතු පියන් අස්සේ


කියන්නෑ ලොවට රහසේ
මධු බඳුන් පිරුන ද සවනේ
පලක් නැහැ නොව රසයේ
කණට වක්කරනා මී පැණියේ


හිමි කරන තෙක් ලියලා
මහ පොතක පිටුවක් පුරා

බැදෙන්නේ නැහැ පහසේ

හදවතක නම් ආයේ




ආදරයේ අවසන් පත් ඉරුව
විවාහයම විය යුතු බව
මට නුඹ ආයෙත් පසක් කරා...............

එන්නෙ නැහැ දුක් දෙන්න
ඔය හිතට කවදාවත්


මම
- නපුරු සොඳුරු -

9 ප්‍රතිචාර:

දයානන්ද රත්නායක said...

මේක කවියේ සීමාව ඉක්මවා ගිහින් ගීතයේ ආකෘතිය තුළ ලියැවුණ ගීතාත්මක කාව්‍යයක්. තවත් ටිකක් කෙටි කළ හැකි නම් ලස්සන ආකෘතියක ගයන්න පුළුවන් ගීත පදමාලාවක් කළ හැකියි.

සෞන්දර්යාත්මක විරහ ගියක්....

සමීර ආර්. said...

මෝඩ සොඳුරු.........

තමාව තේරුම් නොගෙන, අනුන්ගෙ හිත් එක් කරන්න යනවා :P

Lokkaiyaa said...

** එන්නෙ නැහැ දුක් දෙන්න
ඔය හිතට කවදාවත් **

ලස්සනයි.. ඒත් දුක හිතුනා...

Sarath Chandrasiri said...

නියමයක් නොවුනත් එහෙම මමත් විශ්වාස කරනවා ආදරයේ අවසන් පි‍ටුව විවාහයම වියයුතු බව.ඒත් අවසානයක් නැති.... ජය!

Sarath Chandrasiri said...

නියමයක් නොවුනත් එහෙම මමත් විශ්වාස කරනවා ආදරයේ අවසන් පි‍ටුව විවාහයම වියයුතු බව.ඒත් අවසානයක් නැති.... ජය!

Anonymous said...

ලියමි අවසන් කව මම.. මියැදෙන්න පෙර කවි හිත..
නුඹ නො එන හෙට.... මා නොවන මම සිටින
මනාලිය මම නුඹට හිමි හිතැති මුත්
නුඹගේ නොවන....

romesh dasanayake said...

love is not ending always with the marriage. what love left is the thoughts that we always keep in mind with great pleasure

romesh dasanayake said...

love is not ending always with the marriage. what love left is the thoughts that we always keep in mind with great pleasure

Sula (සුලා) said...

නපුරු සොඳුරු???

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...