..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, April 25, 2012

෴ ගින්න/ Fire තෙවන කොටස ෴

 ෴ ගින්න/  Fire  ෴
තෙවන කොටස

මෙතෙක් කතාව
ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ
ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසා
අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.
ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේ
අතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟු
ඇගේ හදවත දවන නිසයි.
පිළිස්සුනු මිනිසා සහ ලිලිනා අතර සමබධකමට නමක් නොතිබීමද ගැටළුව තව තවත්
උග්‍ර කරන අතර, කට උත්තරය දෙමින් සිටිය දී රෝහලෙන් පැමිණෙන පණිවිඩයකට ,
පොලිස් සාජන් , පොලිස් කොස්තාපල්වරයකු සමඟ ලිලිනාට ද රෝහලට යෑමට පිටත් වෙයි.


අද එතැන් සිට . . . . . . . . . . . .

වැඩි දුරටත් කියවන්න  නම්
පළමු කොටසට මෙතනින්නුත්
දෙවන කොටසට මෙතනිනුත් යන්න පුළුවන්



මා කතාව නතර කළ අවසන් රූප රාමුව ඔබගේ මතකයේ ඇතැයි සිතමි. පැරණි පන්නයේ ජීෆ් රථයක පිටු පස හරස් අසුනේ අසුන් ගෙන ලිලිනාත් , තමා ගේ පැණයකට පිළිතුරක් බලාපොරොත්තුව ලිලිනා දෙසම නෙත් යොමා , ඇයට හරියටම ඉදිරියෙන් අසුනේ සිටින පොලිස් කොස්තාපල්වරයාත් ඔබට මතක ඇතැයි මා සිතමි.

“ මං ඇහුවෙ මේ. . . . .  අර දොස්තර නෝන කෙනෙක්ට වෙඩි තියල මරපු කේස් එක "

ඔහු නැවත එය තමාට මතක් කළ දිය යුතුව නැත. ලිලිනාට ඒ මිනිමරුම මෙන්ම ,එහි වරදකරුවා ද කවුදැයි යන්න කීමටත්. ඔහු එය සිදු කළේ කුමක් නිසා ද යන්නත් රහසක් නොවේ. තවමත් අභිරහසක්ව පවතින ඒ සුන්දර පොහොසත් වෛද්‍යවරියගේ මරණය පිටුපස සිටිනා වරදකරු , වෙන කිසිවෙකුත් නොව , දරුණු පිළිස්සුම් තුවාල ද සහිතව , ජීවිතයත් මරණයත් අතර ඉතා පටු තීරුවක රෝහලේ සිටින ඔහුය.කලක් තම හද අරා සිටි ඔහුය.කලක් තමා හැර ගිය ඔහුය.

ලිලිනා දිගු සුසුමක් හෙලන්නී , තවමත් පිළිතුරක් අපේක්ෂාවෙන් තමා දෙසම බලා සිටිනා පොලිස් කොස්තාපල්වරයා දෙස ඉතාමත් සෘජු දෑසින් බැලුවාය.

“ පොලිසියට තවම බැරි වුනා නේද ඒ සිද්ධියේ මිනීමරුවව හොයා ගන්න "

"අෆොයි  ඔවු.... ඒත් කවදක හරි මිනීමරුව අහුවෙනව. අනික මම හිතන්නෙ නැහැ දැන් ඔය හොස්පිටල් එකේ ඉන්න මිනිහා ඒ දොස්තර නෝනට වෙඩි තිබ්බැයි කියලා."

පොලිස් කොස්තාපල්වරයා කතාව හමාර කළේ කතාව දුර දිග ගියහොත් තම දෙපාර්තමේන්තුවට ඉන් සිදුවන අපකීර්තිය ගැන සිතා වන්නට ඇත.
------------------------


රූප රාමුව මාරු වෙයි..... ඔබත් මමත් පෙර අවස්ථාවක දී ද දුටු රූප රාමුවකම මද වෙනස්කම් කිහිපයකි.

ලිලිනාගේ ගෙමිඳුලේ අඹ ගස යට බංකුව දිරාගොස් ඇත. එය දැන් වඩාත් සුදුසු වන්නේ අසුන් ගැනීමට වඩා දරට භාවිතා කිරිමට වුව ද , කෘතගුණ දන්නා ගැමිකම පෙන්වීමට මෙන් , තවමත් ලී බංකුව අඹ ගස සෙවනේ වෙයි. ගැහැණියක හා පිරිමියෙකු ගස් සෙවෙන් සිටිනු පෙනේ.


