..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, April 19, 2012

෴ ගින්න / Fire ෴ දෙවන කොටස

෴ ගින්න / Fire ෴  දෙවන කොටස



පළමු කොටසට මෙතනින් ගිහින් එන්න ............


තොප්පිය අතට ගත් සාජන් බණ්ඩාර තවමත් තමා ඉදිරියේ අසුන් ගෙන සිටින ගැහැණිය දෙස මොහාතක් බලා සිටියේය .

“ තමුනුත් එනවද හොස්පිටල් එකට යන්න ? "

ඒ අසරණ ගැහැණියගේ කඳුළු පිරි දෑස් ප්‍රීතියෙන් දිදුලන්නට විය.පැරණි පන්නයේ අත් බෑගය ද හරිබරි ගසා ගත්  ලිලිනා අසුනින් නැගී සිටියේ සාජන් බන්ඩාරගේ පැනයට පිළිතුරු ලෙසිනි.

ජීෆ් රථයේ ඇරුනු පිටු පස දොරින් රිංගු  ලිලිනා හරහට තබා ඇති අසුනේ වාඩි විය. රිය පසු කරමින් පසුපසට ඇදෙන ගස් වැල් , නිවෙස් , කාණු , මිනිසුන් , ගැහැණුන් සහ දරුවන් අතරේ සිත පා කර හැරියාය.



-------------------------------


රූපරාමු ව -

බොහොම සුන්දර ගම්පියසකි.
කටු මැටි ගැසූ නමුත් , පිළිවෙළත් සිරියාවත් පිරි කුඩා නිවසකි.
නිවස ඉදිරිපස ,සුදු වැලි මිදුලකි.
මිදුලේ නිරුවතින් කුඩා පිරිමි දරුවන් දෙදෙනකු වැලිබත් උයනු පෙනේ.විටෙක රන්ඩු වන ඔවුන් ඊටත් වඩා ඉක්මනින් සුහද වෙයි.වැලිබත ඉදෙයි. .සමථයකට පත් කර ගත නොහැකි රණ්ඩුවක් ද රැගෙන එකකු දිව යන්නේ මිදුල කොනක ඇති අඹ ගස දෙසටයි.

අඹ ගස යට සෑදු කුඩා ලී බංකුවකි.එහි දෙදෙනකු අසුන් ගෙන සිටින බැව් පෙනේ. අඩමින් හොටු පෙරමින් , එහි යන හෙළුකොටු පොඩ්ඩා ,ගිය සුනංගුවට පැමිණෙන්නේ තමා රැගෙන ගිය නඩුවට ඉතාම හොඳ විසඳුම ලද්දෙකු මෙන් ප්‍රීතියෙනි.

මේ ප්‍රීතිමත් නඩු විසදන්නා කවුදැයි බැලීමට මට මෙන්ම ඔබට ද වුවමනා බැව් මම දනිමි. අඹ අතු වලින් සෙවන වූ ගස යට ලී බංකුවේ කවරෙකු හෝ සිටියි. නැත දෙදෙනකු සිටියි. චීත්ත ගවුමක් හැඳි වයස 16ක පමණ සුන්දර තරුණියක් සහ එම වයසේම තරම් වන හිරිමල් තරුණයෙකි. ඇය පිටුපස හැරී සිටන අතර. ඔහු ඇය දෙස බලා සිටිනා බැව් පෙනේ.

“ අතාරින්න , මල්ලිලා දකීවි “

“ පිස්සි , එයාල සෙල්ලම් කරනව පේන්නැද්ද ? “

ඇය , ඇගේ උරහිසට මදක් ඉහලින් හිස හරවා මිදුල දෙසත් , දෑස් මදක් ඔසවා ගේ එළිපත්ත දෙසත් ඇය බැලූ සුනංගුවේ ඇගේ සුන්දර දෑසත් , පිරුණු සඳක් වැනි කුඩා වටකුරු මුහුණත් දැකිය හැකි විය. ඇය මදක් තලෙළු තැනැත්තියක වුවත් සුන්දර රූ සපුවට එයින් අහිතක් වී නොතිබුනි.

