..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, April 13, 2012

අසිරිමත් වූ දෙයකි ප්‍රේමය - "Love is a Many-Splendored Thing"

අසිරිමත් වූ දෙයකි ප්‍රේමය - "Love is a Many-Splendored Thing"




----------------


වෙන් වන දින වෙලා
කල් ඇතිවම ලියලා
හමුවුනු නිසා වෙන්වන්නට
දින ගැනලා
වෙන්වන දිනය නොදැනී
ළඟටම ඇදිලා
වෙන් වෙනු නොහැකි
ඇයි අද මට නොම හැඟිලා


සෙනෙහස හමන්නේ
පතනා දෙසින් නොවේ
දාහය දැනේ
එය නිවනට මඟක් කොහේ
නුඹ ලද දිනක
මා රජ වුනු බවක් හැඟේ
සෙනෙහස ඔටුන මිස
සිංහාසන පලක් නොවේ


පොත් පිටු පුරා ලියනා
වදනක් නොවුනත්
හිත ළඟ පිපී සැලෙනා
කුසුමක් නොවුනත්
පතනා පැතුම් දහසක
අකුරක නොවුවත්
ලද සිත සෙනේ නිම නැත
මරණය වූවත්

-------------------------

පසුවද න : -
සොයා නෙක වර්ණයෙන්
හමු නොවූ වද
නොසෙවූ වෙලාවක සමුවූ
සුවඳ නුඹ
අඳුනා ගත නොහැකි
නෙක පාටින් නොවන
කළු සුදු පැහැති
ප්‍රේමය නුඹ නම් ලැබුව

-------------

Love is nature's way of givinga
 reason to be living,
The golden crown that makes a man a king.

8 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් කියල ප්‍රාර්තනය කරමික් ලියන මුල්ම කමෙන්ටුව
    සොදුරු සිතටයි.

    විරහ සුවඳ මුසු වූ කවියක්
    හිතේ නලියන අපේක්ෂාව
    බිද වොවැටේවා..

    මේ කවි පන්තියේ පසු වදන කොටසේ අදහසට මම වඩාත් කැමතියි. එහි අරුත හරි ගැඹුරුයි. මතුපිට අරුතට වඩා අරුත් කීපයක් වෙත හිත ගෙනයනවා

    ReplyDelete
  2. අනේ මටනම් තේරුන්නෑ. තාම පොඩි එකානේ

    ReplyDelete
  3. දිලෙන තරුApril 14, 2012 at 12:24 AM

    මේකේ හරිම තේරුම මටනම් හිතා ගන්න බෑ.... අනේ කියලා දෙන්නකෝ.....

    ReplyDelete
  4. නැත ලොවේ අන් රසඳුනා
    ආදරේ සේ සුව දෙනා.....

    ReplyDelete
  5. //ලද සිත සෙනේ නිම නැත
    මරණය වූවත්//
    love that very much!

    හැම යහපත් පැතුමක්ම ඉටු වෙන සුබ අලුත් අවුරුද්දක් අක්කේ..

    ReplyDelete
  6. අපව නොහිතන වෙලාවක නොහිතන ලීලාවකින් එන ප්‍රේමය... පසුවදනට මගේ හිත ගියා...

    ReplyDelete
  7. සෙනෙහේ හිත පතුලෙ මට කියලාම නොවේ,
    ර්‍ඇඳුනේ නෙතේ සිහිනය බොඳ වෙන්ට නොවේ,
    හසරැලි මුවග ඔබ රුව දුටුවාට නොවේ,
    සසරේ පැතූ ලෙසදැයි වැටහෙනුද නොවේ,

    Love is multi faceted if nothing else. when you cant figure that out its totally your fault.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...