ඔබ සිතුවා නිවරදිය , ඒ එදවස ඒ ගසයට ඒ බංකුව සෙවනේ ලිලිනාගේ මුහුණ සිඹ දිව ගිය ඔහුත් , ඔහුගේ හාදුව රැයක් නිදිමැරීමට කාරණාවක් කර ගත් ලිලිනාත්ය. එකම වෙනස වන්නේ ලී බංකුව දිරා පත් වීමත් , අඹ ගසේ පරිධිය වැඩිවීමත් පමණක් යැයි සිතන්නේ නම් එය කොතරම් නම් වරදක් ද.

ලිලිනා සුන්දර තරුණියකව සිටියාය. නමුදු ඇගේ වත සටහන්ව තිබුනේ කියාගත නොහැකි තරමේ සෝකී හැඟුම් රැසක් බව පෙනේ.සැබැවින්ම  දැන් ඇය කෙල්ලක නොවන බැව් දැන සිටියේ ලිලිනා හැරෙන්නට ඔහු පමණි.


“ඒ කියන්නේ සුදු මහත්තයා දොස්තර නෝනව කසාඳ බඳිනව “

“ ඔවු “

“ ගෙදරින් කැමැති ය ? “

“ කැමැති නිසානේ හත්ඉලව්වෙ කසාද බඳින්නේ “

“ ඔයාට තිබුනා මා ගැන තව ටිකක් හිතන්න “

“ ඒ දේවල් වුනේ , අපි දෙන්නගෙම වුවමනාවට කියලා ඔයා දන්නවනේ ලිලී “

එය නිවරදි කරන්නට ලිලිනාට සිතුනත් , නිවරදි කිරීමෙන් කිසිදු පලක් නොවන බැව් ලිලිනා දනී. සියල්ල සිදුවූයේ ඔහුට ඇති ආදරය නිසා බැව් කීමට තිබුනා නම් .....!!!!! සිදු වූ කිසිවක් වෙනස් කළ හැකි නම් . . .

ඉන් පසු යළිදු කිසි දිනක , ලිලිනා හැන්නදිහේවා ට දොන් එඩ්වඩ් අබේගුණසේකර මහතා මේ අඹ ගස් සෙවනේ මුණ ගැසුනේ නැත. සියළු කතන්දර රහසක්ව තබා ගත් අඹ ගස ද ඉන් ටික කලකට පසු ඉදිරී වැටුනේ ද ලිලිනාගේ පවුලේ උදවිය ගම අතැර යන්නට ගියේ ද , සිදු වූ කිසිවක්  ලිලිනාට හැර අන් සියල්ලන්ටම අමතක කරමිනි.


එසේ නම් ලිලිනා
හැන්නදිහේවා ගේ නිවසේ දී දොන් එඩ්වඩ් අබේගුණසේකර ගිනිගත්තේ කොහොම ද?

ලිලිනා ඔහුගෙන් පළිගත්තා ද?
ඊළඟ කොටසින් කියවමු.................


විශේෂ සටහන :-
ඉඩ ලද සෑම විටකම පාහේ , මගේ බ්ලොගය , මුල සිට අගට කියවමින් , නොලියුනු කොටස් ගැන විමසමින් , ලිවීමට මා තව තවත් දිරි ගන්වන , මගේ කාර්යලයේ සහෝදර නිළධාරීන් වන යසිනි සහ ගංගා ට මගේ හෘදයාංගම ස්තූතිය.............



ලිලීගේ හදවතේ දැවෙන ගිනි පුළිඟුව
මම
෴ සොදුරු සිත ෴

හතර කොටසට මෙතනින්

8 comments:

  1. සිත්කාවද්දන අයුරින් අකුරු ගෙතිම අතිශය සුන්දරය...

    ReplyDelete
  2. අපොයි මේ කතන්දරේ දැක්කෙ අදනෙ...!!
    ලියමු ලියමු.. මම අනිවාර්යයෙන් ම බලනවා..!!
    ඔබේ ලියැවිල්ලෙත් ලොකු වෙනසක්, ඉදිරියක් පෙනෙනවා සහ දැනෙනවා. මේ ශෛලිය හොඳයි.

    ReplyDelete
  3. නියමයි අක්කෙ නියමයි....!!!

    බලමු මොකද වෙන්නෙ කියලා.. :-)

    ReplyDelete
  4. බලමූ ඊළග කොටසත්..

    ReplyDelete
  5. එකැමරා ෂොට්ස් දෙකයි -ජීප්රිය ඇතුළ ( ලිලනාගේ ඉරියව් වෙනස්වන සමීප රූපය)පොලිස් නිලධාරියාගේ මුහුනේ සමීප රූපය,(දෙබස්)

    දෙවනි දසුන (පිටත) දුර දසුනක්- ලිලිනාගේ අතීත මතකය,

    කැමරා ස්ටාර්ට්,- ඇක්ෂන්- කට්කට් .... (අදට ඉවරයි)

    ReplyDelete
  6. වෙනසක්..!
    ඉතිරි කොටසට...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...