කිසිදු අතුරු අන්තරාවක් නැති බැව් හඳුනා ගත්  ඇය නැවතත් පෙර සිටි ඉරියව්වට පැමිණෙද්දි , ඒ හිස් අවකාශය ඇයගේ පැමිණිමට සුදානම්ව නොසිටියේ ඒ ප්‍රදේශය වසා ගත් පිරිමි රුව නිසාය.

ක්ෂණයෙන් ඇගේ පිරිපුන් කම්මුලක් සිප ගත් ඔහු ඈතට දිව ගියේ ත් , සිදුවූ දේ ගලපාගන්නටත් කලියෙන් මිදුලේ සෙල්ලම් ගෙයි මහා කාලගෝට්ටියක් දුර දිග ගොස් එකකු බිම පෙරළෙමින් හඬන්නට වූයෙත් , කොහේ දෝ සිට පැමිණි මැදිවියේ ගැහැණියක දෙස් දොවොල් තබ්නට වූයෙත් එකම විටක නිසා , ඇයට ඇගේ කුළුදුල් හාදුවේ වින්ඳනය ලබා ගත නොහැකි වූවා යැයි සිතන්නේ නම් ඔබ වැරදිය.

අද ඉන් වසර ගණනාවකට පසු වුව ද මේ ජීෆ් රථයේ පිටුපස හරස් අසුනේ සිට ඇය එය වින්දනය කරන්නේ එදා මිහිර අදද විඳගනිමිනි.

ගම්බද රූපරාමුව බොඳ වීයමින් නැවතත් ජීෆ් රථයේ පසුපස හරස් ආසනය වෙතට ආවේ කුමන මොහොතක වුව ද ,  ලිලිනාට ඉදිරියෙන් වූ හරස් අසුනේ අසුන් ගෙන සිටින පොලිස් කොස්තාපල් වරයා ලිලිනා දෙස බලා සිටින්නේ මෙවන් අසූරු අවස්ථාවක දී තනියම සිනාසෙන්නයික ඔහු මීට පෙර නොදැක ඇති නිසා වන්නට ඇත.

උගුර පෑදු  ලිලිනා හරිබරි ගැසී පසුපසට වී අසුනේ නැවතත් හිද ගත්තීය.

“ ඔය ඉස්පිරිතාලේ පිච්චිලා ඉන්න හාදයා මට හොදට මතකයි. එයා නේද මීට අවුරුදු දෙකකට විතර කලින් මර්ඩර් කේස් එකකටත් සැක පිට රිමාන්ඩ් කරේ “

පොලිස් කොස්තාපල්වරයා ලිලිනාගේ මුහුන දෙසම බලා සිටින්නට වූයේ , ලක්ෂපති පැනයට පිළිතුරු විමසනා රවින්ද්‍ර රන්දෙනිය මෙන් යැයි
ලිලිනාට සිතුනි.



මී ළඟ කොටසින් .............
මොකක් ද මේ මිනීමැරුම ?
කාවද මැරුවේ ?
ඇයි මැරුවේ ?
බලාපොරොත්තු වන්න


ගින්න , ලියනා
මම
෴ සොඳුරු සිත ෴



තෙවන කොටසට මෙතනින් යන්න....

13 ප්‍රතිචාර:

බස්සා said...

අනිත් කොටසින් මොකද වෙන්නේ කියලා බලමු.....

පොඩි මෑන් said...

අර රූප රාමු මාරු වෙන සීන් එක මරු...

Podi Kumarihami said...

ගින්න 1 මීට වඩා රසවත්. මේ කොටස නම් හදිසියෙන් ලියලා වගේ. තව ටිඅකක් දිගට ලීවොත් හොඳ නැද්ද? :)

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්..........
ඒකත් එහෙමයි....... ලිලීගෙත් මහත්තයා මැරුණා කීවා නේද......

අඩවි රජා said...

අයියෝ.....කියවන්න ලෑස්ති වෙනකොට ඉවරයිනේ.
ඉක්මනටම අනිත් කොටසත් ඕනෑ............

Ravi said...

ලස්සනයි බං....නියමෙටම ලියල තියනව....තිර නාටකයක් වගේ ...ඒත් ඒකෙ අමුතුම ගතියක් තියනව....

