..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, May 1, 2012

෴ආදරණීය සමතය ෴

෴ආදරණීය  සමතය ෴


මොන මොන රූපයෙන් ළං වුනත් , ආදරය හැමදාමත් ආදරයමයි.රණ්ඩු දබර කොයි තරම් ඇති වුනත් , සමහර ජෝඩු කවදාවත් වෙන් කරන්න නම් බෑ. එහෙම දෙන්නෙක් අපේ ගෙවල් ගාවත් ඉන්නවා. ඒ වගේම මම ගාවත් නපුරු සොඳුරු කෙනෙක් ඉන්නවා. ඒත් ඒ නපුරුකම බොහොම තාවකාලිකයි.
හිත රිදුනනම් සමාවෙන්න.

ගැ :-
උරහිස තියන් මා වෙනුවෙන් හැමදාම

ඉන්නව කීව නුඹ ගොස් දෝ දුර ඈත
හිස බර දැනේ හිත වෙව්ලුම් දීලාම
ගිය තැන කොයිබදෝ කියපන් මේ රෑම

පි:-
වැඩ උඩ ඉදන් එක කකුලෙන් හැමදාම

හිත රිදෙනා වචනෙන් මයි සැලකීම
මයෙ හිත හිල් වෙන්න ඊතල විඳිමින්ම
නුඹ ඉන්නවා පෙනි පෙනි හැමදාමත් මේම

ගැ:-
මයෙ ආදරය හිත පුරවන් දුන්නාම

නුඹ සිත සෙනේ තවකෙක් ගැන නැතිවාද
හිත දුක නිසා එක එක දේ කීවාට
මයෙ පණ නුඹයි නොගිහින් හිටපන් මේම


පි:-
හිත රිද්දුවා දැන් නම් ඇති හොඳටෝම

මට දැනෙනවා දුක නුඹ උහුලන බෝම
රට තොට යන මඟදීවත් මා නොපෙනීම
යන්නට සැඟවෙන්න මට ඉඩ දීපන් නුඹම

ගැ:-
බඹරකු නැතිව මලකින් නැහැ කිසිම පල

සාවා නැතිව හඳ තනියෙන් කිම ද පල
නුඹගෙ සෙනේ ඇති මුත් මා සිතක ඉම
නුඹ නැති වුනොත් මා මියැදෙයි නැතේ සැක



දෙදෙනාම:-
ලෝ වැසි දනන් මොන මොනවා කියූවත්
හද රැඳි සෙනේ දෙදෙනාටයි බෙදූවත්
එක ටම නිදන් එක සිහිනය දකින්නත්
නුඹ හා මම මිසක් නැහැ කිසිවකු කොහේවත්


විටෙක නපුරු , බොහෝ විටක සොඳුරු
මම
ඔයාගෙම
෴ සොඳුරු සිත ෴

6 comments:

  1. සුන්දර කවි පෙලක් අක්කේ.. කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක් උනත් පුංච් පුංච් වෙනස් කම් එයාල ලග තියෙනවා..

    ReplyDelete
  2. නිධානය, ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, ජීබී සේනානනයක, ලෙස්ටර් පීරිස්

    ReplyDelete
  3. ලස්සන පද ටික අක්කා....හරියට මටම ලියලා වගේ.....

    ReplyDelete
  4. කවියට ම ගැලපෙන පිංතූරෙ. හැබැයි පින්තූරෙ මීට වඩා ලොකු කතාවක් කියනවා.

    විලි අබේනායක - ගාමිනී ෆොන්සේකා, අයිරින්- මාලනි ෆොන්සේකා,
    නිකටේ සිට ගෙල දක්වා වැටුනු උපන් ලපය, විලීගේණය බරින් මිදිමේ වුවමනාව,ව්‍යාජ ආදරය විලි විසින් බිලි දිම - නිධානය ආදරයේ ස්වාර්ථය සහ ස්ව අර්ථය අතර හටගත් අරගලය.

    ReplyDelete
  5. මමත් කීපපාරක්ම බලපු චිත්‍රපටියක් තමා නිධානය...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...