/ ක්ෂණයෙන් ඇගේ පිරිපුන් කම්මුලක් සිප ගත් ඔහු ඈතට දිව ගියේ ත් , සිදුවූ දේ ගලපාගන්නටත් කලියෙන් මිදුලේ සෙල්ලම් ගෙයි මහා කාලගෝට්ටියක් දුර දිග ගොස් එකකු බිම පෙරළෙමින් හඬන්නට වූයෙත් , කොහේ දෝ සිට පැමිණි මැදිවියේ ගැහැණියක දෙස් දොවොල් තබ්නට වූයෙත් එකම විටක නිසා , ඇයට ඇගේ කුළුදුල් හාදුවේ වින්ඳනය ලබා ගත නොහැකි වූවා යැයි සිතන්නේ නම් ඔබ වැරදිය. /

මෙන්න මේ කොටස නම් අන්තිම ඉහලයි....දාපං පහක්....හෙහ්, හෙහ්,

දයානන්ද රත්නායක said...

රමේ තිර රචනය හරිම ඉහළ මට්ටමකට ලියැවිලා තියෙනවා. කතාවත් ලස්සනට ගොතනවා. මේවගේ තිර රචනයක තියෙන වැදගත්ම දේ තමයි කැමරාවේ දෘෂ්ඨිකෝණය. ඔබ ලියලා තියෙන්නේ නියම කැමරා දෘෂ්ටිකෝණයකින් ඒ තමයි ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයා දකින්නෙ දැමරාවෙන් කාච ගතවන්දේ.

‍ඒත් මේ කොටස් දෙකම එකතු කළත් මුලු කතාවම වීඩියෝ කර බැලුවොත් උපරිම විනාඩි දෙක හමාරක් හෝ ඊට අඩුයි. ලියන ප්‍රමාණයට වඩා කැමරාව පුළුල් පරාසයක විහිදෙනවා.
උදාහරණයක් විදියට ගුරුලුගෝමීන් ලියූ "අමාවතුර" කෘතිය තමයි ලෝකයේ මාදුටු හොදම තිර රචනය.
එහි එකතැනක නාලාගිරි දමනය මේන්න මේ විදියටයි
" ඈතින් ශාන්ත ගමනින් වඩින බදු රජානෝය.. මැතින් රා බී මත් වූ නාලාගිරි ඇත් රජහුය. ඈතින් මහ මග වඩින බුදු රජානෝය.. මෑතින් දුහුවිලි අවුස්සා වියරුව දිව එන ඇත් රජහුය.....

පුළුවන්නම් හොයාගෙන කියවන්න බෞද්ධ ඉතිහාසයේ ලියැවනු ලොව පැරණිම සිනමා තිර රචනය එයයි. වටිනා පොතක් හොඳ තිර රචනයක්

ඉතුරු ටිකත් බලමු මොකද වෙන්නෙ කියලා.

Sumith Niriella said...

ලස්සන ලියවිල්ල...රයිටින් ඉෆෙක්ට්ස් හොඳට භාවිතා කරලා තියෙනවා.

කතාව අවසන් වනතුරු ඒ ගැන කිසිවක් නොලියමි.

හුටපටයා said...

ඉක්මණටම තව කොටසක් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. කතාවේ ඉතුරු කොටස් කියවන්න ආසයි.

යාළුවා said...

ඉක්මනට ඉතුරු කෑල්ල දාන්නකෝ අක්කේ

මලී said...

දිගටම ලියන්න. හරිම ලස්සනයි.

Anonymous said...

koo anee eelanga kotasa.. kochcharanam balaa hitiyada?

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි සියළු දෙනාටම... සිරිපාදේ යන්න වන්දනා නඩයකට එකතු වුන නිසා , ලියන්න ප්‍රමාද වුනා. ගිහින් ඇවිත් විඩා නිමන ගමන් , කතාවේ තෙවන කොටස ලීවා.

ලියන්න මාව දිරිමත් කරන ඔය සියළු දෙනාටම හෘදයාංගම ස්තූතිය සොඳුරු සිතෙන්...

මෙන්න තෙවෙනි කොටසට පාර.
http://www.sodurusitha.blogspot.com/2012/04/fire_25.html

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...